IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


වරාය සේවකයින් දිගටම වැඩ

( තිළිණි ද සිල්වා )

මෙරට  පරිභෝජන අවශ්‍යතා හා සෞඛ්‍ය ආරක්ෂණ සේවා මෙන්ම අනෙකුත් අත්‍යාවශ්‍ය භාණ්ඩ බාධාවකින් තොරව රටතුළට ගෙන්වීමට හා අඛණ්ඩව  සැපයීමේ ක්‍රියාවලිය පවත්වා ගැනීම සදහා දිගටම සේවයේ නිරත වීමට වරාය සේවකයින් කැමැත්ත පලකළ බව වරාය හා නාවික  කටයුතු මාර්ග හා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඊයේ දින(20) වරාය සේවකයින් හමුවී පැය පහකට අධික කාලයක් තිස්සේ ඔවුන්ගේ සේවා පරිශ්‍ර වෙතට යමින් සේවකයින්ගේ අවශ්‍යතා සොයා බලමින් සිදු කළ සාකච්ඡා වලින් අනතුරුව එම වරාය සේවකයින් කැමැත්ත පළ කර ඇත.

පාරිහෝජන හා අත්‍යාවශ්‍ය සේවා මෙන්ම සෞඛ්‍ය ආරක්ෂණ සේවාවන් සදහා වන භාණ්ඩ රට තුළට බාධාවකින් තොරව ගෙන්වීම හා බෙදාහැරීම සිදු කරන බැවින් ජනතාවට අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මහජනතාවගෙන් ඉල්ල සිටී.

තවද අඛණ්ඩව සේවාවේ නිරත වනවානම් සේවකයින්ගේ සුරක්ෂිභාවය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙසටත්,සෞඛ්‍ය ආරක්ෂිතව සේවා පරිශ්‍රයන් පවත්වාගෙන යාමටත් ,ආරක්ෂිතව  ප්‍රවාහන පහසුකම් ලබා දීමට කටයුතු කරන ලෙසටත් අමාත්‍යවරයා අමාත්‍යාංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතාට සහ වරාය අධිකාරියේ සභාපති ජනරාල් දයා රත්නායක මහතාට උපදෙස්  ලබා දී ඇත.

සේවයට පැමිනෙණ සේවකයින්ට පෞද්ගලික වාහන වලින් වරාය දොරටු තුලින් ඇතුළුවීමට අවසර ලබා දී ඇති අතර ජාතික හැදුනුම්පත හා ආයතනික හැදුනුම්පත පෙන්වා වරායට ඇතුළු විය  හැක.

එමෙන්ම ආයතනික හැදුනුම්පත ඇදිරිනීතිය බලපත්‍රයක් ලෙස භවිතා කළ හැකි බවද අමාත්‍යවරයා කියා සිටී.

වරාය සේවකයින්ගේ වැඩට පැමිණීමේ පහසුව සදහා ප්‍රධාන පිවිසුම් මාර්ග 07ක බස් රථ යොදවා ඇත.

ඒ අනුව නුවර පාර- කෑගල්ල දක්වා, ගාලු පාර- අලුත්ගම දක්වා , හයිලෙවල් පාර -මීපේ හන්දිය දක්වා , මිනුවන්ගොඩ පාර -දිවුලපිටිය දක්වා ජාඇල හරහා, හොරණ පාර-හොරණ දක්වා, පරණ පාර හංවැල්ල අවිස්සාවේල්ල දක්වා ,කැලණි විහාර පාර කිරිදිවැල දක්වා මෙම බස් රථ සේවා රජය විසින් සපයා ඇත.



අදහස් (2)

වරාය සේවකයින් දිගටම වැඩ

ජොනී Saturday, 21 March 2020 12:17 PM

කුඩු, එතනෝල් වලටත් ප්‍රස්නයක් නැහැ.

:       0       0

siri Saturday, 21 March 2020 12:24 PM

මේ අස්සේ අර කන්ටේනර් ටික පන්නා ගන්නත් එපායැ ඉතින්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31357 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13572 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 968 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site