
(අංජුල මහික වීරරත්න)
කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ කොළඹ වරාය නගරය විශේෂ ආර්ථික කලාපයක් ලෙස පිහිටුවා ඇත.
එම කලාපය ගෝලීය වශයෙන් තරගකාරී විශේෂ ආර්ථික කලාපයක් බවට පත් කිරීම, සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සහ සමස්තයක් වශයෙන් ව්‍යාපාර කිරීමේ පහසුව පිණිස ශ්‍රේණිගත කිරීම සහ ශ්‍රී ලංකාව ගෝලීය මට්ටමින් ශක්තිමත් කිරීම යන එම පනතේ අරමුණු ළඟා කර ගැනීමට අවශ්‍ය නෛතික සංශෝධන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව විසින් හඳුනාගනු ලැබ තිබේ.
ඒ අනුව, අදාළ පනත සංශෝධනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය 2024-07-29 දින ලබා දී තිබු අතර, තවදුරටත් සිදු කළ යුතු නව සංශෝධන කිහිපයක් මේ වන විට හඳුනාගනු ලැබ ඇත. තවද, වරාය නගරයේ ආයෝජකයන් වෙත ඉතා වැදගත් දිරි ගැන්වීම සහ නිදහස් කිරීම ප්‍රදානය කරන ලද ක්‍රමෝපායික වැදගත්කමක් තිබූ ව්‍යාපාර නියෝග 2025-08-04 දින සිට අහෝසි වී ඇති බැවින්, එම ආයෝජකයන්ගේ ගැටලු වලට ද සෘජුවම විසඳුම් ලබා දීමට යෝජිත නව විධි විධාන මඟින් අපේක්ෂා කෙරේ.
ඒ අනුව, අලුතින් හඳුනාගනු ලැබ ඇති සංශෝධන ද ඇතුළත් කරමින්, 2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 16
59
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
853
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
612
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වරාය නගර පනත සංශෝධනය වෙයි
nimal Tuesday, 14 October 2025 07:49 PM
කොළඹ වරාය නගරය නොව, Colombo financial city....