IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වරාය නගරය ලබන 26 ලෝකයට හඳුන්වා දෙයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

කොළඹ වරාය නගරය ඩුබායි රාජ්‍යයේ  දී සහ අබුඩාබි හිදී ලබන 26 වැනිදා නිල වශයෙන් ආයෝජකයන් සඳහා හඳුන්වා දෙන බව( Launch) ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

හිටපු බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මහතා ද එම උත්සවයට සහභාගී වෙන බව කී අමුණුගම මහතා වරාය නගරයේ ආයෝජනය කරන්නට දැනටමත් ආයෝජකයන් 17 දෙනකු ඉදිරිපත් වී ඇති බව සඳහන් කළේය.

එහිදී කොළඹ වරාය නගරයේ නම colombo financial city (කොළඹ මූල්‍ය නගරය)යනුවෙන්  වෙනස් කිරීමට ඉඩ තිබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

කොළඹ වරාය නගරය ආශ්‍රිත රෙගුලාසි සම්මත කිරීමේ පාර්ලිමේන්තු විවාදයට සහභාගී වෙමින් දිලුම් අමුණුගම මහතා මේ බව කීය.

නව රෙගුලාසි සම්මත කළ පසුව වරාය නගර ව්‍යාපෘතියේ විශාල වෙනසක් වනු ඇති බවත් ආයෝජකයන්ට  වැඩ කටයුතු ආරම්භ කරන්නට හැකියාව ලැබෙන බවත් රාජ්‍ය  අමාත්‍යවරයා සඳහන් කළේය.



අදහස් (8)

වරාය නගරය ලබන 26 ලෝකයට හඳුන්වා දෙයි

Indika Tuesday, 19 September 2023 01:04 PM

හොඳ වැඩක්

:       1       20

R Sugathadasa Tuesday, 19 September 2023 01:05 PM

නගරය කෘත්‍රිම බුද්ධිය ඉහළින්ම පවතින කාර්මික මධ්‍යස්ථානයක් බවට පත් කරන්න. ඉන්දියාව එක්සත් ජනපදයට සහ චීනයට පසු ලෝකයේ තුන්වන විශාලතම ආර්ථිකය වනු ඇතැයි ඉතා නුදුරු අනාගතයේ දී අපේක්ෂා කරන බැවින්, සියලුම ඉන්දියානු ප්‍රාන්තවලට මෙම AI මධ්‍යස්ථානය සියලු ආර්ථික ක්‍රියාකාරකම් සඳහා භාවිතා කළ හැකිය.

:       2       22

බද්රානිTuesday, 19 September 2023 06:49 PM

R Sugathadasa, මහත්තයා හොඳට දවල් හීන දකින කෙනෙක් වගෙයි කතාවෙන් පේන්නේ... AI වැනි ලොකු වචන භාවිතා කලාම අපේ රටේ පල් මෝඩයින් නිකම්ම චුං වෙනවා... AI භාවිතය තුලින් සිදුවන, මානව ක්‍රියාකාරිත්වයට හා රැකියාවල් වලට වදින පහර ගැන එහෙම තවම ඉගෙන ගෙන නැතිව ඇති...අනික මේ භුමිය තුල ඉන්දියානුවන්ට බඩ පිනුම් ගහන්න දෙන්න තරම් චීන්නු මෝඩ නැහැ... චීන බල අධිකාරිය මගින් පාලනය වන මේ මුල්‍ය නගරය චීන්නු විසින් පාලනය කරන තවත් හොංකොන් නගරයක් බව නම් කිව හැකියි... කටුනායක ගුවන් තොටුපොළට පින්සිදු වන්නට දැනට ලංකා භුමිය තුලින් ප්‍රවේශ මාර්ගය වැටී තිබෙනවා. මම නම් කියන්නේ නුදුරු අනාගතයේදී ඔය භුමිය තුල ගුවන් තොටුපොළක් ඉදි නොවුනොත් තමයි අපි පුදුම විය යුත්තේ... මෝඩ සිංහලයා අනුන්ගේ දේවල් දැකලා පුදුම විදිහට සතුටු වෙන ජාතියක්නේ.. ඒ මදිවට ලොකුකමුත් කියනවා....

:       0       1

බද්රානි Tuesday, 19 September 2023 01:30 PM

කොහොමත් ඉතින් "කොළඹ වරාය නගරය" කියල නම දැම්මේ මේ රටේ මෝඩයින්ව චූන් කරන්න දාපු නමනේ... ඔය නම වෙනස් උනාට පස්සේ අපේ රටේ ගොබ්බයින්ට ඔතනට ගිහින් බඩ පිනුම් ගහන්න ලැබෙන එකක් නම් නැහැ. "මුල්‍ය නගරයට" (චී ලංකා රට) යද්දී, ඩොලර් කොළ ටිකක්, යූරෝ, එහෙම නැත්නම්, යුවාන් හෝ ඉන්දියන් රුපියල් ටිකක් සාක්කුවේ දාගෙන ගියොත් නම් අඩුතරමේ වතුර බෝතලයක් හෝ මිලට ගන්න පුළුවන් වෙයි...කාටද ආඩම්බර...? ඔය කල ආයෝජනය මේ රට ඇතුලත සිද්ධ උනා නම්, අපේ අයියලාට අඩුතරමේ අතේ තියන රුපියල් ටිකක් දීල ආප්පයක් කාල ප්ලේන්ටියක් වත් බීලා ගෙදර එන්න තිබුනා...?

:       17       10

Prase Tuesday, 19 September 2023 04:01 PM

මේකට ගැලපෙන්නේ , NEW CITY COLOMBO

:       0       0

chandima Wednesday, 20 September 2023 05:52 AM

හදුන්ව දෙන්න යන්නෙ රෙගුලාසි සම්මත කරන්නෙ නැතුවද. හරියට කෙල්ලගෙ මුන පෙන්නන්නෙ නැතුව මනමාලයො හොයනව වගේ නෙ. රෙගුලාසි නොදැන ආයෝජනේට එන්නෙ මොන ගොනාද?

:       1       0

Perera Wednesday, 20 September 2023 08:29 AM

කොළඹ වෙළෙඳ නගරය බංකොළොත් වෙලා...

:       0       0

Nimal Wednesday, 20 September 2023 10:56 AM

කවුරු මොනවා කිව්වත්, බය හිතෙනවා. හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපළ, නෙළුම් කුළුණ... ඊළඟට හදන්නේ වරාය නගරය...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 284 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site