
(අංජුල මහික වීරරත්න)
කොළඹ වරාය නගරයේ ජාත්‍යන්තරව පිළිගත් විශ්වවිද්‍යාලයක්, පාසලක් සහ රෝහලක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති වලට ඉඩම් බදු දීම සඳහා වන යෝජිත රාමුව සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ 6(1)(ඇ) වගන්තිය මඟින් කොළඹ වරාය නගරය බල ප්‍රදේශය තුළ පිහිටි සහ කොමිෂන් සභාවට පවරා ඇති රජයේ අලෙවි කළ හැකි ඉඩම් බදු දීමට කොමිෂන් සභාව වෙත බලය ලබා දී ඇතැයි රජය පවසයි.
ඒ අනුව අදාල ව්‍යාපෘති සඳහා ආයෝජකයින් තෝරා ගැනීම පිණිස කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව විසින් යෝජනා කැඳවා ඇත. ආසන්න වශයෙන් රෝහල සඳහා ඩොලර් මිලියන 100ක් ද, පාසල සඳහා ඩොලර් මිලියන 25ක් ද සහ විශ්ව විද්‍යාලය සඳහා ඩොලර් මිලියන 25 ක්ද ආයෝජනය කිරීම සඳහා වන යෝජනාවක් ආසිරි වරාය නගරය රෝහල (පෞද්ගලික) සමාගම සහ ගේට්වේ ජාත්‍යන්තර විශ්ව විද්‍යාල (පෞද්ගලික) සමාගම විසින් ඉදිරිපත් කර ඇත.
ඒ අනුව, කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනතේ 6(1) (ඇ) වගන්තියෙහි විධිවිධාන පරිදි රෝහල, පාසල සහ විශ්ව විද්‍යාලය සඳහා ඉඩම් කොටස් බදු දීම සඳහා වන ගිවිසුම් වලට එළඹීම පිණිස ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 18
613
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1096
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වරාය නගරයට පාසලක් - රෝහලක් - සරසවියක්