IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


වරායේ අල ටෙන්ඩර් මගඩියකින් රජයට කෝටියක් පාඩු කරලා

(යොහාන් භාසුර)

චීනයෙන් ආනයනය කර නිදහස් කර නොගත් කන්ටේනර් හතරක ගබඩාකර තිබූ අල (අර්තාපල්) කිලෝ ලක්‍ෂයක (මෙට්‍රාක්ටොන් 100 ක්) පමණ තොගයක් අඩු ලංසුවකට අළෙවි කර රජයට රුපියල් කෝටියකට ආසන්න පාඩුවක් කර ඇති බව වරාය අධිකාරී ආරංචි මාර්ග සඳහන් කරයි.  

වරාය මෙම අල තොගය පසුගිය 1 වැනිදා අළෙවි කර ඇති බවත් මෙම ටෙන්ඩරයේදී අතරමැදි ගැණුම්කරුවෙක් කිලෝවක් රුපියල් 120 ක් වැනි අඩු ලංසුවක් ඉදිරිපත් කර ටෙන්ඩර් මණ්ඩලය ද එම මුදලට එකඟ කරවා ගනිමින් වරාය තක්සේරුවටත් වඩා අඩු මිලකට ගෙන ඇති බවත් වරාය අධිකාරියේ ඇතැම් නිලධාරීහූ පවසති. 

මෙහිදී අල කන්ටේනර් දෙකක් දඹුල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් ද අනෙක් කන්ටේනර් දෙක නමගිය තවත් ව්‍යාපාරිකයෙක් ද මිලදී ගෙන දෙවැනි අළෙවියේදී විශාල ලාභයක් සමඟ අළෙවි කර ඇති බවත් මෙම සතියේ මෙරට සාමාන්‍ය වෙළෙඳපොලේ අල කිලෝවක සිල්ලර මිල රුපියල් 300 ත් 390 ත් අතර මිලක පැවැති බවත් ඔවුහු කියති.  

කොළඹ කොටුව තොග වෙලෙඳපොලේ චීන අල කිලෝවක තොග මිල රුපියල් 220 ත් 240 අතර මිල පවතින බවත් ඒ අනුව මෙම ටෙන්ඩර්යෙන් අල තොගය අඩු මිලකට අළෙවි කිරීමෙන් රජයට දැවැන්ත පාඩුවත් වූ බවත් වරාය ආරංචි මාර්ග සඳහන් කරයි.   
චීනයෙන් ආනයනය කරන අල දේශීය අලවලට බොහෙවින් සමාන වීම නිසා එම අල දේශීය අළ යැයි පවසමින් බොහෝ වෙළෙදුන් අළෙවි කරන අතර දේශීය අල කිලෝවක මිල රුපියල් 370 ත් 390 ත් අතර පවතී.  

මෙම අල තොග සතොස හෝ රජයේ වෙනත් ආයතනයක් හරහා අළෙවි කළේ නම් රජයට ලාභයක් සහ ජනතාවට සහනයක් දීමේ අවස්ථාව තිබූ බවත් මෙම දූෂිත ක්‍රියාව සඳහා ටෙන්ඩර් මණ්ඩලයේ ප්‍රබල සාමාජිකයෙක් සෘජුවම බලපෑම් කළ බවත් ආරංචි මාර්ග සඳහන් කරයි. 

මෙම අල ටෙන්ඩරය පිළිබඳව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති අද්මිරාල් එස්. එස්. රණසිංහ මහතාගෙන් කළ විමසුමකදී පැවසුවේ මෙවැනි ටෙන්ඩර්වලදී අදාල භාණ්ඩයට මිල නියම කිරීම ශ්‍රී ලංකා රේගුව කරන බවත් එම මිලට වඩා අඩු මිලකට අළෙවි කිරීමට වරාය අධිකාරියට නොහැකි බවත්ය. 

රේගු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සීවලි අරුග්ගොඩ මහතාගෙන් කළ විමසුමේදී පැවසුවේ නිදහස් කර නොගත් කන්ටේනර්වල ඇති ආහාර ආනයක කර අවම වශයෙන් මාසයක කාලයක්වත් ගතවී තිබීම නිසා සාමාන්‍ය වෙළෙඳපොලේ මිලට අළෙවි කළ නොහැකි බවත් ඒ හේතුවෙන් අනිවාර්යෙන් සාමාන්‍ය වෙලෙඳපොලට වඩා අඩු මිලක් නියම කරන බවත්ය.  



අදහස් (3)

වරායේ අල ටෙන්ඩර් මගඩියකින් රජයට කෝටියක් පාඩු කරලා

Samantha Wednesday, 08 January 2025 11:00 AM

ඔය අහුවෙන්නෙ හොරු

:       0       24

Channa Wednesday, 08 January 2025 11:29 AM

අනවබෝදයෙන් හැමෝටම හොරු කියන්නේ මෙහෙම තමා.

:       2       10

vernon Wednesday, 08 January 2025 12:08 PM

ඉතින් ආනයනය කරලා බාලා මාසයක් ගිහිල්ලා නම් ඒ අල බාගෙට පැල වෙලත් ඇති. මෙතන තක්සේරු මිලට අඩුවෙන් කිව්වට කීයද තක්සේරු මිල?

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 563 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1081 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site