IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


වාරියපොළ ඕඅයිසීටත් වැඩ වරදී?

වාරියපොළ පොලිස් ස්ථානාධිපති රාජකාරි වේලාවේ බීමතින් සිටි බවට ලද තොරතුරක් අනුව එහි ගිය කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ උසස් නිලධාරීන් දෙදෙනකු පරීක්ෂණයක් අරඹා ඇතැයි පොලිසිය කියයි.

කුරුණෑගල රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් ඔහු එම අවස්ථාවේ බීමතින් සිට ඇති බවට සනාථවී ඇතැයි ද වාරියපොළ පොලිස් ස්ථානාධිපතිට එරෙහිව අද විනය ක්‍රියාමාර්ගයක් ගන්නා බවද වාර්තාවේ.

ඔහුගේ තනතුරේ රාජකාරී ආවරණය සඳහා වෙනත් නිලධාරියකු යොමු කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.



අදහස් (0)

වාරියපොළ ඕඅයිසීටත් වැඩ වරදී?

ප්‍රදිප් Tuesday, 19 January 2016 05:09 AM

ඕක අද ගොඩක් පොලිසිවල සුලබව දකින්න තියෙන දෙයක්නේ. හදිසි සෝදිසිකිරීම් කරනවා නම් ගොඩක් අය අල්ලගන්න පුළුවන්. එත් කාටද ඒවාට වුවමනාවක් තියෙන්නේ? (ම)

:       0       0

මහින්ද සෞදි Tuesday, 19 January 2016 05:15 AM

මාළුවා නහින්නේ කට හින්දලු'.රාජකාරි වෙලාවේ අයුතු ජනරාසියකටවත් සහභාගි වෙලාවත්ද? (ම)

:       0       0

අරවින්ද Tuesday, 19 January 2016 08:36 AM

ඇසල, පොලිස් නිලධාරියෙක් කියන්නේ අපි වගේ සාමාන්‍ය මනුස්සයෙක් නෙවෙයි. එහෙමනම් අපිත් පොලිස් නිලධාරීන්ද? අනිත් එක පොලිස් නිලධාරීන් පැය 24 ම වැඩ කරන්නේ නෑ. ඒ ගොල්ලන්ටත් තියනවා සේවා මුර ක්‍රමයක්. ඒ සේවා මුර කාලය තුල බීල පිස්සු නටන්න බෑ. අපේ රටේ බහුතරයක් පොලිසි වල මේ ප්‍රශ්නේ තියනවා. මේ ක්‍රමේ වෙනස්කරන්න නම් උගත් සහ විනය ගරුක මිනිස්සු ඉන්න පොලිසියක් හදන්න ඕනි. එකට ඉතින් අපේ රටේ දේශපාලකයෝ කැමතිවෙන එකක් නෑ. නමුත් මහජන විරෝධයට පුළුවන් යමක් කරන්න. (ර)

:       0       0

ධම්මි Tuesday, 19 January 2016 09:54 AM

ඇසළ නම් නියම බේබද්දෙක් වගෙයි ඉන්නේ පොලිසියේද (බ)

:       0       0

කරුණාරත්න Tuesday, 19 January 2016 05:18 AM

අනේ මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

නිල්මිණි Tuesday, 19 January 2016 10:10 AM

ඇසල බොන්න අයිතියක් තියෙන නිසා වෙන්න ඇති බෝතල් ඉල්ලා මිනිස්සු මරනවා කියල කතාවක් යන්නේ.(ම)

:       0       0

අතුල Tuesday, 19 January 2016 05:30 AM

බීමත්කමින් කොහොමද මෙයාලා රාජකාරි කරන්නේ? (නි)

:       0       0

ඇසළ Tuesday, 19 January 2016 06:53 AM

පොලිස් නිලධාරියෙක් දවසේ පැය 24 ම රාජකාරි හැටියට තමයි සලකන්නේ. අපිට වගේ පොලිස් නිලධාරීන්ට ඇතිකළ දීමනා නැහැ වැඩි පුර රාජකාරි කරාට. ආණ්ඩුවෙන් පෙරනවානම්, ස්කාගාර අයිති ඇමැති වරුන්ටනම් ඒ මිනිසුන්ටත් අයිතියක් තියනවා බොන්න. එකට විවේක වෙලාවක් හරි ගස්සල දෙන එක විතරයි තියෙන්නේ. පොලිස් නිලධාරීන් කියන්නෙත් අපි වගේ මිනිස්සු. සම හරක් හිතාගෙන ඉන්නේ අමුතුම සත්තු ජාතියක් කියල ඉතා සුළු පිරිසක් කරන වැරදි නිසා. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 577 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site