IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


වෛරයෙන් තොර සිත සුවදායකයි

සිද්ධාර්ථ නම් වූ අප මහා බෝසතාණෝ කල්පගණනාවක් ඉපදී ලබාගත් අද්දැකීම් තමන් විසින්ම මේ සියලු දේ ගුරු උපදෙසක් නොමැතිව අවබෝධකරගත් නිසා සම්මා සම්බුදු වරයෙක් වූ සේක. අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවබෝධකරගත් ශ‍්‍රී සද්ධර්මය සියලු සත්ත්වයින් හට ඇවිලීමට නොව නිවී සැනසීමටය. ඇවිලීම විනාශයටත් නිවීම යහපත් පැවැත්මටත් හේතු වන බව උදාහරණ සහිතව දේශණා කර ඇත. ‘‘යකඩය නැතිවන්නේ යකඩයෙන්ම ඇතිවන මලකඩ හේතුවෙන් වගේම ගිනිගත් අයහපත් අමානුෂික සිතක් ඇති සත්වයා නැතිවන්නේද ඒ සිත නිසාමය.’’ උසස් මනසක් ඇතිව උපදින මිනිසත්වයා විනාශවීමට ප‍්‍රධාන වන කරුණු වශයෙන් තන්හාව වෛරය අනවබෝධය හෙවත් මෝහය බව අප බුදුරජාණන්වහන්සේ අනුශාසනා, අවවාද වශයෙන් දෙවි මිනිසුන් සියල්ලටම මහත් වූ කරුණාවෙන් පෙන්වා දී ඇත.

මා මීට පෙර ලිපියේ ඉදිරිපත්කලේ මෛත‍්‍රී කරුණා ගුණය පිලිබදවයි. මෙවර මා පැහැදිලිකිරීමට උත්සහගන්නේ මෛත‍්‍රී කරුණා ගුණයේ විරුද්ධ පැත්තයි. එයනම් තුන්ලොවම විනාශවන වෛර සිත පිළිබඳවයි. ගින්දර නිවීමට ජලය උපකාරී වනවාසේම මෛත‍්‍රී කරුණා ගුණය නැතිවීමට වෛරය හේතුවනවාමය. උසස් මනසක් ඇති දුර්ලභ මිනිසත්භවයක් ලැබුවේ වෛරක්කාරී සිතක් ඇතිව ජීවත් වීමටද, තෝද්‍යෙ බමුණාගේ පුත‍්‍රයාවන ‘‘සුභ’’ නම් මානවකයාට අප බුදුරජාණන් වහන්සේ දේශනා කලේ මිනිසුන් විසින් කරනු ලබන අකුසල කර්මවල වෛරය නිසා විදීමට සිදුවන විපාකය නම් උතුමන් ලා විසින් කරුණා පෙර දැරිව දෙනු ලබන අවවාද අනුශාසනා නොපිලිගෙන අධික කෝපයට පත්වී ක්‍රෝධයෙන් වෛරයෙන් කටයුතු කරයි නම් හෙතෙම මරණින් මතු අපායේ ඉපිද දුක් විදියි. මිනිස් ආත්මයක් ලැබුවත් දුටුවන් පිලිකුල් කරන විරූපී රූපයක් හා අමානුෂික ගතිපැවතුම් ඇතිව ඉපදෙන බව සුභ මානවකයාට තේරුම් කරදී ඇත. සමහර විට විරූපී නොවුනත් ආත්මාර්ථකාමී වංචනික අමානුෂික ගති පැවැතුම් ඇතිව උපදින්නේ පෙරකල අකුසල කර්ම වල විපාකයයි. බුදු කෙනෙකුවීමට දෙවියෙකු බ‍්‍රහ්මයෙකු වීමට හැකිමේ මිනිස් භවය විනාශවන්නේ අකමැත්ත තරහ ක්‍රෝධය බවට හැරුණ වෛරය නිසානම් අපකල යුත්තේ කුමක්ද? ප‍්‍රථමයෙන් වෛරය හඳුනාගත යුතුය. එය හටගන්නා ආකාරය දැනගත යුතුය. පසුව වෛරය නැතිකරගන්නා ක‍්‍රමය දැනගත යුතුය.

 ඕනෑම ක‍්‍රියාවලියක් සිදුවන්නේ සිත මුල්කරගෙන බව බෞද්ධයන් වන අප දන්නා කරුණක්ය. ආශාවට මුල්වන හේතුව කැමැත්ත නිසා වගේම, වෛරයට හේතුවන්නේ අකමැත්තයි. පංච කාම සම්පත්තියට ආශාකරන  ඕනෑම පුද්ගලයෙක් කැමති වන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය, සිත මුල්කරගෙන පිනවීමටයි. ආදරයෙන්, ධනයෙන්, බලයෙන්, වස්තුවෙන් ප‍්‍රමාණයක් නොමැතිව වි`දීම බලාපොරොත්තුවයි. උදාහරණ වශයෙන් ධර්මද්වීපයක් වූ ශ‍්‍රී ලංකාව බල ලෝභීකම නිසා ධනලෝභී කම නිසා වස්තුලෝභී කම නිසා බෞද්ධාගමත් බෞද්ධකමත්, බෞද්ධසිද්ධස්ථානත් විනාශ කරමින් උත්සහගත්තේ තමන්ගේ කැමැත්ත ආශාව ඉටුකර ගැනීමට නොවේද ? මේ ආශාවන් ඉටුකරගැනීමට බැරිවුවහොත් සිතෙහි ඇතිවන්නේ අකමැත්ත නොවේද ? තමන් කැමති දෙයක් නොලැබීම දුකකට හේතුවක් බව අද සනාථ වී ඇත. කැමති දේ නොලැබීම නිසා තරහ ක්‍රෝධය වෛරය බවට පත්වී ඇත. මෙතනින් මෙය නවතීද ? ප‍්‍රතිවාදියා මරා හෝ තමන්ගේ කැමැත්ත ඉටුකරගන්න උත්සහ ගැනීමට මුල්වන්නේ වෛර සිත නොවේද ? වෛරය ඇති වූ සිතට තමන්ට සිදුවන විනාශයත් තමන් නිසා අනුනට සිදුවන විනාශයත් දැනෙන්නේ නිවැරදි නිර්භීත ක‍්‍රියාවන් ලෙසය. මෙය මෝකඩමේ ප‍්‍රතිඵලයක්ය. වෛරකාරී සිතුවිලි ක‍්‍රියාවේ යෙදවීමට ප‍්‍රථම ඒ සිතුවිලි සිතීමෙන්ම තමන්ව සියල්ලන්ටම කලින් විනාශවන බව දන්නවාද අකමැති සිතුවිල්ලක් සිතට දැනුන විටත් එය සිතීමෙන් තරහ ක්‍රෝධය බවට පරිවර්තනය වන විටත් අවසානයේ වෛරය හට ගන්නා අවස්ථාවට පැමිණීම සීතල වතුර හැලියක් ලිපතබා රත්වන්නාසේය. මූඩියක් තදකර වසා තිබුනේනම් හුමාලය යාමට තැනක් නොමැතිව පිපිරීමටද ඉඩ ඇත. එනිසා අවට සිටින අයටද උණුවතුර විසිවී පිලිස්සීමට සිදුවනු ඇත. වෛරක්කාරී සිතෙහි ස්වභාවය එයයි. අකමැත්තක් තරහක් වෛරයක් සිතට ආවිට එය ගත වෙනස්වීමෙන් හදුනා ගත හැකිය. ‘‘උගෙ මූණ යකෙක්ගෙ වගේ’’ කියලා කියවෙන අවස්ථා ඇත. සිතෙහි පිලිඹුබුව ගතෙන් එලිවන වා කියන්නේ එම නිසාය. මෙය සිදුවන්නේ සිතුවිල්ලත් සමග ලේ ධාතුව වෙනස් වීමයි. ලේ ධාතුව අපිරිසිදු අමානුෂික සිතුවිල්ලකින් කිලිටිවන විට ලේ ධාතුව නිසා ක‍්‍රියාකරන ස්නායු පද්ධතිය විකෘති වනවාය. ස්නායු පද්ධතියේ විකෘතිභාවය නිසා ක‍්‍රියාවලිය අයහපත් අමානුෂික එකක් වීම ස්වභාවයෙන් සිදුවන දෙයක්ය. අයහපත් අමානුෂික වෛරක්කාරී සිතුවිල්ලේ ප‍්‍රතිඵලය වටිනා මිනිස්භවය දුගතිගාමී වීමයි.

වටිනා ජීවිතයක් ලැබූ මිනිසුනේ වෛරය හටගන්නේ තන්හාව නිසයි. වෛරයත් තන්හාවත් එකම පවුලේ උදවියයි. ඒ පවුලේ ගෘහමූලිකයා මෝහයයි. (මෝඩකමයි, අනවබෝධයයි) මේ එකම පවුලේ තුන්දෙනා කරන්නේ අපව සසර දුකට ඇද දැමීමයි. එසේනම් මේ දුකෙන් වෛරයෙන් මිදීමට නම් අප කල යුත්තේ මෛත‍්‍රී සිතක් උපදවාගැනීමයි. මෙයට අවශ්‍යවන්නේ හොද සිහියෙන් පිහිටුවාගත් අවබෝධයයි. මෙසේ සිතන්න මට වෛරයක් තරහක් ඇතිවුනේ මා නිසාද ? වෛරයට හේතුව සොයන්න. මෙසේ සිතනවිට ඔබට දැනේවී වෙනකුගේ ක‍්‍රියාවක් නිසා ඔබට තරහ ගියබව, එසේනම් මා ළඟ නොමැති අනුන් ළඟ ඇති අයහපත් අමානුෂික ක‍්‍රියාවක් මාගේ ක‍්‍රියාවක් කරගත් නිසා තමන්ට සිදුවන අයහපත සිතන්න. වෛරය අකමැත්තේදීම විමසා බලන්න. යුගදිවියක් ගත කිරීමේදී දෙදෙනාටම එක හා සමාන අදහස් පිිහිටන්නේ නැත. එක කුස උපන්නත් අදහස් දෙකක් වීමට පුළුවන. පෙර භවයේ කරන ලද කුසල් අකුසල් වල විපාක වශයෙන් යහපත් අයහපත් අදහස් ඇතිව ඉපදෙන බව සිතන්න. සිතීමට හැකිකෙනා අනෙකාගේ අදහස් තේරුම් ගැණීමට උත්සාහ ගන්න. පසුව තේරුම් කර දෙන්න. තේරුම් ගන්නේ නැතිනම් ඒ පව බව ඔබ තේරුම් ගන්න, ගැටීමට නොයන්න. ගැටීම විනාශයයි. කෙනෙකු ගෙනා පවට සම්මාදන් වී ඔබද පව්කාරයෙක් නොවන්න ඔහුට හෝ ඇයට අනුකම්පාවෙන් මෛත‍්‍රිය කරන්න. අනවබෝධයෙන් කටයුතු කරන පුද්ගලයා ගැන සිතීමට හැකිනම් අකමැත්තෙන් වෙන්විය හැක. අකමැත්ත තරහ ක්‍රෝධය වෛරයට හැරී විනාශවන්නේ තමුන්වම බව සිතන්න. කරුණාව අනුකම්පාව දයාව නැමැති පවුලේ ගෘහ මූලිකයා මෛත‍්‍රියයි. දුර්ලභ මිනිස් ආත්මයක් ලැබූ මේ භවය සාර්ථක කරගැනීමේ යහපත් මාර්ගය නම් සම්මා සම්බුදු රජානන් වහන්සේ කියා දුන් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. මේ ආර්ය මාර්ගය අවබෝධ කර ගැනීම යනු චතුරාර්ය්‍ය සත්‍ය අවබෝධ කරගැනීමට හේතුවයි. එය නම් නිර්වාන මාර්ගයට පිවිසීමයි. සියලු සත්වයෝ තරහා නැත්තෝ වී වෛර නැත්තෝ වී සුවසේ ජීවත් වී ශාන්ත සුවය නම් නිවනට පැමිණෙත්වා.

තෙරුවන් සරණයි !

සෝමතිලක හෙට්ටිආරච්චි   (ධම්ම ගවේෂී පදනම)

071 2385967  

web



අදහස් (0)

වෛරයෙන් තොර සිත සුවදායකයි

එරංග Wednesday, 01 July 2015 10:29 AM

කුමාර්, එහෙනම් කොහොම කළොත්ද ලංකාවේ පවුකාර සෙනඟ යහමඟ යවන්න පුළුවන්?? (නි)

:       0       0

අරුණ Wednesday, 01 July 2015 10:41 AM

කුමාර් ළඟ වෙන විකල්පයක් තියෙනවනම් කියන්න, පව් කාරයන් තමා ධර්මයෙන් වැඩිපුර පිහිට සෙවිය යුත්තේ..(බ)

:       0       0

සිංහ Wednesday, 01 July 2015 04:35 AM

තෙරුවන් සරණයි! දහම් සුවඳින් සියළු සත්ත්වයෝ නිවී සැනසෙත්වා! (නි)

:       0       0

සිල්වා Wednesday, 01 July 2015 07:53 AM

කාලයට ඔබින දේසනාවක් මිනිසා සියලු වැරදි වලට එළබෙන්නේ ජීවිතයේ යථාර්තය තේරුම්නොගැනීම නිසාය. (ර)

:       0       0

කුමාර් Wednesday, 01 July 2015 04:45 AM

කොහොමද මේවායින් ලංකාවේ පව්කාර සෙනග යහ මග යවන්නේ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 99 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 145 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site