(අංජුල මහික වීරරත්න)
වරප්‍රසාද ලත් පිරිසක් විසින් ඔවුන්ගේ වරප්‍රසාදයක් බවට පත් කරගෙන සිටි ජනාධිපති අරමුදල වත්මන් රජය යටතේ සීයට සීයක් ජනතාව වෙනුවෙන් භාවිත වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
2023 සහ 2024 අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ ප්‍රතිඵල මත දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි එක් එක් විෂය ධාරාව යටතේ විශිෂ්ට දක්ෂතා දැක් වූ සිසු දරු දැරියන් ඇගයීමට ජනාධිපති අරමුදල විසින් ගනු ලැබූ තීරණයට අනුව, විශිෂ්ට දක්ෂතා දැක්වූ දරු දැරියන් ඇගයීමේ මධ්‍යම පළාත් වැඩසටහනට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව කීවාය.
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මෙම වැඩසටහන පැවැත්විණි.
"ජාතික අරමුදල පිළිබඳ කතා කරද්දී අපට ගොඩක් අහන්න ලැබෙන්නේ ජනාධිපති අරමුදල අවභාවිත වූ ආකාරය ගැනයි. වරප්‍රසාද ලැබුණු පිරිසක් විසින්ම තමන්ගේ වරප්‍රසාද වගේම ප්‍රතිලාභ වැඩි කරගන්න මේ අරමුදල අවභාවිත කරලා තියෙනවා.
ඒ වගේම මානව සම්පත දියුණු කිරීමේ රජයේ ප්‍රමුඛ කාර්යයක් විදිහට රජය හඳුනා ගෙන තියෙනවා. ඒ අරමුණ ඇතිව අපි අධ්‍යාපනයට ආයෝජනය සිදු කරනවා. ඒ ආයෝජනය මුදල් අතින් පමණක් නෙවෙයි අනෙක් සියලු අංශවලින් ද සිදු කරනවා යනුවෙන් ද අග්‍රාමාත්‍යවරිය කීවාය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
වරප්‍රසාද ලැබූ අය අල්ලාගෙන සිටි ජනපති අරමුදල දැන් ජනතාවගේ