(යොහාන් භාසුර)
චීනයේදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 400X4 මිශ්‍ර සහය දිවීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාව අද (2) පස්වරුවේ දිනාගත් රිදී පදක්කම නීති විරෝධී ධාවනය හේතුවෛන් අහිමිකිරීමට ආසියානු ක්‍රීඩා උළෙලේ තාක්‍ෂණික කමිටුව තීරණය කළේය.
එම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙක් මංතීරු නීති උල්ලංඝණය කරමින් ධාවනය යොදුණු බවට තාක්‍ෂණික කමිටුව සඳහන් කරයි.
එම පදක්කම හිමිවූයේ නම් 2006 වසරෙන් පසුව ශ්‍රී ලංකාව ආසියානු ක්‍රීඩා උළෙලකදී මලල ක්‍රීඩාවෙන් දිනාගත් පළමු පදක්කම බවට පදක්කම බවට ද පත්වේ.
අරුණ දර්ශන, නදීෂා රාමනායක, කාලිංග කුමාරගේ සහ තරුෂි දිල්සාර මෙම ඉසව්වේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළහ.
ඒ අනුව එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා සිටි ඉන්දියාවට රිදී පදක්කම ද, සිවුවැනි ස්ථානයට පත්වූ කසකස්තානයට ලෝකඩ පදක්කම ද, හිමිවිය.
එහි රන් පදක්කම බහරේනය දිනාගත්තේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
වැරදි ධාවනය රිදි පදක්කම අහිමි කරයි
බද්රානි Monday, 02 October 2023 07:57 PM
හොඳ වැඩේ... ලංකාවේ වගේ තක්කඩිකම් ලෝකෙට ගිහිල්ලත් කරන්න පුළුවන් කියලා වෙන්න ඇති මේ අය හිතාගෙන ඉන්නේ... හිතාමතාම තමයි හොරට මාවත් පැනලා දුවලා තියෙන්නේ...
කිරිපුතා Monday, 02 October 2023 09:06 PM
අවාසනාවන්ත කාලයක් රටට උදාවෙලා තියෙනකොට දැයේ දක්ෂ දරුවන්ටත් වරදිනවා. සැවොම එක්වී පිංකම් කළ යුතුයි. රටට සෙත් පැතිය යුතුයි.
ලසන්ත Tuesday, 03 October 2023 06:00 AM
ලංකාවේ අයට ඕන මැටියෙන් හැදුවත් බළල්ලු මීයො අල්ලනවා නම් හොඳයි තියරියනේ... රටේ කිසිම විනයක්, වගකීමක්, හැදියාවක් නැහැ. තමන්ගේ වගකීම ඉටු නොකරන මිනිස්සු කිසිම නීතියක් ගණන් ගන්නේ නැහැ. ඒවා මේ රටේ සලකා නොබැලුවත් අනෙක් රටවල් ඉහළින් සලකා බලනවා ඉතින් ඔහොම වීම අරුමයක් නොවෙයි... අපිට කියන්න තියෙන්නේ කරතොත් කරපන් හරියට බැරිනම් යන්න අහකට කියලා තමයි...
Bunny Preena Tuesday, 03 October 2023 10:12 AM
ඉතාමත් කරපු වැරදක් නෙමෙයිනෙ. එගොල්ලො මෙයාට පෙරත් ශ්‍රී ලන්කාවට කීර්තිය ගෙනදුන් හොද දක්ශ දරුවන්. අපරාදෙ සුලු අතපසු වීමක් නිසා සිදුවුනු පාඩුව පිරිමසාගන්ට තව අවුරුදු ගානක් බලාගෙන ඉන්ට එපායැ. අපේ ලැබීම කියල හිත හදා ගමු.
palitha Tuesday, 03 October 2023 11:44 AM
කමක් නැ, හිතාමතා කරපු දෙයක් නෙවි නේ. අර 11 දෙනෙක් ඉඳගෙන සියලු වරප්‍රසාද වරදාන අරගෙන, මුලු ලොකෙම තියෙන කන්ඩායම් වලට පරාද වෙවී, පච වෙවී එන්නෙ හැමදාම.
fairoos Tuesday, 03 October 2023 12:10 PM
ඉතාම කනගාටුයි