
(විමුක්ති එස් රුද්‍රිගු)
2024 අයවැය ඉදිරිපත් කිරීමට පෙර වෙරිටේ රිසර්ච් ආයතනය සංවිධානය කළ ආදායම් හා ආර්ථික වර්ධනය වෙනුවෙන් අයවැයකරණය යන මාතෘකාව යටතේ පැවති කතිකාවකදී ශ්‍රී ලංකාවේ ආදායම ඉහළ නැංවීම සහ ආර්ථිකය පුනර්ජීවනය සඳහා නිර්මාණය කරන ලද අයවැය යෝජනා 10 එළි දැක්වූවේය.
එහිදී රඳවා ගැනීමේ බදු අනුපාතික දැනට පවතින සියයට 5 සීමාවේ සිට සියයට 10 දක්වා වැඩි කිරීම, සිගරට් බදු පිළිබඳ 2019 අයවැයෙන් ගෙන ආ යෝජනාව වසරින් වසරට ගැලපෙන අයුරින් කාලානුරූපිව වෙනස් කිරීම, සීනි බදු අඩු කිරීම සහ වෙනස් කිරීම පිළිබඳ විධායක අභිමතය ඉවත් කිරීම,ජාත්‍යන්තර මිල සුත්‍රය අනුව නොව සමස්ත කර්මාන්තය මතම වැඩි කරන ලද බද්දක් සහ වැඩි මිලක් නියම කිරීම හරහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අතිරික්ත ව්යදම අයකර ගැනීම සහ දේපළ බදු ඇස්තමේන්තු කිරීම සහ අයකර ගැනීම සඳහා විස්තර කර ඇති ක්‍රමය ක්‍රියාත්මක කිරීම ආදායම වැඩි කිරීම අරමුණු කරගත් යෝජනා අතර විය.මෙම යෝජනා ක්‍රියාත්මක කිරීම මගින් දළ වශයෙන් ශ්‍රී ලංකා රුපියල් බිලියන 190 ක් පමණ මෙරට ආදායමට එකතු කර ගත හැකි බව වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දුන්නේය.
රාජ්‍ය අනුග්‍රහය සහිත ප්‍රසූත නිවාඩු ප්‍රතිලාභ හඳුන්වා දීම, දුප්පතුන් ආරක්ෂා කිරීම සඳහා ඔවුන්ට සහනාධාර ලබා දීමේ වඩාත් හොඳ ඉලක්කගත ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම, වෙළඳාම පහසුකරලීමේ පියවරයන් ක්‍රියාත්මක කිරීම, වෙළඳ ලකුණු ලියාපදිංචි කිරීම පිළිබඳ මැඩ්රිඩ් ප්‍රොටොකෝලය හා සම්බන්ධවීම සහ බැංකු ක්ෂේත්‍රයේ ආරක්ෂා කිරීම සඳහා වන ක්‍රියාමාර්ග ආර්ථික පුනර්ජීවනය අරමුණු කරගත් යෝජනා පහ ලෙස වෙරිටේ රිසර්ච් ආයතනය හඳුන්වා දුන්නේය .
එක්සත් රාජධානියේ සංවර්ධන අධ්‍යයන ආයතනයේ මහාචාර්ය මික් මුර්, ජෝර්ජ් ටවුන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශාන්ත දේවරාජන්, ඔබර්ලින් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය උදාර පීරිස් සහ වෙරිටේ රිසර්ච් ආයතනයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය නිශාන්ත ද මෙල්, පර්යේෂණ අධ්‍යක්ෂිකා සුභාෂිණී අබේසිංහ, ප්‍රධාන ආර්ථික විද්‍යාඥ රාජ් ප්‍රබු රාජකුලේන්ද්‍රන්, ප්‍රධාන ආර්ථික විද්‍යාඥ මතීෂ අරංගල සහ ප්‍රධාන දත්ත විශ්ලේෂක අශ්වින් පෙරේරා යන මහත්ම මහත්මීහු මෙම කතිකාවට සහභාගී වූහ.
සිය සමාරම්භක අදහස් දැක්වීමේදී ආචාර්ය නිශාන් ද මෙල් මහතා තිරසාර ආර්ථික ප්‍රකෘතිය සඳහා ආදායම් වැඩි කරන අතරම පොලී පිරිවැය අඩුකිරීමේ වැදගත්කමද අවධාරණය කළේය.2024 වර්ෂය සඳහා ඉදිරි අයවැයෙන් පුරෝකථනය කරන ලද පොලී පිරිවැය වර්තමානයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වූ ආර්ථික ප්‍රතිසාධන සැලැස්මෙන් අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා රුපියල් බිලියන 234 කින් වැඩි බවද ඔහු සඳහන් කළේය. පොලී පිරිවැය සහ රජයේ අදායම අතර ලෝකයේ පවතින ඉහළම අනුපාතය ශ්‍රී ලංකාව සතුව දිගටම පවතිනු ඇතැයි ඔහු පැවසුවේය.





2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වෙරිටේ රිසවර් අය වැයට යෝජනා 10ක් දීලා
සිල්වා Monday, 13 November 2023 08:57 AM
ජනතාව තවතවත් පීඩනයට ලක් කරන යෝජනා දහයක්...
Pasan Perera Monday, 13 November 2023 04:03 PM
ඔබ උපායමාර්ගික වේශයක් නොවේ. දූෂණය තියෙනවා නම් රජයේ ආදායම වැඩි කරලා වැඩක් නැහැ. එවැනි තත්වයක් තුළ වඩා හොඳ විකල්පය වන්නේ පුද්ගලික අංශය ශක්තිමත් කිරීමයි.