IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


වර්ජන නිසා සංචාරකයන් නාවොත් පඩි වැඩි කිරීම ප්‍රශ්නයක් වෙයි

(අංජුල මහික වීරරත්න)

වැඩ වර්ජන නිසා විදෙස් සංචාරක පැමිණීම අඩු වුවහොත් එය රජයේ සහ පෞද්ගලික අංශයේ යෝජිත පඩි වැඩි වීමට බලපෑමක් එල්ල කරනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.

සංචාරක අංශයේ හා පෞද්ගලික අංශයේ ශ්‍රමිකයන් ලබාදෙන බදු මුදල් වැඩ වර්ජන වලින් විනාශ කරන්න එපා යැයි ඉල්ලා සිටින බවද  අබෙිවර්ධන මහතා කීය.

රජයේ සහ පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කරමින්  සමස්ථ ජනතාවටම සහන දීමට  ජනාධිපතිවරයා කටයුතු කරනු ඇතැයි ද අබෙිවර්ධන මහතා කීය.

රජයේ සේවකයින්ට වැටුප් වැඩි කිරීමේ දී පෞද්ගලික අංශයේ සේවකයින් උපයන මුදලින් හා සංචාරක ව්‍යාපාරයන්හි යෙදෙන අය ලබාදෙන බදු මුදල් වලින් එම වැටුප් ගෙවීම සිදුවනු ඇතැයි කී අබෙිවර්ධන මහතා  රජයේ සේවකයන්ගේ ආයතන වලින් ආදායම් උපැද්දවීමක් නොකළත්  පරිපාලනමය අවශ්‍යතා සඳහා රටක රාජ්‍ය සේවය යොදා ගත යුතුව ඇති බව අවධාරණය කළේය.

වැඩ වර්ජන කරන විට සංචාරක පැමිණීම අඩු වී සේවක වැටුප් වැඩි කිරීමට බාධාවක් වන බව කී අබේවර්ධන මහතා මේ මොහොතේ සේවක වැටුප් වැඩි කිරීමේ කාර්යභාරයට වෘත්තීය සමිති සහයෝගය දිය යුතුව තිබෙන බව සඳහන් කළේය.

රත්නපුර පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවති එක්සත් ජාතික පක්ෂ තරුණ හමුව අමතමින් අබේවර්ධන මහතා මේ බව සඳහන් කළේය.



අදහස් (14)

වර්ජන නිසා සංචාරකයන් නාවොත් පඩි වැඩි කිරීම ප්‍රශ්නයක් වෙයි

Nimal Wednesday, 01 November 2023 11:29 AM

පින් ඇමැතිගේ තරම බලන්න එපැයි...!

:       2       62

නිමල් Wednesday, 01 November 2023 11:30 AM

78 වසරක් රට කාපු දේශපාලුවන් දැන් බබාලා නේද උතුමාණෙනි...?

:       2       53

නිශාන්ත Wednesday, 01 November 2023 11:32 AM

රජතුමාගේ අන්තපුරයත් ප්‍රකාශ නිකුත් කරන්න පටන් අරන් නේ...!

:       0       62

Asanga Wednesday, 01 November 2023 11:47 AM

ඉතින් ඔබතුමන්ලා දැන් පටන් පඩි දීමනා නැතිව වැඩ කරන්නකෝ...! ගරු කටයුතු මහජන සේවයනේ...!

:       0       56

රංබොඩ Wednesday, 01 November 2023 11:47 AM

පාලකයා හොඳ වුණත්, නැති වුණත් මේ කාලකන්නි වැඩ වර්ජන නම් රටට කවදත් විනයක්...!

:       46       19

Freedom Lover Wednesday, 01 November 2023 11:53 AM

එය ආණ්ඩුවේ වරදක් වන්නේ වැඩ වර්ජන අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ඉහළ යාමේ සහ රජය විසින් මහජන නිදහස විනාශ කිරීමේ ප්‍රතිඵලයක් වන බැවිනි.

:       1       29

Perera Wednesday, 01 November 2023 12:12 PM

විදේශිකයො උන්ගෙ රටවල්වලත් උද්ගෝශන දැකල තියෙනව කියල මූකලන් බස්සො දන්නෙ නැහැ නෙ.

:       0       41

pakeer Wednesday, 01 November 2023 12:34 PM

මෙහෙම නෙවෙයි කරන්න ඕනේ... කරනවා නම් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක්... සෞඛ්‍යය හරහා ... එක්කෙනෙක්, දෙන්නෙක් කරලා වැඩක් නැහැ මේක...

:       0       30

ranjith Wednesday, 01 November 2023 12:45 PM

නිකන් පාර්ලිමේන්තු ඇවිත් බයිලා ගහන හැටි...

:       0       35

ලක්වැසියෙක් Wednesday, 01 November 2023 12:52 PM

වජිර මහත්තයෝ මොකෝ මේ වෙලා තියෙන්නේ...? පිනට ලැබුණු ඔය තැනට ආසා හිතුණාද? උද්ඝෝෂණ නිසා නොවේද ඔයතැන ඔබ ඉන්නේ තව ප්‍රකාශත් නිකුත් කරනවා. ඔහොම නටමු ටික දවසක්. අවසාන කාලෙනේ. ආසාවනේ ඉතිං. පව් අප්පා දඟලන දැඟලිල්ලක්. තව ඡන්දෙකින් දිනන්න නම් ජනාධිපතිටත් එහා ප්‍රකාශ නිකුත් කරයි...!

:       0       39

duminda Wednesday, 01 November 2023 01:31 PM

මෙයාට ගිය කලක්...

:       0       21

Kumara Wednesday, 01 November 2023 02:21 PM

මේ රටේ මිනිස්සුන්ව නරකාදියට යවන්නේ නැතිව ඔය කට වහගෙන ඉන්නවද?

:       0       18

Kazi Shajahan Wednesday, 01 November 2023 04:22 PM

රනිල් සහ වජිර ජේල් එකට ගියොත් මේ රටට හොඳ කාලයක් යයි. මගේ අනාවැකිය...

:       0       11

Bamunuarachchi Wednesday, 01 November 2023 04:46 PM

ඔය ඉල්ලන පඩි වැඩිවීම දෙන්න බැහැ කියලා මේ මොලවලට තේරෙන්නේ නැද්ද? පඩි වැඩිවීම් දීපන් කියා ජනතාව මෙහෙයවන ජෙප්පෝ කියනවාද? අපි බලයට ආවොත් පඩි වැඩි කරනවා. විදුලි බිල අඩු කරනවා කියලා... නැහැ ඔවුන් කියන්නේ නැහැ...!

:       18       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 123 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site