අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ අද කළ විශේෂ ප්‍රකාශයෙන් පසු අඟහරුවාදා (15) යෝජිත වැඩ වර්ජනය බොහෝ දුරට නොපැවැත්වෙන ලකුණු දක්නට ඇතැයි වෘත්තීය සමිති ආරංචි කියයි.
වෘත්තීය සමිතිවල වල ප්‍රධාන ඉල්ලීම වූයේ විශ්‍රාම වැටුප් ක්‍රමය අහෝසි නොකරන බවට රජය පොරොන්දු වන්නේ නම් වර්ජන තීරණය වෙනස් කරන බවයි.
අගමැතිවරයා රෝමයේ සිටින ජනපතිගේ ද එකඟත්වයෙන් අද පාර්ලිමේන්තුවේ කළ විශේෂ ප්‍රකාශයෙන් ඉන් ඔබ්බටද ගොස් තවත් සහන කිහිපයක්ම ප්‍රකාශ කළේය.
දුම් පරීක්ෂණ ගාස්තුව රුපියල් 3500කින් ද, ආදායම් බලපත්‍ර ගාස්තුව සියයට 10කින් ද පහළ දැමීමත්, ටෙලිකොම් සමාගමේ ඉතිරි වී ඇති මෑන් පවර් ප්‍රශ්නය කඩිනමින් විසඳීම, පෞද්ගලික අංශයට රුපියල් 2500ක ලබන මැයි මාසය වන විට ගෙවීම, ත්‍රීරෝද හා යතුරුපැදි සඳහා තක්සේරු ගාස්තුව රුපියල් 3000 දක්වා අඩු කිරීම ආදී සහන අගමැතිගේ කතාවෙන් පොරොන්දු වූ දේ අතර වෙයි.
අඟහරුවාදා වර්ජනය කරන්නේද නැද්ද යන්න ගැන වෘත්තීය සමිති නායකයෝ මරාදානේ සමාජ හා සාමාජිය කේන්ද්‍රයේ රැස්වී සාකච්ඡා පවත්වති.
ජනතා විමුක්ති පෙරමුණ මෙම වර්ජන තීරණයට හවුල් වූයේ නැත. ඔවුන් කියා සිටියේ කැමති කෙනකුට වර්ජනයට හවුල් විය හැකි බවයි.
2025 දෙසැම්බර් මස 18
523
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1067
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වර්ජනය නොකැරෙන ලකුණු
ගයනා නෙත්මි Monday, 14 December 2015 10:43 AM
මෙම වර්ජනය නොවෙන තරමටම හොදයි. හෙට දින සාමාන්‍ය පෙල විභාගයට මූන දෙන දරුවන් අපහසු තාවයට පත් කරන්න එපා. (අ)
කීර්ති සිල්වා Monday, 14 December 2015 11:16 AM
රට ගැන හිතලා වර්ජනයෙන් ඉවත්වෙමු .(ම)
ගජබා Monday, 14 December 2015 11:53 AM
වර්ජන සිදු නොවේනම් ඉතා හොදය. නමුත් මේ පාලකයන්ට පාඩමක් උගැන්විය යුතුය. (ර)
සාගර Monday, 14 December 2015 12:16 PM
කම්කරැ අයිතීන් වෙනුවෙන් හෙට වර්ජනය කලයුතුමයි.. (ර)
අනුෂ්ක Monday, 14 December 2015 12:20 PM
අපි හෙට වර්ජනය කරනවා.. පාරේ එක බස් එකක්වත් හෙට දුවන්නේ නැ. (ර)
දිමුතු Monday, 14 December 2015 12:21 PM
අප හෙට වර්ජනයට සම්පුර්ණ සහය දෙනවා. (ර)
තරිඳු Monday, 14 December 2015 01:27 PM
වර්ජනයට සම්පුර්ණ සහය. (ර)
සුමිත් Monday, 14 December 2015 10:03 AM
රනිල් සමග අනුර (බ)
සමීර Monday, 14 December 2015 04:39 PM
ආදායම් බලපත්‍රයට දැන් කීයද? මම තවම ගත්තේ නැහැ (නි)