IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


වර්ජනය අවසන් : සිසුහු ජනපති අගමැති හමුවෙති

යාපනය විශ්ව විද්‍යාලයයේ සිසුන් දෙදෙනාගේ මරණය සම්බන්ධයෙන් අද උදේ එහි පැවැති විරෝධතාවෙන් පසු ශිෂ්‍ය සංගම් නායකයෝ විශ්ව විද්‍යාල පාලනාධිකාරිය සමඟ සාකච්ඡාවක් කළහ.

එම සාකච්ඡාවට උප කුලපති, ආචාර්යවරුන්ට අමතරව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී  ඩී.එම්.ස්වාමිනාදන් මහතා ද එක්විය.

යාපන විශ්ව විද්‍යාලයේ උප කුලපති වසන්ති අරසරත්නම් ඇතුළු ආචාර්ය මණ්ඩය ජනපති මෛත්‍රිපාල සිරිසේන , අගමැති රනිල් වික්‍රමසිංහ  හා විපක්ෂ නායක ආර්.සම්බන්ධන් යන මහත්වරුන් අඟහරුවාදා (1) හමු විමට  නියමිතය.

රජයේ නායකයන්ගෙන් ළුලදායි පිළිතුරක් ලැබෙනු ඇතැයි ද එම තත්ත්වය යටතේ උද්ඝෝෂණය නතර කළ බව ද සිසුහු පැවසුහ.

පොලිස් වෙඩි තැබිමෙන් මිය ගිය බව කියන යාපන සරසවි සිසුන් දෙදෙනා සම්බන්ධ පක්ෂපාති හා සාධාරණ පරික්ෂණයක් කරන ලෙස ලෙස ඉල්ලමින් දෙවැනි වරටත් අද උද්ඝෝෂණය පැවැත්විණි.

0-02-06-38ef0088b9085114d430571e661a1ba4f1834bb0904185fd8522dfced36b6d82_full 0-02-06-3e412a4d9d6e39d57b67d3b579b36da573771ecd2b24d4c27a4a1f1af87b29f5_full



අදහස් (0)

වර්ජනය අවසන් : සිසුහු ජනපති අගමැති හමුවෙති

ප්‍රියාන් Monday, 31 October 2016 05:35 PM

අනේද කියන්නේ...? (නි)

:       0       0

සුසන්ත Monday, 31 October 2016 06:57 PM

දකුණු පළාතේ සිසුන්ට මෙහෙම කවදාවත් යන්න ලැබෙයිද? මඟදීම සළකලා එළවල දානවා මිසක් කවදද දකුණේ සිසුන්ට මෙහෙම ප්‍රශ්න වලට උත්තර දුන්නේ? (නි)

:       0       0

සත්‍යයා Tuesday, 01 November 2016 12:26 AM

දේශපාලනය කියන්නේ හිඟන්නාගේ පාත්‍රයක්. ඕනෑ කුණුගොඩක් ඕකට දාගන්නවා. හිඟන්නාගේ යැපීමට මේ සියලුම කුණු අවශ්‍ය නැති නමුත් හිඟන්න ඒ දෙය කරන්නේ ඔහුගේ හිඟනකමේ අනන්‍යතාවය රැකගන්නයි. (නි)

:       0       0

යෝනක Tuesday, 01 November 2016 01:14 AM

මෙන්න මෙහෙම සාධාරණ විදිහටනේ ප්‍රශ්න විසඳෙන්න ඕනෑ (නි)

:       0       0

සුනිල Tuesday, 01 November 2016 01:22 AM

යාපනය ශිෂ්‍යයෝ හරිම අාචාරශීලී බැව් පෙනේ. ජනපති හමුවන්නේ රටේ පොලිසිය සහ අධිකරණය විශ්වාස නැති නිසාද? එය රටටම බලපාන දෙයක්. (නි)

:       0       0

චමින්ද Tuesday, 01 November 2016 01:43 AM

මෙන්න මෙහෙම ප්‍රශ්න විසඳෙනවා නම් ප්‍රශ්නයක් නැත (නි)

:       0       0

බමුණු ආරච්චි Tuesday, 01 November 2016 01:45 AM

යාපනය ශිෂ්‍යයෝ හරිම අාචාරශීලී බව පෙනෙන්නේ ඔවුන් රජයේ අණට වඩා ඔවුන්ගේ ගුරුවරුන්ගේ අණට කීකරුවීම නිසයි (නි)

:       0       0

ඉමේෂ් Tuesday, 01 November 2016 02:21 AM

දකුණේ නම් ළමයි පෙළපාලි යද්දී කඳුළු ගෑස්! (නි)

:       0       0

යෙහාන් Tuesday, 01 November 2016 02:31 AM

මේ විදිහට සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසඳාගනීද අපේ ශිෂ්‍යයෝ? (නි)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා‍ Tuesday, 01 November 2016 03:42 AM

සාධාරණ සහ අපක්ෂපාති පරීක්ෂණයක් ඉල්ලා හැම වෙලාවෙම රටේ මිනිසුන්ට උද්ඝෝෂණය කරන්න සිදුවෙනවා කියන එකේ අර්ථය තවමත් අපේ රටේ නීතිය ස්වාධීන නැහැ කියන එකයි. අපිට කවදා ස්වාධීන නීතිගරුක ආයතනයක සේවයක් ලැබෙයිද කියන එක සිහිනයක් විතක්ම වෙයිද (නි)

:       0       0

අරවින්ද Monday, 31 October 2016 10:44 AM

රටේ සිදුවන සෑම මිනීමැරුමක් වෙනුවෙන්ම ජනාධිපති අගමැති පිළිතුරු දිය යුතුද? මෙය වැරදි පූර්වාදර්ශයක් වීමට ඉඩ නොදිය යුතුය. රටක පොලිසියක් හා අධිකරණයක් තිබෙන්නේ ඒ සඳහාය. (බ)

:       0       0

මෙන්ඩිස් Tuesday, 01 November 2016 03:50 AM

බලාගෙන, උතුරට වෙනම රටකුත් ඉල්ලයි. දකුණේ ශිෂ්‍යයෝ කියන දේ පොලිසියටයි අධිකරණයකටයි තේරෙනවා. එ්කයි කඳුළු ගැස් හම්බවෙන්නේ. උතුරේ ශිෂ්‍යයෝ කියන දේ තේරෙන්නේ නැහැ. එ්කයි ජනධිපතිම අවශ්‍යය. ජාතික ගීයට භාෂා දෙකක් තියන එකේ එකම බිමට රටවල් දෙකක් වුණාට මොකද. බලාගෙන, යන පැත්ත හොඳ නැහැ වගේ. (නි)

:       0       0

නුවන් Tuesday, 01 November 2016 03:50 AM

උතුරට කිරි... අපිට කැකිරි.... (නි)

:       0       0

රත්නෙ Tuesday, 01 November 2016 04:31 AM

සහතික ඇත්ත ලකී. ඉහළ ඇත්තෝ දකුණ අමතක කරලා තියෙන්නේ. දකුණේ සිසුන්ට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා හම්බ වෙන්න කිසිදාක අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන්ට ලැබෙන්නේ කඳුළු ගෑස්, බැටන් පොළු සහ රබර් උණ්ඩ. උතුරේ සිසුන්ට සළකන විදියටම දකුණේ සිසුන්ටත් සැළකුවා නම්, ඔවුන් කවදාවත්ම පාරවල් වල්ට බහින්නෙ නැතිවෙන්න තිබුණා. (නි)

:       0       0

නිවන්තක Tuesday, 01 November 2016 05:13 AM

මට තේරෙන්නෙ නැහැ ඉදිරියේදී මොනවා සිද්ධවෙයිද කියලා (නි)

:       0       0

ජනහිත Tuesday, 01 November 2016 05:54 AM

වනක්කම්/නමස්තේ! ඉදිරියේදී මොනවා වෙන්නද? දැන් ඔක්කොම වෙලා හමාරයි. හිතන්න එපා පොදු ජනතාව නිදි කියලා. (නි)

:       0       0

ජයන්ත Tuesday, 01 November 2016 05:58 AM

ඔතනින් තමයි පටන් ගන්නේ. මෙච්චර කල් හිටියේ පොටක් පැදෙනකම්. දැන් හරිනේ.(හේ)

:       0       0

කුෂාන් Monday, 31 October 2016 03:17 PM

එහෙම දෙන්නෙක් ඉන්නවනම් අරවින්ද හරි !!! (බ)

:       0       0

ඉසුරන්දි Tuesday, 01 November 2016 07:27 AM

කොයි කා ළඟට ගියත් අන්තිමේදී මේක කැරකිලා එන්නේ පොලිසියේ හා අධිකරණයේ පිහිට පතාගෙන තමයි. (නි)

:       0       0

තිස්ස Monday, 31 October 2016 03:58 PM

අවුරුදු හතරක් පහක් තිස්සේ විශ්ව විද්‍යාල වල කරන්නේ පෙළපාලි යාමයි, කොන්දේසි ඉදිරිපත් කිරීමයි. ඉතින් රේල් පාරක් අලුත්වැඩියා කරන්න දන්නේ නැහැ රේල් පාර වහන්නේ නැතුව. බල්බ් එකක් මාරු කරන්න දන්නේ නැහැ මුළු පළාතේම විදුලිය විසන්ධි කරන්නේ නැතුව. (නි)

:       0       0

විද්‍යා Monday, 31 October 2016 04:16 PM

මේ නිසානේ අපි තවම තුන්වන ලෝකයේ ඉඳගෙන ලොව වටා හිඟමනේ යන්නේ. (නි)

:       0       0

ලකී Monday, 31 October 2016 04:23 PM

දකුණේ සිසුන් බැටන් පොළු පාරවල් කාගෙන, කඳුළු ගෑස් ප්‍රහාර කාගෙන, පැය ගණන් පාරවල් වල උද්ඝෝෂණය කළත් ජනාධිපති, අගමැති හම්බවෙන්න දෙන්නෙ නැහැ. ඒත් උතුරේ?? කතාකරලා වැඩක් නැහැ මේවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 330 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 301 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 471 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site