
(ඉන්දිකා රාමනායක, පී ශාන්ත බණ්ඩාරල, බණ්ඩාර ජයරත්න )
අධික වර්ෂාව හේතුවෙන් වරකාපොළ කොස්වත්ත තුඹලියද්ද ප්‍රදේශයේ අද (14) පස්වරුවේ පස් කන්දක් දෙමහල් නිවසකට කඩා වැටීමෙන් එම නිවසේ සිටි එකම පවුලේ සිව්දෙනකු යට වීඇතැයි කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා පැවසීය.
එම පවුලේ මවල පියාල සහ පුතුන් දෙදෙනා මෙලෙස පස්කන්දට යටවී ඇති තබු අතර යුද හමුදාවල සහ අවට පිරිස් වහාම ක්‍රියාත්මක වී බේරා ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කර පස් අතර යටවී සිටි පියා වන ගොඩයලාගේ ප්‍රේමසිරි (55) නමැති අය බේරාගෙන වරකාපොළ රොහලට ඇතුළත් කළ බව දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේය.
පස් කන්දට යටවී සිටිනේනේ එම පවුලේ මව වන පුෂ්පරාණි :52* පුතුන් දෙදෙනා වන දිල්ශාන් ධනුෂ්ක (23) නිතුම් නිම්සර (10) යන දෙදෙනා බව හදුනාගෙන ඇත.
පස්කනද් කඩා වැටෙන අවස්ථාවේ එම පවුලේ දියණිය උපකාර පන්තියකට ගොස් සිට ඇති අතරල ඒ හේතුවෙන් ඇය බේරී ඇත.
තුඹලියද්ද මාදෙණිය වත්තේ පිහිටි මෙම කන්ද අඩි 100 කින් පමණ උසකින් යුත් විශාල කන්දක් බවත්ල එය කඩා වැටී ඇත්තේ ඊයේ පස්වරු 3.15 ට පමණ බවද වාර්තා වේ.
අතුරුදන් ව සිටි පිරිස සොයා යුද හමුදාවේ 8 වන සිංහ රෙජිමේන්තුවේ 50 ක පමණ භට කණ්ඩායමක් සහ ප්‍රදේශවාසීන් එක්ව ඊයේ රාත්‍රිය වනතෙක්ම මුදා ගැනීමේ මෙහෙයුම් නිරතව සිටියහ.
ආරක්ෂක අංශ සහ ආපදාකළමනාකරණ නිලධාරීන් ද අද පස්වරුවේ එම ප්‍රදේශයට ගොස් ප්‍රදේශයේ අවදානමට ලක්විය හැකි නිවෙස් කිහිපයක පිරිස් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇත.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
186
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
993
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වරකාපොල නිවසක් මතට පස් කන්දක් කඩාවැටීමෙන් 3ක් අතුරුදන්