මාලදිවයිනේදී එරට වයස 22න් පහළ පාපන්දු කණ්ඩායම හා සුහද තරගයකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා වයස 22න් පහළ පාපන්දු කණ්ඩායම අද (1) දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතව තිබුණි. දෙරට අතර සුහද තරගය ලබන ඉරිදා (3) ”මාලේ” නගරයේදී පැවැත්වේ. දෙරට අතර දෙවෙනි සුහද තරගය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණයවී තිබේ. නාවලපිටිය ජාතික ක‍්‍රීඩා සංකීර්ණය විවෘත කිරිම නිමිත්තෙන් එම තරගය පැවැත්වීමට සැළසුම් කර ඇත්තේ මෙම 14 වැනිදාය. එහෙත් එය මෙතෙක් ස්ථිරවී නැතැයි පාපන්දු සම්මේලන ආරංචි මාර්ග සඳහන් කරයි. ගුවන් හමුදා ක‍්‍රීඩකයන් පස් දෙනෙකු සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටිති. මාලදිවයිනේ තරග සංචාරයට සහභාගිවන ශ්‍රී ලංකා වයස 22න් පහළ පාපන්දු කණ්ඩායම:- නිපුන දේවේන්ද්‍ර බණ්ඩාර, සංජය ගුරුගේ, කවිඳු ඉෂාන්, චතුරංග ප‍්‍රනාන්දු, එමානුවෙල් රොහාන්, හර්ෂ ප‍්‍රනාන්දු, චතුරංග සංජීව, මොහොමඞ් රම්ලාන්, එරංග ප‍්‍රසාද්, චලන චමීර, හෂාන් චන්ද්‍රරත්න, මොහොමඞ් පර්හාඞ්, තරිදු එරංග, මොහොමඞ් හකීම්, පිටර් චාල්ස්, සුජාන් පෙරේරා, දසුන් පරණවිතාන, මංජුල ප‍්‍රසන්න, මොහොමඞ් වසීම්, මධුෂාන් ද සිල්වා හා මොහොමඞ් අලීම්. නිලධාරීන්:- කළමනාකරු වසන්ත වික‍්‍රමසිංහ, පුහුණුකරු සම්පත් පෙරේරා, සහාය පුහුණුකරු ඔස්ලි ස්ටෙන්වෝල්, ගෝල් රකින්නන්ගේ පුහුණුකරු ලලිත් වීරසිංහ හා සම්භාහක එස්.එන්.පී.කේ. සිල්වා
2025 දෙසැම්බර් මස 18
247
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
179
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වයස 22 න් පහළ ශ්‍රී ලංකා පාපන්දු පිල මාලේ සංචාරයක