
(නිමල කොඩිතුවක්කු)
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් විපතට පත් ජනතාව සහ රට නැවත ගොඩගන්න සහයෝගය දෙන්නයි විදේශීය රටවල්, ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහ සංවිධානවලින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලීමක් කළේය.
විපක්ෂ නායකවරයා ලෙස විපක්ෂයේ සියලු දෙනා එකට එකතු වී පවතින ව්‍යවසයයෙන් රට ගොඩනගන්න ජාත්‍යන්තර ආධාරක සමුළුවක් කැදවන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් ඔහු සඳහන් කළේය.
ආපදා තත්වය හේතුවෙන් ජිවිත, දේපල අහිමි වී අවතැන් වූ උන්හිටිතැන් අහිමි වී කඳවුරුවලට සීමා වී අනාථ වූ සියලු දෙනාට බලවත් කණගාටුව පල කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
මේ මහා දැවැන්ත ව්‍යසනය තුළින් අසහනයට පත් ජනතාව සමඟ විපක්ෂය එකට සිටින බවත් ව්‍යවසයනය තුළින් නිර්මාණය වූ අසහනය පීඩනය දුක කදුල වේදනාව තුනී කරන්නට විපක්ෂයට හා සමගි ජන බලවේගයට කළ හැකි උපරිම දේ සිදු කරන බවත් ඔහු සඳහන් කළේය.
සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය මෙන්ම සමස්ත විපක්ෂය මේ ව්‍යවසයනය තුළින් විපතට පත් ජනතාවට ශක්තියක් වන්නට කළ හැකි උපරිම දේ සිදු කරන්න සූදානම් බවත් දේශීය දානපතියන්, පරිත්‍යාගශීලීන් විවිධ සංවිධාන සහ විදේශීය වශයෙන් ලබා ගත හැකි ආධාර උපකාර උපරිමයෙන් අප රටේ ජනතාවට ලබා ගැනිමට කළ හැකි යුතුකම සහ කාර්යභාරය ඉටු කරන බවත් විපක්ෂ නායකවරයා කීවේය.
මෙවන් මොහොතක IMF එක අප රටට පවා ඇති කොන්දේසි ලිහිල් කරන ලෙසත් දැවැන්ත ඛෙදවාචකයකට රටම ලක්ව ඇති මොහොතක රටේ ජනතාවට සහනය සුබසාධය සහ සංවර්ධනය හරහා ජීවනෝපාය හා ජන ජිවිත නැවත ශක්තිමත් කර ගැනීමට අවශ්‍ය බවත් ඔහු සඳහන් කළේය.
ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් මේ ඛෙදවාචකය නිසා විනාශ වූ ජන ජිවිත යළි ගොඩගන්න සහ මේ බල ප්‍රදේශ නැවත සංවර්ධනය කරන්න සහයා දෙන ලෙසත් මේ අවස්ථාවේ තවත් ණය ලබා ගෙන රට හිරකරනවා වෙනුවට නැවත වරක් රට ගොඩනගන්න ආධාර ලබා දීම අත්‍යාවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
2025 නොවැම්බර් මස 21
188
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
253
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1144
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ව්‍යසනයෙන් ගොඩ එන්න ජාත්‍යන්තර ආධාරක සමුළුවක් පවත්වන්න