IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ව්‍යවස්ථා සභාවේ ලේකම් පුටුවට විනිසුරුවරයෙක්

 

(සුජිත් හේවාජුලිගේ )

පුරප්පාඩු වී ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් තනතුරට විශ්‍රාමික විනිසුරුවරයකු පත් කිරීම කෙරෙහි එම සභාවේ අවධානය යොමුවී ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයට මෙතෙක් පත් කෙරුණේ සේවයේ  සිටින පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාය. මේ අනුව නව ලේකම්වරයා පත් කිරීම සඳහා පුවත්පත් දැන්වීමක් පළකිරීමට එම සභාව තීරණය කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම්වරයා ලෙස කටයුතු කළ පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික දසනායක මහතා පසුගියදා හදිසියේම එම තනතුරින් ඉල්ලා අස්විය. ඔහු ඉල්ලා අස්වීමේ ලිපිය  බාර දෙමින් පැවසුවේ පෞද්ගලික හේතු මත තනතුරින් ඉවත් වන බවයි.

ධම්මික දස නායක මහතා පාර්ලිමේන්තු මහ ලේකම් ධූරයෙන් පසුගිය 2023 වසරේදී විශ්‍රාම ලැබීමෙන් පසු  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් තනතුරට පත්කෙරිණ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවමෙරට පරිපාලන ව්‍යුහයේ වැදගත් තීරණාත්මක ආයතනයක් ලෙස සැලකේ. නීතිපති, පොලිස්පති, ඉහළ උසාවිවල විනිසුරුවරුන් යනාදීන්  පත් කිරීම අනුමත කරනු ලබන්නේ මෙම සභාවෙනි.



අදහස් (1)

ව්‍යවස්ථා සභාවේ ලේකම් පුටුවට විනිසුරුවරයෙක්

ගුණරත්න Sunday, 18 May 2025 08:36 AM

මම ඊයේ බැලුව, අදත් බැලුව, එත් කිසිම තැනක මේ නිවුස් එක නැහැ. ඊයේ තමයි ලංකාවේ අවුරුදු 30 ක යුද්ධය අවසන් වූ දවස, එක සැමරීමක් ආණ්ඩුවෙන් කලේ නැහැ, ඇයි ඒ?

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 810 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site