IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ව්‍යවස්ථා සභාවට අභියෝග කිරීමට ජනාධිපතිට බලයක් නෑ

(යොහාන් භාසුර)

ව්‍යවස්ථා සභාවේ ස්වාධීනත්වයට අභියෝග කිරීමට ජනාධිපතිවරයාට කිසිඳු නීතිමය බලයක් නොමැති බවත් ස්වාධීන කොමිෂන් සභා වර්තමාන වන විට නමමාත්‍රික කොමිෂන් සභා බවට පත්ව ඇති බවත් නිදහස් ජනතා සභාවේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අද (4) පැවසීය.

ඉහළ තනතුරුවලට නිලධාරීන් පත්කිරීමේදී ව්‍යවස්ථා සභාවට ප්‍රමුඛ කාර්යභාරයක් හිමිවන නමුත් දැන් එය විධායකයේ බලයට යටවී ඇති බව කී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා වර්තමාන විධායකය ස්වාධීන ආයතන ආක්‍රමණය කරන බව ද සඳහන් කළේය.

ජනාධිපතිවරයා සහ ව්‍යවස්ථා සභාව අතර මත ගැටුම් පවතින බව කී මහාචාර්යවරයා පැවසුවේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව ආක්‍රමණය කිරීමට  කර උත්සහ නීති විරෝධී මෙන්ම වර්තමාන කැබිනට් මණ්ඩලය නාමමාත්‍රික වෙමින් පවතින බවත්ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා නාවල පිහිටි නිදහස ජනතා සභාව ප්‍රධාන  කාර්යාලයේදී අද (4) පැවැති මාධ්‍ය හමුවේදී එසේ පැවසීය. 



අදහස් (5)

ව්‍යවස්ථා සභාවට අභියෝග කිරීමට ජනාධිපතිට බලයක් නෑ

Aravinda Monarawila Monday, 04 December 2023 01:01 PM

19ට අත උස්සලා ජනාධිපතිගේ බලය අත්තනෝමතික ලෙස වැඩි කෙරුවා... ඔයාලත් ඔය හැම දේකටම වගකියන්න ඕනෑ.

:       0       16

ABARAN Monday, 04 December 2023 03:13 PM

ඔහේ මහාචාර්යවරයෙක් වෙන්න ඇති... නමුත් ඔහෙත් තවත් කිසිම ප්‍රතිපත්තියක් නැති ජනතා අප්‍රසාදයට ලක්වුණු දේශපාලුවෙක් විතරයි. රාජපක්ෂලා ගෙනාපු හැම පනතකටම අත ඉස්සුවා. කිසිම් ඇවිලී ලැජ්ජාවක් නැතිව දැන් අර වාචාල වංශ පස්සේ යනවා... ඊළඟ පාරත් පාර්ලිමේන්තු එන්න පුළුවන්ද බලන්න. ඔහේට ආයේ පාර්ලිමේන්තු එන්න ලැබෙන්නේ නැහැ... මොකද ආයේ ඔහෙට ඡන්ද දෙන්න මෝඩයෝ නැති නිසා...!

:       0       5

ගමේ එකාලා Monday, 04 December 2023 11:22 PM

එහෙට මෙහෙට පැනපැන ඇමැතිකම් අරගෙන බලයේ ඉන්න හදපු හැටි ගැනත් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ...

:       0       0

නිළමේ Tuesday, 05 December 2023 07:09 AM

19 ට අත උස්සගෙන ඉදල ජනාධිපති බලතල වැඩිකරල තමන්ගෙ හිතවතුන්ට බලය නැතුව ගියාම එකක් කියනවා තමන්ගෙ ගෝලයො හරියට හැදුවෙ නැතුව දැන් ගෝලය ගුරු හදපු බලතල පාවිච්චි කරන කොට තවත් එකක් කියනවා.ජනාධිපතිට බලතල වැඩිකලේ නැත්නම් ඒ වෙලාවෙ ඒ යෝජනාව පරාජය කලේ නම් දැන් ඔහොම කියන්න වෙන්නෙ නැහැ ඇදුරුතුමා

:       0       0

සුරගුරු Tuesday, 05 December 2023 07:49 AM

මහාගුරු ඔයැයි හරියට ගුත්තිල වගෙයි... එහිදී ගුරු, ගෝල තරගයේදී (තරගෙට පෙර කැලේට ගොස් කුමන්ත්‍රණයක් කළා) ගෝලයා හොඳින්ම වාදනය කරද්දී පරාජය පේනකොට ගුත්තිලට ඉවසුමක් නැතුව වීනාවේ තත් කඩාදැම්මා... තත් කැඩූ වීනාවෙන් හඬක් එන්න බැහැ. රජ්ජුරුවන්ගේ බලය යොදා එදා ගුත්තිල ජය ගත්තා. දැන් ඒ රජ්ජුරුවෝ නැහැ. ඔයැයිලා පරණ රජ්ජුරුවන්ට හදපු නීති තමයි දැන් තියෙන්නේ. දැන් ඉතින් මූසිල ඔයැයිලා වට්ටවා තිබුණු රට ගොඩට අදිද්දී කකුලෙන් අදින්න එපා..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site