IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ව්‍යවස්ථානුකූලව හැකි වූ විගස පාර්ලිමේන්තුව විසුරුවන්න

 (ඩයනා උදයංගනී)

ව්‍යවස්ථානුකූලව හැකි වූ විගස ලබන වසරේ මුල් භාගයේදී පාර්ලිමේන්තුව විසුරුවා හරින්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කරන බව ලංකා සභාවේ කොළඹ දියෝකිසිය පවසයි.

එවිට තමන්ගේ අවශ්‍යතාවයන් පිළිබිඹු කළ හැකි අලුත් පාර්ලිමේන්තුවක් පත්කරගැනීමට ජනතාවට හැකි වනු ඇතැයි එම දියෝකිසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

දේශපාලනික වෙනසක් වෙනුවෙන් නායකත්වය දෙමින් සිටින තරුණ අරගලකරුවන්, සිවිල් සමාජ කණ්ඩායම්, ආගමික නායකයන් ඇතුළු පිරිස් මෙන්ම නීතීඥ සංගමය අගය කරන අතර, ඔවුන් ඉදිරි කාලයේදී සිදුකරන වැදගත් කටයුතුවලදී කොළඹ දියෝකිසියේ සහය ලබාදෙන බව ද දුෂාන්ත රුද්‍රිගු එහි කොළඹ රදගුරුතුමන්ගේ අත්සනින් නිකුත් කර ඇති නිවේදනයේ දැක්වේ.



අදහස් (14)

ව්‍යවස්ථානුකූලව හැකි වූ විගස පාර්ලිමේන්තුව විසුරුවන්න

saliya Friday, 25 November 2022 05:57 PM

පොතක් පතක් ලියවිල්ලකටත් කඩදාසි හිඟ බැවින් ද​, පඩි ගෙවන්නත් සල්ලි නැති බැවින් ද​, මෙයට​ අවශ්‍ය ඩොලර් හා රුපියල් ද ඔය සභාවෙන් ම ලබා දෙන්නේ නම් මැනවි...!

:       1725       1074

Lelwala Friday, 25 November 2022 07:37 PM

මේ රටේ ඉන්නේ වැඩිහරියක් අති බහුතරයක් සිංහල බෞද්ධයින්. එක එක්කෙනාට ඕනෑ විදියට ඡන්ද තියන්න අවශ්‍ය නැත. කලට වේලාවට පාලකයින් තීරණය කරාවි ඡන්දය...!

:       1225       677

WimalasiriFriday, 25 November 2022 08:31 PM

ඔව් ඔව් ඔය කියන බහුතරයෙන් වැඩිහරියක්ම තමයි ගිය සැරේ ඡන්දෙ දුන්නේ... බහුතරේ කලේ යස අගේට... රුවන්වැලිසෑය ළඟ දිව්රලා සැලකුවේ මදි නොකියන්නම...

:       641       1148

නමට බෞද්ධSaturday, 26 November 2022 11:39 AM

තමුන්ලගේ කිකට් කණ්ඩායම එහෙම ඔය හොඳටම කරනවානේ. රට කරන්නෙත් ඔහොම්ම තමයි. අවුරුදු 200ක් ඔයාලගේ අය මේ රටේ පාලනය ගෙනියනවනේ 74ක කාලයක් ඇතුළුව. එයාලා බෞද්ධ නමට විතරයි. වැඩේ වෙන්නේ පල්ලියට ඕනෑ විදියට. බැඳලා ඉන්නෙත් ඔක්කොම ඔයාලගේ කට්ටියනේ...

:       2       70

BamunuarachchiTuesday, 29 November 2022 07:00 AM

ගොන්කතා නොකියා ලේල්වල කියලා තිබෙන දේ තේරුම් ගන්න. සිංහල ජාතියට බෞද්ධාගමට හෙනහුරාළා අන්‍යජාතිකයින් නොවෙයි ඔහෙලා වගේ මිනිස්සු. ඝෝඨාභය කෙලින්ම කිව්වා බෞද්ධ ඡන්දවලින් බලයට ආවා කියා ඒ ගැන අපිට සන්තෝෂයි. පල්ලියේ කීමට ආණ්ඩු විසුරුවන්න කියනවා නම් රට කොහේද යන්නේ කියලා හිතෙනවා.

:       0       0

""බුද්ධි අංශ බුදිද"" Friday, 25 November 2022 08:23 PM

පාර්ලිමේන්තුව විසුරුවන්න කලින් රටේ නීතිය අකුරටම සිදුවෙනවා කියලා ලොවටම පෙන්වලා ටික කාලයකට හරි රටේ හමුදා පාලනයක් ඇතිකරලා එය ක්‍රියාවෙන්ම ඉටුවන බව ලොවටම පෙන්වන්න..! පොලිසිය ගැන මුලු රටේම විශ්වාසයක් නැත..! එතරම්ම දූෂිතයි..! ඉවෙන් හොරු අල්ලන කකුල් හතරේ පොලිසියේ අයට තියෙන විශ්වාසය කකුල් දෙකේ නිල ඇඳුම ඇඳගත් කෙනාට අද නැත. විදේශික සංචාරකයින් දකුණු මුහුදු වෙරළේ ගැවසෙනවාටත් ඔවුන්ගේ වාහන ගාල්කරලා තියෙනවාටත් කප්පම් ගන්න කල්ලියක් ගැන යුරෝපා මාධ්‍යයේ සැරිසරනවා! එහෙම වාතාවරණයක් තියෙන බව දැනගත් විදේශිකයෝ රටේ අරාජිත තත්වය ගැන සිතා ලංකාවට එන එක දෙසැරයක් හිතනවා..! නීතිය බල්ලට ගිය රටකට කවුරු එයිද.?

:       32       84

මැක්ස් Saturday, 26 November 2022 01:19 AM

ජාතිකත්වයට කිසියම් හෝ නැඹුරුතාවක් ඇති පාලකයකු බලයේ සිටින විට මෙයාල මෙවැනි ඉල්ලීම් කරන විලාසය සහ රිද්මයි, එසේ නොවන කෙනෙකු බලයේ සිටින විට ඉල්ලීම් ඉල්ලන ආකාරයයි පිළිබද අවධානයෙන් බැලීම සිත් ගන්න සුළුයි.

:       324       193

Senaka Saturday, 26 November 2022 06:05 AM

තනිකරම එල්ටීටීඊ එකේ ඉල්ලීම් ටිකම තමයි තියෙන්නේ. මට තාම තේරෙන්නේ නැත්තේ පල්ලියටයි, යුරෝපා සංගමේටයි, ඇමරිකාවටයි, එල්ටීටීඊ එකටයි එකම ඉල්ලීම් ටික එන්න හේතුව මොකද්ද කියලයි.

:       357       295

AlfreadSaturday, 26 November 2022 11:15 AM

මෙච්චර සිංහල ක‍තෝලික මිනිස්සු ඉන්නවා. ඔවුන් ගැන කිසි තැකීමක් නෑ. හැබැයි දෙමළ, ක‍තෝලික ගැන පට්ට කැක්කුමක් තියෙන්නේ... ඒ කාලෙත් ක‍තෝලික වුණත් සිංහල නම් කිසි සද්දයක් නෑ. හමුදාවේ ක‍තෝලික මිනිස්සු මැරුණාට මතක් වෙන්නේ නැති මානව හිමිකම්, මේවාට මතක් වෙන්නේ කොටි මැරුණාම විතරයි...

:       0       59

නිමේෂ් Saturday, 26 November 2022 07:23 AM

පොහොට්ටු හොරු ටිකම තමයි තවමත් ආණ්ඩුව කරන්නේ , එක සැරයක් හොරකන් කරලා මුළු රටම බංකොලොත් කරපු උදවිය ම රට ගොඩ ගනී කියල හිතන්න තරම් ජනතාව මෝඩයෝ නෙමෙයි. එම නිසා නියම ජනතා කැමැත්ත නියෝජනය වන ,රට විනශ කරපු දේශ පලුවොන්ට, ඔවුන්ගේ හිතවත් වයපරිකයන්ට , රජයේ ඉහල නිලදරින්ට , හරියට නිතිය ක්‍රියාත්මක කරනන පුළුවන් අලුත් පාර්ලිමේන්තුවක් තමයි රටට ඕනේ. එත් පොහොට්ටු හොරු ටිකගේ චන්දෙන් පමණක් රැකිලා ඉන්න රනිල් ඕක කවදාවත් කරන්නේ නැහැ , මොකද එයා දන්නවා කරොත් , පිනට ලැබුණු ජනපතික්මයි එයයේ පන්තියේ අනිත් හොරු ටිකයි ඔක්කොම ඉවරයි කියල.

:       233       515

රනේ Saturday, 26 November 2022 07:40 AM

ඊලඟ ඡන්දෙ දි අපි පරාදයි. ඊට කලින් එකෙත් එහෙමයි. පස්සෙත් එහෙමයි. ඇත්තටම "අපි" දිනන්නෙ කවද ද?

:       200       259

Deepal Nirosh Saturday, 26 November 2022 10:42 AM

එක් එක් පුද්ගලයින්ට කණ්ඩායම්වලට අව්‍යශ පරිදි හදිසි මැතිවරණ කැඳවීම කිසිසේත් අවශ්‍ය නැහැ. නියමිත පාලන කාලය අවසානයේ නියමිත දිනට මැතිවරණය පැවැත්වීම ප්‍රමාණවත්... කවුද මේ හදිසි මැතිවරණයක් ඉල්ලන බව කියන ජනතාව? රටේ මේ යාන්තමට පවතින දේශපාලන හා ආර්ථික ස්ථාවරභාවය මේ මට්ටමින් හෝ පවත්වා ගනිමින් රටේ ස්ථාවරත්වයක් ගොඩනැගීමයි දැන් අත්‍යාවශ්‍ය. මැතිවරණයක් කැඳවුවහොත් නැවත රට අස්ථාවර වේවි... මේ ඉල්ලම් කරන පාර්ශ්වයේ හෝ ඒ පිටුපස සිටින මහමොළකරුගේ හෝ අවශ්‍යතාවය එයයි...

:       358       189

සාටක බයියා Saturday, 26 November 2022 12:07 PM

අනේ ඇත්තද ? මොකක්ද ඔය නියමිත කාලේ? 2015 මයිත්‍රිට වාසි වෙලාවේ තියපු මැතිවරණේ නියමිත කාලෙට තියපු එකක්ද? නැතිනම් කෝවිඩ් වසංගතය කාලේ රටේ ආර්ථික හා සෞඛ්‍ය අර්බුදයක් තිබුණු කාලේ රාජපක්ෂලාට ඕනෑ වෙලාවේ තියපු මහා මැතිවරණය ඔයකියන නියමිත කාලෙට තියපු එකක්ද? හරියට බැලුවොත් දැන් තමයි මේ රටේ මහජනතාවට අවශ්‍ය මැතිවරණයක් තියන්න නියමිත කාලේ ඇවිල්ලා තියෙන්නේ, ඒකට විරුද්ධ වෙන්නේ තවමත් රට බංකොලොත් කරපු පොහොට්ටු හොරුන්වම බලයේ තියාගන්න දඟලන සාටක බයියන්...!

:       2       216

විපරමා Saturday, 26 November 2022 04:52 PM

ඔබේ කතාව සියයට සියයක්ම හරි... ජනතාවගේ බලාපොරොත්තුව සිස්ටම් චේන්ජ් කරන එක... මජර දේශපාලනය රටින් තුරන් කිරීමට කාලය පැමිණ ඇත..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 16 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 117 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site