IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ව්‍යාපාරික මල්ලේ සෞදි රියාල් හෙල්ලේ

රුපියල් හතලිස් හය ලක්ෂ අසූ හත් දහස් දෙසිය පනස් හතරක් වටිනා සෞදි රියාල් තොගයක්  ගමන් මල්ලේ සඟවාගෙන  සෞදි අරාබියේ ජෙඩා නුවර බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී  රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.

සැකකරු දෙමටගොඩ පදිංචි 54 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

ඔහු ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 281 දරණ ගුවන් යානයෙන් ජෙඩා නුවර බලා යාමට පැමිණ සිටියදී ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ  ආරක්ෂක නිලධාරීන් විසින් ලබා දුන් තොරතුරකට අනුව  අත් අඩංගුවට ගෙන ඇත.

සැකකරු  ලඟ තිබී සෞදි රියාල් එක් ලක්ෂ තිස් දහසක් සොයා ගත් බව රේගුව කියයි.

මේ පිළිබඳ විමර්ශණ කටයුතු  නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක කේ.ජී.පී.පී කුමාර මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරී රෝහණ සේනාධීර, එල්.ඒ.ඩී.ෙජ් ගුණවර්ධන, සහකාර රේගු අධිකාරීවරුන් වන එම්.කේ මලල්ගොඩ, එම්.පී.පී චතුරංග, ආර්.ඒ.කේ සුමනසිරි, එම්.එම්. උවායිස්, එම්.ජී.සී ධම්මික, එස්.කේ.එස් චාමර, ඒ.ඩබ්ලිව්.කේ.ඊ  හබරාදුව යන නිලධාරීහු සිදු කරති.

 



අදහස් (0)

ව්‍යාපාරික මල්ලේ සෞදි රියාල් හෙල්ලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 234 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site