විදුලි ගාස්තු සියයට 25 කින් අඩුකිරීමේ වාසිය තමන්ටද ලැබිය යුතුව ඇතැයි වෙළද හා කර්මාන්ත ක්ෂේත‍්‍රයේ නියුතුවෝ කියති.
ශී‍්‍ර ලංකා මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කර ඇති පරිදි දැනට විදුලි ගාස්තු අඩුකිරීම සදහා තීරණයව ඇත්තේ ගෘහස්ථ පාරිභෝගිකයින්ගේ පමණකි.මහා භාණ්ඩාගාරය ගනු ලබන තීරණයන් අනුව ඉදිරියේදී කර්මාන්ත ක්ෂේත‍්‍රයටද විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ වාසිය කවර ආකාරයකින් ලැබේදැයි තීරණය කෙරෙනු ඇති බව එම නිවේදනයේ වැඩිදුටත් සඳහන්ය.
මේ සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම හා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ජාතික වානිජ මණ්ඩලයේ ප‍්‍රධානී සුනිල්.ජී. විජේසිංහ මහතා පවසයි.
ඔහු පවසන ආකාරයට කර්මාන්ත වලටද විදුලි ගාස්තු සහනයක් ලැබුණහොත් එය යහපත්ය.නමුත් එය නොලැබුණේ යැයි කියා කර්මාන්ත ක්ෂේත‍්‍රයට අවාසියක් වන්නේ නැතැයිද තත්ත්වය එසේ වන්නේ නම් කර්මාන්තයන් තව තවත් විදුලිය පිරිමැසීමේ උපාය මාර්ගයන් භාවිතයට ගනු ඇතැයිද ඔහු කියයි.
නමුත් ගෘහස්ථ විදුලි ගාස්තු අඩුකිරීමෙන් රජයට අහිමි වන මුදල් කර්මාන්ත මත පනවා ඇති බදු මුදල් වල අගය වැඩි කර පියවා ගැනීමට රජය කටයුතු කළහොත් එය ක්ෂේත‍්‍රයට අහිතකර ලෙස බලපානු ඇතැයි ඔහු අනතුරු අඟවයි.
දකුණු ආසියා කලාපයේ ඉහළම විදුලි බදු ගෙවන්නන් වන්නේ ශී‍්‍ර ලංකාවේ පෞද්ගලික ක්ෂේත‍්‍රය බව ප‍්‍රසිද්ධ රහසකි.මෙය සාධාරණීකරණය කිරීමට රජය ඉදිරිපත් කර ඇති හේතුව වන්නේ අන් රටවල් වල මෙන් නොව දෝශ රහිතව,නොකඩවා සැපයෙන විදුලි බල ශක්තියට සරිලන ලෙස සාධාරණ මුදලක් අයකරගත යුතුය යන්නයි.
නමුත් පෞද්ගලික ක්ෂේත‍්‍රයේ නියුතුවෝ පෙන්වා දෙන්නේ ඉන්ධන මිල පහළ යෑමේත්,නව ගල් අගුරු විදුලි බලාගාරයේත් වාසිය තමන්ට ලබා දීමට රජය කටයුතු කළ යුතු බවයි.
කෙසේනමුත් ගෘහස්ථ පාරිභෝගිකයින්ට හෝ විදුලි ගාස්තු අඩුකිරීම සම්බන්ධයෙන් රතු එළියක් දල්වා ඇති දේශපාලන විචාරකයින් මෙන්ම වෘත්තීය සමිති පවසන්නේ අධික ණය බරක් ඇති මෙන්ම පිට පිට පාඩුද ලබන විදුලි බල මණ්ඩලය මෙවන් ගාස්තු සහනයක් දීමට කටයුතු කරන්නේ නම් එය පවතින තත්ත්වය තවත් දරුණු කරනු ඇති බවයි.
2025 දෙසැම්බර් මස 18
178
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
156
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ව්‍යාපාරිකයෝ විදුලි සහන ඉල්ලති
සේන Tuesday, 07 October 2014 06:47 AM
ව්‍යාපාරිකයන්ට ලැබෙන විදුලිය ගල් අඟුරුවලින් නිපද වෙන ඒවා නෙවේ වෙන්න ඇති. (නදී)
ශ්‍යාම් Tuesday, 07 October 2014 01:36 PM
මේක සාධාරණ ඉල්ලීමක් (නි)
සුනෙත් Tuesday, 07 October 2014 07:18 AM
විදුලිය අඩුවෙනවට අපේ විපක්ෂය නම් කැමති නැහැ (නදී)
කසුන් Tuesday, 07 October 2014 07:20 AM
මේක 25% වැඩි උනා නම් බලන්න තිබුන හොද හොද කතා. (නදී)
සත්‍යපාල Tuesday, 07 October 2014 07:20 AM
ව්‍යාපාරිකයන්ට විදුලි බිලේ සහනය දෙනවා නම් එම සහනය ලබාදීමේදී එහි ප්‍රතිලාබ ජනතාවට ලැබෙන ආකාරය පිලිබඳව ව්‍යාපාරික ප්‍රජාවෙන් සහතිකයක් ලබාගත යුතුයි. නැතිනම් විදුලි බිල වැඩිවෙන විට එහි බර ජනතාව පිට පටවන ව්‍යාපාරිකයෝ එය අඩුවෙන විට එහි වාසිය තම සාක්කුව පුරවා ගැනීම සදහා යොදවා ගනීවි. (නදී)
වසන්ති Tuesday, 07 October 2014 07:27 AM
මේ රටේ වයසක මිනිස්සුන්ට විශේෂ සහන දෙන්ඩ. දුප්පත් ගැමියන් නොවිඳිනා දුකක් නැත. විශේෂයෙන්ම බෙහෙත් මිළ අදිකයි. කර්මාන්ත කරුවන්ටත් සහන දෙන එක හොඳයි. ඔය බාර් ටිකයි, රටේ තුන්ඩු දාන ඒවයි වසා දැම්මොත් හොඳ නැත්ද? (නදී)
සමීර සාලින්ද Tuesday, 07 October 2014 10:27 AM
ජනතා නියෝජිතයින්ගේ වියදම අඩුකළොත් නරකද? (නි)