
( ෂේන් සෙනෙවිරත්න)
ගම්පොළ වෙළම්බොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි 22 ක මුදලක් කොල්ල කෑ බව කියන සැකකරුවන් තිදෙනකු මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉකුත් 08වැනි දිනදී මෙම කොල්ලය සිදුව තිබුණේ වෙළම්බොඩ ප්‍රදේශයේ අදාල ව්‍යාපාරිකයාගේ නිවස තුළදී බව පොලිසිය කියයි.
මෙම ව්‍යාපාරිකයාට සැකකරුවන් විසින් කැරට් විසිහතරේ රත්තරන් බිස්කට් එකක් ලබාදී එහි ගුණාත්මක බව පරීක්‍ෂා කරනලෙස දැනුම් දී තිබෙන අතර ඒ අනුව ව්‍යාපාරිකයා එය පරීක්ෂා කිරීමේදී එය නියම කැරට් විසිහතරේ රත්තරන් අනාවරණය වී තිබේ.
ඉන් අනතුරුව සැකකරුවන් ව්‍යාපාරිකයාට දැනුම් දී ඇත්තේ ඒ ආකාරයේ තවත් රත්තරන් බිස්කට් කිලෝ 15ක් ඇති බවත් ඒ සඳහා රුපියල් කෝටි 22ක් අවශ්‍ය බවත්ය.
ඒ අනුව ව්‍යාපාරිකයා විසින් ඔහුගේ රුපියල් කෝටි ගණනක් වටිනා ජීප් රථයක් හා නිවසේ අඹු දරුවන්ගේ ස්වර්ණාභරණද උකස් කොට තවත් යාළු හිත මිත්‍රාදීන්ගෙන් මුදල් ණයට ලබාගෙන රුපියල් කෝටි විසි දෙක සකසාගෙන තිබේ.
කතිකා කරගත් පරිදි ඉකුත් 08වැනි දින පුද්ගලයන් 08 දෙනකු වෑන් රථයකින් පැමිණ ව්‍යාපාරිකයාගේ නිවසේ සිටි අනිකුත් සාමාජිකයන් සූක්ෂම ලෙස වෙනත් නිවසකට පිටත්කොට යවා ව්‍යාපාරිකයාගෙන් එම මුදල් පැහැරගෙන පලා ගොස් තිබේ.
2025 නොවැම්බර් මස 04
686
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2355
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1731
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ව්‍යාපාරිකයා රවටා කෝටි 22ක් කොල්ල කාලා
Perakum Monday, 12 May 2025 02:02 PM
දැඩි ලෝභයට හා මන්ද බුද්ධිකත්වයට බෙහෙත් නැත.
සුමුදු Monday, 12 May 2025 02:25 PM
උඩරට ඉන්න වැඩි හරියක් ඔය වගේ අය තමයි. සුද්දෝ ගල විද්දේ නැත්තං තාමත්...
sugath Monday, 12 May 2025 03:29 PM
කෝටිපතියෙක් වූවත්, මූලික අධ්‍යාපනයේ හිඟ බවක් පෙනේ.