IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ව්‍යාපාරිකයාගේ නිවෙසින් ලක්ෂ 85 ක් අරන් පැන්න මෙහෙකරු මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බොරැල්ලෙ කෝටිපති ව්‍යාපාරිකයාගේ නිවසින් රුපියල් ලක්ෂ 85 ක මුදලක් සොරාගෙන   ත්‍රීරෝද රථයකින් යමින් සිටි මෙහෙකාර සේවකයා පොලිසියට හසු විමෙන් අනතුරුව එම මුදල් සියල්ල පොලිසියට අල්ලස් ලෙස  ලබාදීමට උත්සහ කිරීමේදී අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි

සැකකරු සමඟ සොරා ගත් මුදලින් රුපියල් 8,440,000/= ක මුදලක් පොලිස් භාරයට ගෙන ඇත

බදුල්ල ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකු පුතුන්  දෙදෙනා ගේ අධ්‍යාපන කටයුතු සඳහා බොරැල්ල ප්‍රදේශයේ සුඛෝපභෝගී නිවාස සංකීර්ණයකින්  නිවසක් කුලී පදනම  මත ලබාගෙන  එම නිවසේ මෙහෙකාර සේවය සඳහා ඔහු යටතේ වසර 25ක පමණ කාලයක් සේවය කළ සැකකරු එම නිවසේ රඳවා තිබූ බව පොලිසිය කියයි

ව්‍යාපාරිකයාගේ පුතුන් දෙදෙනා සහ වැඩිමල් පුතුගේ මිතුරෙක් පදිංචිව සිටින අතර   පෙරේදා (15)     කෝටිපති ව්‍යාපාරිකයා බදුල්ලේ සිට සිය බිරිඳ සහ දියණිය සමඟ  එම නිවසට පැමිණ තිබූ බව පොලිසිය කියයි

පුතුන් දෙදෙනා සහ ඔහුගේ මිතුරා අධ්‍යාපන කටයුතු සඳහා උදෑසන නිවසින් පිටත්ව ගොස් තිබූ අතර එම නිවසට පැමිණි ව්‍යාපාරිකයාගේ  බිරිඳ  සහ දියණිය  අවශ්‍යතාවයක් සඳහා දහවල් නිවසින් පිටතට ගොස් තිබූ අතර  මද වේලාවකදී ව්‍යාපාරිකයා ද රියදුරු සමඟ  නිවසින් පිටතට ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එම අවස්ථාවේදී මෙහෙකරු ලෙස සැකකරු රියදුරු අමතා  ඔවුන් සිටින තැන විමසා පැමිණෙන විට පෙශර් පෙති රැගෙන එන ලෙස දැනුම් දී දුරකථනය විසන්ධි කර තිබූ බව පොලිසිය කියයි

ව්‍යාපාරිකයා හා රියදුරු නිවසට පැමිණෙන විට  නිවසේ දොර අඩවල් කර තිබූ අතර  රියදුරු පෙශර් පෙති ලබා  දීම  සඳහා මෙහෙකරු අමතා කතා කළ ද ප්‍රතිචාරයක් නොවීමෙන් නිවසේ සෑමතැනම සොයා බැලුවද  ඔහු සොයා ගැනීමට නොහැකි වීමෙන් අනතුරුව ව්‍යාපාරිකයාට ඒ වව පැවසීමෙන් අනතුරුව ඔහුද නිවස තුල සොයා බැලීමේදී නිවසේ අල්මාරිය විවෘත කර ඇති අයුරු දක්නට ලැබී ඇත

නිවසේ අල්මාරියේ තැන්පත් කර තිබූ රුපියල් කෝටියකට පමණක් ආසන්න මුදලින් රුපියල් ලක්ෂ 85 ක මුදලක් නොමැති බවත් රන් භාණ්ඩ සහ තවත් මුදල් ඒ අයුරින්ම තිබෙන බවත් පවසමින් ව්‍යාපාරිකයා  බොරැල්ල පොලීසියට පැමිණිලි කර තිබිණි

පැමිණිල්ල ලැබී පැය කිහිපයක් ගත වීමට මත්තෙන් ගල්ගමුව පොලිසියෙන් බොරැල්ල පොලීසියට ලද පණිවුඩයකින් කිය වී ඇත්තේ මාර්ග බාධකයක් හරහා තී රෝද රථයකින් යාමට පැමිණි පුද්ගලයකු පරික්ෂා කිරීමේදී ඔහු  එක වරම බෑගයකින් මනාව සකස් කරන ලද  මුදල් මිටියක් පොලිස් නිලධාරීන් වෙත දික් කර එය ලබාගෙන තමන්ට එම ස්ථානයෙන් යාමට ඉඩ සලසා දෙන ලෙස ඉල්ලීමක්  කල බවත් ඒ අනුව ඔහු සන්තකයේ තිබූ බෑගය පරික්ෂා කිරීමේදී විශාල මුදල් තොගයක්  තිබීම  හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගත් බවත් ය



අදහස් (0)

ව්‍යාපාරිකයාගේ නිවෙසින් ලක්ෂ 85 ක් අරන් පැන්න මෙහෙකරු මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site