IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ව්‍යපාරිකයකු මරා දැමුවැයි අයෙක් පෝරකයට

(මනෝප්‍රිය ගුණසේකර)

කෝටිපති ව්‍යපාරිකයකු පැහැරගෙන ගොස් මෝටර් රථය තුළදීම ගෙල සිර කර මරා ඔහු ලඟ තිබු රුපියල් කෝටි 3 1/2ක මුදල් හා රන් ආභරණ තොගයක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවු පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා මරණ දණ්ඩනය අද (04) නියම කළේය.

රන් ආභරණ වෙළඳාම් යෙදී සිටි සින්නතුරෙයි ඉන්දිරේෂ්වරන් හෙවත් සුරේකා රාජා නැමැති කෝටිපති ව්‍යාපාරිකයා මීට වසර 12කට පෙර මෝටර් රථය තුළදීම ගෙල සිර කර මරා ඔහු ලඟ තිබු මුදල් හා රන් ආභරණ කොල්ලකා ඇත්තේ විත්තිකරු විසින්ම බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ ලිෂාන් රත්නායක මහතා විසින් ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුට මරණ දණ්ඩනය නියම කළේය.

විත්තිකරුට නියම කළ මරණ දණ්ඩනයට අමතරව ඔහුට බරපතල වැඩසහිත වසර 10ක සිරදඬුවම් නියම කළ විනිසුරුවරයා රුපියල් 10,000/-ක දඩයකටද යටත් කළේය.

චෝදනාවන්ට වරදකරුවීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ මොහොමඩ් යූෂුප් පස්වීන් නමැති 41 හැවිරිදි විත්තිකරුවකුටය.

2012 ඔක්තෝමබර් මස 30 වැනිදා හෝ ඊට ආසන්න දිනයක පිටකොටුවේදී සින්නතුරෙයි ඉන්දිරේෂ්වරන් හෙවත් සුරේකා රාජා නැමැති කෝටිපති ව්‍යාපාරිකයා රවටා පුස්සැල්ලෑව ප්‍රදේශයට රැගෙන ගොස් ගෙල සිරකර මරා මරණකරු සතු මුදල් හා රන් ආභරණ මංකොල්ල කෑ බවට විත්තිකරුට එරෙහින නීතීපතිවරයා චෝදනා නඟා තිබිණී.

මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී විත්තිකරු විසින් මරණකරු රවටා මරණකරුගේ කාර් රථයෙන්ම මහනුවර පුස්සැල්ලෑව ප්‍රදේශයට කැඳවාගෙන ගොස් කාර් රථය තුළදීම ගෙල සිරකර මරා, සිරුර වාහනයෙන් පිටතට ඇඳ දමා කාර් රථයද රැගෙන  විත්තිකරු පලාගොස් ඇති බව හෙළි විය.

සින්නතුරෙයි ඉන්දිරේෂ්වරන් හෙවත් සුරේකා රාජා නැමැති කෝටිපති ව්‍යාපාරිකයා මරාදැමීමෙන් පසු ඔහු සන්තකයේ තිබු රුපියල් මිලියන 33 ක මුදල් හා ඔහු පැළඳ සිටි රත්‍රන් මුදු 04 ක්, රන් තැල්ලක්, මාලයක් රන් කරාබු ජෝඩුවක් හා රන් කැබැල්ලක් විත්තිකරු විසින් මංකොල්ල කා ඇති බවද පැමිණිල්ල මෙහෙයවු රජයේ නීතිඥ ලිෂාන් රත්නායක මහතා විසින් ඔප්පු කර ඇතැයි විනිසුරුවරයා තීරණය කළේය.

දීර්ඝ නඩු විභාගය අවසානයේ විත්තිකරු චේතාන්විතවම මෙම අපරාධය කර ඇති බවටද ඔහුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කර ඇති බවටද තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුට අදාළ දඬුවම් පැනවීය.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතිඥ ලිෂාන් රත්නායක මහතා පෙනී සිටියේය.



අදහස් (0)

ව්‍යපාරිකයකු මරා දැමුවැයි අයෙක් පෝරකයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 531 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site