IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


ව්‍යාපාරිකයෙක් පැහැරගෙන යමින් සිටි තිදෙනෙකු දක්ෂිණ අධිවේගීයේදී අල්ලයි

(සුමතිපාල දීයගහගේ )


අහංගම නගරයේ ව්‍යාපාරිකයෙකු මෝටර් රථයක දමාගෙන පැහැර ගෙන යමින් සිටි සැකකරුවන් තිදෙනෙකු සමඟ  එම මෝටර් රථයද අද (15) දහවල් දක්ෂිණ අධිවේගි මාර්ගයේ ඉමදුව පොලිස් මුරපොල නිලධාරින්අත්අඩංගුවට ගෙන ඇත.
 

 
අහංගම දෙස සිට පැමිණි මෝටර් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදුව පිවිසුමෙන් කොළඹ දෙසට ඇතුලුවීමට උත්සාහ කළ අවස්ථාවේ ඉමදුව
පොලිස් මුරපොලේ රාජකාරියේ යෙදී සිටි  නිළධාරීන්ට මෙම ව්‍යාපාරිකයා බේරාගැනීමට හැකි වී තිබේ.
 
 
සැක සහිත මෝටර් රථය අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරිමේදී මෙම ව්‍යාපාරිකයා පැහැර  ගෙන යමින් සිටින බව අනාවරණයවීමෙන් පසුව සැකකරුවන් තිදෙනා සහ  මෝටර් රථය අත්අඩංගුවට ගෙන ව්‍යාපාරිකයාද නිදහස් කර ගෙන ඇත.
 
අත්අඩංගුවට ගත්  තිදෙනා හංවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද අනාවරණයවී ඇත.
 
 
 මෙම ව්‍යාපාරිකයා පැහැර ගෙන යෑමට හේතුව හෙලිවී නොමැති අතර සැකකරුවන් තිදෙනා සහ මෝටර් රථයද වැඩිදුර පරික්ෂණ සදහා අහංගම
පොලිසිය වෙත භාරදී තිබේ.
 
 
පොලිස් පරීක්ෂක සමන්කුමාර මහතාගේ උපදෙස් පරිදි  කොස්තාපල්වරුන්වන ඉදුනිල් (82024) සහ චතුරංග ( 89446) යන නිලධාරින් දෙදෙනා මෝටර් රථය  පරීක්ෂා කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
 
  

 



අදහස් (3)

ව්‍යාපාරිකයෙක් පැහැරගෙන යමින් සිටි තිදෙනෙකු දක්ෂිණ අධිවේගීයේදී අල්ලයි

පිටිගල මිලානෝ Tuesday, 15 January 2019 12:26 PM

ඉතාලියේ අපට නිවාඩුවට ලංකාවට යන්න බැරි වාතාවරණයක් තියෙන්නේ. පොලිසිය මෙයට වග කිව යුතුයි.

:       201       242

jayath Wednesday, 16 January 2019 02:39 AM

නිවාඩුවකට වත් එන්න එපා....... මේ සිස්ටම් එක, මේ රට ඒ තරමට දැන් "කුණු " වෙලා

:       18       110

rocky Wednesday, 16 January 2019 04:17 AM

මහත්තයාට ලොකු වැරුද්දක් වෙලා වගෙයි....

:       20       15

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31618 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14020 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11096 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 172 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1103 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site