IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


වේයන්ගොඩ පාසලක සිසුන් 27ක් රට හැර ගිහින්

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

වේයන්ගොඩ ශාන්ත මරියා ජාතික පාසලේ ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලැබූ සිසු දරු දැරියන් විසි 27 මාස තුනක් වැනි කෙටිකාලයකදී විදේශ රටවල අධ්‍යාපනය සඳහා  පාසලෙන් අස්වී ගොස් ඇතැයි ද ඒ තත්ත්වය රටක් වශයෙන් අහිතකර තත්ත්වයක් යැයි විදුහල්පති බී.ඩී.අයි.කේ. කරුණාරත්න මහතා පවසයි.

විදුහල්පති වරයා මේ බව පැවසුවේ 1985 සිට පුරා වසර 21 ක කාලයක් ශාන්ත මරියා විදුහල වෙනුවෙන් ක්‍රීඩා කටයුතුවල යෙදුණු ආදි සිසුන් ගේ සුහද හමුවේදී අදහස් දක්වමිනි.

ක්‍රීඩාවේ වැදගත්කම අවධාරණය කළ විදුහල්පතිවරයා ගත වූ කාලයේ රටේ උද්ගත වූ තත්ත්වය හමුවේ වෛද්‍යවරුන් හෙදියන් ඇතුළු වෘත්තිකයන් විශාල ප්‍රමාණයක් රට හැර විදේශ පදිංචියට යාම නිසා පළමු ශ්‍රේණියේ සිට පස්වන පස් වන ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලැබූ දරුවන් 27 දෙනකු මෙසේ තම පාසලෙන් අස්වී ගොස් ඇති බව පැවසීය .

මේ තත්වය ඉතාමත් නරක පූර්වාදර්ශයක් වනු ඇති බව ද විදුහල්පති වරයා මෙහිදී සඳහන් කළේය .

 



අදහස් (9)

වේයන්ගොඩ පාසලක සිසුන් 27ක් රට හැර ගිහින්

මැක්ස් Sunday, 06 August 2023 08:43 PM

උපක් බිමට වැඩිය තැනක් කොහෙද තියෙන්නේ කියල මේ දරැවන්ට තේ⁣රෙන දාට උන් සාප කරන්නෙ මේ කෙළවරක් නැතිි ආසාවන් පසුපස යන මෝඩ දෙමාපියන්ට.

:       26       8

Sampath Sunday, 06 August 2023 09:30 PM

මේක ඉතා හොඳ ප්‍රවනතාවයක් ඒ අය ගිහින් රටට විදේශ විනිමය එවාවි

:       7       8

දිමුත්Monday, 07 August 2023 02:33 PM

පවුල් පිටින් ගියාට පස්සේ මෙහෙ කාට එවන්නද?

:       4       8

Chaminda Sunday, 06 August 2023 09:39 PM

තමන්ගේ අනාගත සුබසිද්ධිය වෙනුවෙන් රට අතහැර අධ්‍යාපනය සඳහා විදේශගතවන සිසුන් කොහොමද බං නරක පූර්වාදර්ශයක් දෙන්නේ. ඒ ළමයින්ගේ අනාගතයට ඔහේ වගකියනවද.

:       0       31

Madawala Liyanage Wimaladasa Sunday, 06 August 2023 10:51 PM

විදුහල්පති තුමා මෙය හෙලිකිරීම වරදක් වෙන්නත් ඉඩ තියෙනවා අරකියන ආයතන සංග්‍රහ ආදියන්.කෙසේ වෙතත් සත්‍යය මෙයයි.ඉන්න හිතෙන රටක් බිහිවී ඇති බව දන්නෝ දකිති.එලිපිට නොකීවත් දෙමාපියන් තම ජාති සතුරන් හැටියට දැකීමට පටන් අරගෙන තියෙනවා විදුහල්පති ගුරුභවතුන් කියන අයව, මක් නිසාද මේ අධ්‍යාපනය දරන්නම නොහැකි කරුමයක් වෙලා තියෙනවා දෙමාපියන් හට.රටම හිඟමනයට පත් වුනත් පාසල් ආශ්‍රිතව ඇඳුම්,උත්සව,බාගෙට ඉවර කරන අභ්‍යාස පොත්,ශ්‍රමදාන,මුදල් එකතු කිරීම් යනාදිය නිසා.මම මේ කියන දෙය කලාතුරකින් අදාල නොවන ගුරු විදුහල්පති තුමන්ලාද සිටිති.හිතක් පපුවක් නැතිව අපෙන් මුදල් මුදල්...හිටපු ගමන් කාටද පුලුවන්..වගේ මැසිවිලි දෙමාපිය සමාජයෙන් නිතරම ඇසෙනවා.සැලකිලිමත් ප්‍රමානයකට සහනකාරී ක්‍රමයක් අනුගමනය කරන්න පුලුවන් උනත් ගුරු විදුහල්පතිවරු තරගෙට දෙමාපියන්ට වද දෙනවා කියන එක වැඩිපුරම ඇසෙනවා."මේ වදය එකට බාර දෙන ළමයින්ගෙන් සියයට අනූ පහක් විතරම ෆේල් කරන්නනේ" කියලත් නිතර කියවේ.මෙසේ රට හැරයාම නරකයි කියන්නේ අපේ ජොබ් එක ගැන විතරක් හිතලාද? විසඳුම කුමක්ද?

:       0       11

Nimal Monday, 07 August 2023 08:03 AM

ඒ ඔවුන්ගේ ස්වාමිවරුන් ජීවත් වන විදේශගත වීමට ඔවුන්ගේ පල්ලිය ඔවුන්ට සහාය දෙන බැවිනි

:       10       3

Athula Monday, 07 August 2023 09:30 AM

රටක් හැටියට අහිතකර වුණාට, පෞද්ගලිකව ඒ අයගේ ජීවිත වලට හිතකරයිනෙ. දදේශපාලකයෝ ඉන්න හිටින්න හිතෙන රටක් ඉතුරු කරලා තියෙනවා ද!

:       0       22

Shiran Monday, 07 August 2023 06:29 PM

නරක දෙයක් නොවේ.. ඔවුන් විදෙස්ගතවිය යුතුයි. ඉතින් පොඩි දරුවන්ගේ අධ්‍යාපනය නිසි පරිදි දිය යුතුයි.

:       0       7

G.M.P.Wickramasinghe Tuesday, 08 August 2023 07:51 AM

පුළුවන් හැමෝම රට අත් ඇරලා යන්න.මමත් අවුරුදු 13 ක් විදේශ රටවල හිටියේ .දැන් ආවා මෝඩකමට

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 239 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1030 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site