IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


වයිකෝ ඇතුළු 1000 ක් අත්අඩංගුවට

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ දෙදින ඉන්දිය නිල සංචාරයට විරෝධය පාමින් එරට නවදිල්ලි ඇතුළු ප‍්‍රදේශ කිහිපයක උද්ඝෝෂණ පැවැත්වූ ඉන්දීය එම්.ඞී.එම්.කේ. පක්‍ෂයේ නායක හා කොටි හිතවාදී වයි. ගෝපාලස්වාමි හෙවත් වයිකෝ ඇතුළු උද්ඝෝෂකයින් 1000 කට වැඩි පිරිසක් ආද (08* ඉන්දියා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
මෙම පිරිස නවදිල්ලි නුවර පිහිටි ඉන්දිය අගමැති නිල නිවාස ආසන්නයේ විරෝධතාවයක නිතර වීමට තැත් කිරීම යටතේ මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
තවද ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද බුද්ධගයාවට පැමිණි අවස්ථාවේදී එහි සිටින වාමාංශික පක්‍ෂවලට සම්බන්ධ පිරිස් විරෝධතාවයක් සංවිධානය කළේය. මේ හැර ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ මෙම සංචාරයට විරෝධය දක්වමින් තමිල්නාඩු හිටපු මහ ඇමැති සහ ඞී.එම්.කේ. පක්‍ෂ නායක එම්. කරුණානිධි ඔහුගේ පක්‍ෂ සාමාජිකයින් 3000 ක සහභාගීත්වයෙන් දැවැන්ත විරෝධතාවක් පැවැත්වූහ.

 



අදහස් (0)

වයිකෝ ඇතුළු 1000 ක් අත්අඩංගුවට

කුමාර Saturday, 09 February 2013 08:04 PM

මෙහෙ උපදේෂකලා පත්කරනව ඉන්දියාවට පයගහන්න බැහැ.(නදී)

:       0       0

ජීව Saturday, 09 February 2013 02:28 AM

වඳවීගෙන යන මේ දේශපාලන පක්ෂ මෙවැනි උද්ඝෝශන වලින් හරි ගොඩ එන්න බලනව ඇති. (ස)

:       0       0

ලියනගේ Saturday, 09 February 2013 05:22 AM

මේ අය හැමදාම අපිට ලෙඩමයි අදින්න හදන්නේ. ජනාධිපතිතුමනි, ඔබට ජය වේවා! (නි)

:       0       0

නිපුන් Saturday, 09 February 2013 06:56 AM

නියමයි (ස)

:       0       0

චමිල Saturday, 09 February 2013 06:57 AM

තව මෙහේ ඉන්න කොටින්ට කිරි පොවමු (ස)

:       0       0

නිරාන් Saturday, 09 February 2013 09:55 AM

ඉන්දීය රජය ක්‍රියා කළ ආකාරය ගැන ඇත්තෙන්ම සතුටුයි. (නි)

:       0       0

ඉසුරන්දි Saturday, 09 February 2013 10:10 AM

තමිල්නාඩුවේ කිසි කෙනෙකුට ලංකාවට එන්න දෙන්න එපා. (නි)

:       0       0

ෂා Saturday, 09 February 2013 12:18 PM

මේකට මොනවද විස්‍ඳුම? (ස)

:       0       0

ලලිත්-කටාර් Saturday, 09 February 2013 01:47 PM

ඉනුන්දි වගේ කෙනෙකුට බලය ලැබුනා නම් මුළු පැත්ත පලාතම ඉවරයි.(නදී)

:       0       0

හර්ෂාක් Friday, 08 February 2013 07:39 PM

නියමයි ඉන්දියා පොලිසිය.. ඔවුන් එල්ටීටීඊයට උදව් කරනවා.. (නු)

:       0       0

වසන්ත Saturday, 09 February 2013 02:08 PM

ලොකු දෙයක්. රැවටීමක්ද දන්නේ නැහැ.(නදී)

:       0       0

ලලිත්-කටාර් Saturday, 09 February 2013 02:18 PM

ඉන්දියාවත් හිටපු හැටියේ කරන්නේ මාර වැඩනේ.(නදී)

:       0       0

කමල් Friday, 08 February 2013 07:55 PM

ඕක එතරම් ගනන් ගන්න දෙයක් නෙමෙයි.. ඒක එයාගේ රැකියාව.. මෙහෙත් ඉන්නවා ඔය වගේ නායකයෝ උද්ඝෝෂණ සහ විරෝධතා විතරයි.. වෙන මොකුත් බැහැ..!(නු)

:       0       0

රංගශානි Friday, 08 February 2013 08:00 PM

අනේ පව් තවමත් දුක තුනී වෙලා නැතිව ඇති.. මෙයාට දැනෙන විදියෙ දඩුවමක් දෙන්න ඕන.. දුක තුනී වෙන්න.!(නු)

:       0       0

කමල් Friday, 08 February 2013 08:03 PM

ඉන්දියාවෙ අයට වයිකෝ ඉන්නවා කියලා දැනගන්න ලංකාවෙ කවුරුහරි යන්න ඕන..!(නු)

:       0       0

හිල්මි Friday, 08 February 2013 08:28 PM

වයිකෝගේ විරෝධතාවය සාධාරණයි (නි)

:       0       0

කොතලාවල Friday, 08 February 2013 08:31 PM

ඕවා කොච්චර කළත් අපේ ජනපති සැලෙන්නෙ නැහැ..!(නු)

:       0       0

අනුර Friday, 08 February 2013 08:39 PM

අනේ වයිකෝ..!(නු)

:       0       0

අජිත් Sunday, 10 February 2013 09:31 AM

වයිකෝ මෙහෙ හිටියනම් කේ.පී, කරුණා, පිල්ලෙයාන් වගේ නිදහසේ ඉන්න තිබුනා කියලා දැන් හිතෙනවා ඇති.(නදී)

:       0       0

ලක්මාලි Friday, 08 February 2013 09:37 PM

කොටි පැටව් බෝ වෙලා වගේ..!(නු)

:       0       0

ප්‍රසන්න Friday, 08 February 2013 09:51 PM

අපේ ජනපතිතුමා ඕවට සැලෙන්නෙ නැහැ.. ජය වේවා..!(නු)

:       0       0

ලක්ෂිත ප්‍රංශය Friday, 08 February 2013 11:19 PM

යන්න ඕන හැම සුමානෙම ඉන්දියාවට ගිහිං එන්න.. එතකොට ප්‍රශ්න ඉවරයි..!(නු)

:       0       0

ඩයස් Friday, 08 February 2013 11:47 PM

රැවුලත් ඕනෑ, කෑදත් ඕනෑ ප්‍රතිපත්තියකයි ඉන්දියාව ඉන්නේ. ගියපාර ජිනීවා වලදී අපට ඡන්දය නුදුන්නේ ඒකයි. මුලු ඉන්දියාවෙම ජනතාව ශ්‍රී ලංකා ජනාධිපතිතුමාට උපහාර කළයුතුයි. මන්ද ප්‍රභාකරන් අපාගත නොකරන්න ඔය සාමගිවිසුම් කාලේ ගෙනාපු නැවුගණන් ආයුධ වලින් මුලු ලංකාවත් අල්ලලා,දකුණු ඉන්දියාවෙත් කොටසක් කඩාගෙන ඊලම පිහිටලා හමාරයි. ජනාධිපතිතුමනි, ඕවා ගනන් ගන්න එපා. ඊලම නැති වුණ දුකටයි ඔය කෑ ගහන්නේ. (නි)

:       0       0

දේවානන්ද හිමි Friday, 08 February 2013 11:58 PM

තවමත් යුද්ධය සමිබන්ධ ඇතිවූ වෛරය ඒ මිනිසුන් තුළ මැකී නොමැති බව මෙම සිදුවීම් තුලින් අපට පෙනේ.. මෙවැනි භාදක මැද ජනපතිතුමා තම රට වෙනුවෙන් කරගෙන යන්නාවූ මහගු සේවයට අතහිතදීම අප කාගේත් යුතුකමකි. වගකීමකි. ඒ අතර ජාතිභේද කුළ භේද ආගම් භේද නොසලකා අප සියල්ලන් ශ්‍රි ලාංකිකයන් ලෙස රටේ ජනතාවගේ අනාගත සුභ සිද්ධිය තකා කවුරැත් සහජීවනයෙන් එකතුව කටයුතු කිරීමට දැං කාලය බව මෙයින් අපට තහවුරැ වේ..!(නු)

:       0       0

විරංජ Saturday, 09 February 2013 06:13 PM

ඕකත් චිත්‍රපටියක්ද දන්නේ නැහැ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 23 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 822 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site