මෛත්‍රිපාල සිරිසේන ජනපති විසින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති ලෙස බෙල්ලන්විල විමලරතන හිමි යළි පත්කරනු ලැබ සිටිති.
පේරාදෙණිය හා කොළඹ විශ්ව විද්‍යාල සඳහා උප කුලපතිවරුන් දෙදෙනකුද අද (5) ජනපති අතින් සිය පත්වීම් ලිපි ලබාගත්හ.
කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපති ලෙස මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක හා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති ලෙස මහාචාර්ය උපුල් දිසානායක මහත්වරු ජනාධිපති ලේකම් කාර්යාලයේදී එසේ පත්වීම් ලැබූහ.
ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති ලෙස බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ ධූර කාලය තවත් වසර පහකින් දීර්ඝ කිරීමේ පත්වීම් ලිපිය ජනපතිවරයා අද පස්වරුවේ බෙල්ලන්විල රජමහා විහාරයේදී උන්වහන්සේට පිළිගැන්වීය.
එම අවස්ථා සඳහා ජනාධිපති ලේකම් පී.බී.අබේකෝන් මහතාද එක්ව සිටියේය.
(ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය)
2025 දෙසැම්බර් මස 18
234
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
174
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විමලරතන නාහිමි යළි ජපුර කුලපති
ජයන්ත ධර්මසිරි Wednesday, 05 August 2015 10:23 AM
මහාචාර්ය උපුල් දිසානායක ඔබට උණුසුම් සුබ පැතුම් !!!! සහකාර ලේකකාධිකාරී /කෘෂිකර්ම පීඨය (බ)
ජයන්තා ධර්මසිරි Wednesday, 05 August 2015 10:26 AM
මහාචාර්ය උපුල් දිසානායක ඔබට උණුසුම් සුබ පැතුම් සහකාර ලේකඛාධිකාරී /කෘෂිකර්ම පීටය (ම)
ධම්මිකා රත්නදිවාකර Wednesday, 05 August 2015 10:27 AM
මහාචාර්ය උපුල් දිසානායක . ඔබට උණුසුම් සුබපැතුම් . මාතලේ විද්‍යා විද්‍යාලයේ ඔබේ පන්තියේ යෙහෙලියක් . (ම)
දුමින්ද Wednesday, 05 August 2015 09:01 AM
සුදුස්සාට නිසි ගරු-බුහුමන් (බ)
කුමාර Wednesday, 05 August 2015 09:08 AM
නියම තේරීමක් (ම)
පතිරණ Wednesday, 05 August 2015 02:47 PM
රට හරිමගට ගන්න අධ්‍යාපනය මුලින්ම ඒ ගැන ගැඹුරින් සිතා හරි තීරණ ගන්න ඕනි. (බ)