IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


විමල්ට වරෙන්තු

(නිමන්ති රණසිංහ)

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් කුමරු මෙරටට පැමිණීම සම්බන්ධයෙන් උද්ඝෝෂණයක් කරමින් මහජන පීඩාවක් ඇති කළැයි කියන සිද්ධියකට අදාළව පවතින නඩුවටක් සම්බන්ධයෙන්  හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (13)  වරෙන්තු නිකුත් කළේය.

මෙම සිද්ධියට අදාල මහේස්ත්‍රාත් පරීක්ෂණය අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙලෙස වරෙන්තු නිකුත් විණි.

ඉකුත් 2016 වර්ෂයේ දී එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී මෙම විත්තිකරුවන් කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මහා මාර්ගය අවහිර කරමින් මහජන පීඩාවක් ඇති වන ආකාරයෙන් උද්ඝෝෂණයක් කල බව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

හිටපු අමාත්‍ය විමල් වීරවංශ, රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල්  ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයින් වන වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක, සහ රොජර් සෙනෙවිරත්න යන අයවලුන් මෙහි අනෙකුත් විත්තිකරුවෝ වෙති.

 



අදහස් (8)

විමල්ට වරෙන්තු

prasanna Monday, 13 March 2023 11:38 AM

මෙයගෙ සිහින කවද ඉවර වෙවිද දන්නෙ නැහැ. අපෙ රටෙ බිහිවුනු අති අසාර්තක ,කට්ට, වෙට්ට, හිස් ‌දේසපාලකයෙක්.

:       4       21

වත්සිMonday, 13 March 2023 12:47 PM

හා හා ප්‍රසන්න, අමතක උනාද? දැන් එයා ඔයාලගේ පිලේ.!

:       4       4

Akila Monday, 13 March 2023 11:42 AM

එතකොට පොලිසියේ උන්දලට විතරද මහාමාර්ග වහගෙන මිනිසුන්ට කරදරයක් වෙන විදිහට හැසිරෙන්න පුළුවන් ? මන් තවම දැක්කේ නැහැ එහම කරපු එකකට පොලිසියේ ලොකොන්ව උසාවි කැඳවනවා

:       13       6

වත්සි Monday, 13 March 2023 11:56 AM

බොහොම හොදයි. නමුත් ඒ සමගම තවත් වරෙන්තු නිකුත් කළ යුතුම පිරිසක් ඉන්නවා ඒ වරද්දම කරන. එනම් මහජන පීඩා ඇතිවන අයුරින් මහා මග නෙය්යාඩගම් නටන. මෙන්න ලැයිස්තුවෙන් නම් කීපයක්. අනුර කුමාර, ලාල් කාන්ත, කුමාර් ගුණරත්නම්, කුප්‍රසිද්ධ අන්තරේ ශිෂ්‍ය ත්‍රස්තවාදීන්, ගුරු සංගම් නායක ත්‍රස්තවාදී තුමා ජෝශප් ස්ටාලින්. මේ අයවත් අත්අඩංගුවට ගත්තොත් සාමාන්‍ය මහජනතාවට නිදහසේ පාරේ බැහැල තම තමන්ගේ රැකියාවලට යන්න පුළුවන්.

:       14       13

උපාලි Monday, 13 March 2023 05:13 PM

වත්සි. ඔබේ කතාව සහතික ඇත්ත...

:       0       0

ravin Monday, 13 March 2023 12:21 PM

කාගෙ නෝනටද පෙබරවාරි අග දවස්වල දවස් තුනේ අසනිප නිවාඩු දුන්නෙ? දැන් මෙයාට එයාව බලාගන්න දුන්නු නිවාඩුද?

:       0       1

Kumara Monday, 13 March 2023 01:48 PM

මේ අයට රජකාලේ දඬුවම් තමයි ලැබෙන්නේ...!

:       2       2

ranjith Monday, 13 March 2023 02:24 PM

ආණ්ඩුව පැත්තේ හිටගත්තා නම් ඔය මොනවත් කරදර නැහැ. ඕන මගඩියක් කරලා නිදහසේ ඉන්න පුළුවන්.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 412 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site