IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


විමල්ට එරෙහි නඩුවකට දින දෙයි

(රෝෂන් තුෂාර)

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට සපැමිණි දිනයේ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරත වූ ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු පක්ෂ සාමාජිකයින්ට එරෙහි නඩුව මැයි මස 13 වන දින විභාගයට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (26) දින නියම කළේය.

ඊයේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී විමල් වීරවංශ මහතා අධිකරණයේ පෙනී නොසිටි අතර ,තම සේවා දායකයාට උණ සෑදී ඇති බවට  උදෑසන පණිවිඩයක් ලබා දී ඇති බව ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා අධිකරණයට කරුණු දක්වමින් පැවසීය.

2016 පෙබරවාරි 6 වැනි දිනය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරු ලංකාවට පැමිණීමට විරෝධය පළ කරමින් එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට,තුම්මුල්ල ඇතුළු මාර්ග අවහිර වන අන්දමේ උද්ඝෝෂණයක නියැළීමට එරෙහිව මෙම නඩුව කුරුඳුවත්ත පොලිසිය මගින් පවරා තිබිණි.

මංමාවත් පනත යටතේ හා පොලිස්  ආඥා පනත යටතේ දඩුවම් ලැබිය යුතු වරදක් සිදුකිරීමට එරෙහිව පැමිණිල්ල ගොනුකර ඇති අතර සෙසු විත්තිකරුවන් ලෙස ජාතික නිදහස් පෙරමුණේ මොහොමඩ් මුසාමිල්,පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර,වීර කුමාර දිසානායක,පක්ෂ සාමාජික පියසිරි විජේසිංහ හා රොජර් සෙනෙවිරත්න නම් කර ඇති අතර එම සැකකරුවන් අද අධිකරණයේ පෙනී සිටියේය.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා නඩුවේ සාක්ෂිකරුවකු ලෙස නම්කර ඇති විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලික පනා මල් දිනය මහතාට අධිකරණයේ සාක්ෂි දෙන ලෙස දන්නවා මින් නොතීසි නිකුත් කළේය. 



අදහස් (1)

විමල්ට එරෙහි නඩුවකට දින දෙයි

kotiya Monday, 26 February 2024 11:01 PM

ඊට පස්සේ නඩුව කල් තියනවා.... එහෙමනේ..... මට සාන්ත වඳුරු කුණුහරුප මතක් වෙන්නේ මෙන්න මෙව්වාට තමා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site