(සුජිත් හේවාජූලිගේ)
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය තවත් දින තුනක් නොපැවැත්වීමට තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි,
ඒ අනුව උසස් පෙළ විභාගය දෙසැම්බර් 4 වැනි දා යළි ආරම්භ වේ.
නොවැම්බර් 30, දෙසැම්බර් 2, සහ දෙසැම්බර් 3 යන දිනයන්හි විභාගය නොපැවැත්වීමට ඒ අනු විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
දෙසැම්බර් මස 4 වන දිනට කාලසටහනේ නියමිත විෂයන් ඒ අයුරින්ම පවත්වන බව විභාග කොමසාරිස්වරයා පැවැසීය.
ඒ අනුව කල්දැමූ උසස් විෂයන් නැවත පවත්වනු ලබන අයුරු විභාග කොමසාරිස්වරයා දැනුම් දී සිටියේ මෙසේය
* නොවැම්බර් 27 වන බදාදා නොපැවැත්වූ විෂයන් දෙසැම්බර් 21 සෙනසුරාදා
* නොවැම්බර් 28 වන බ්‍රහස්පතින්දා නොපැවැත්වූ විෂයන් දෙසැම්බර් 23 සඳුදා
* නොවැම්බර් 29 වන සිකුරාදා නොපැවැත්වූ විෂයන් දෙසැම්බර් 27 සිකුරාදා
* නොවැම්බර් 30 වන සෙනසුරාදා නොපැවැත්වූ විෂයන් දෙසැම්බර් 28 සෙනසුරාදා
* දෙසැම්බර් 2 වන සඳුදා නොපැවැත්වූ විෂයන් දෙසැම්බර් 30 සඳුදා
* දෙසැම්බර් 3 වන අඟහරුවාදා නොපැවැත්වූ විෂයන් දෙසැම්බර් 31 අඟහරුවාදා
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
විභාග තව දින තුනක් ඉදිරියට කල් දමයි
සමන් විමල් Thursday, 28 November 2024 04:06 PM
කාලගුණයෙන් විභාගය කල් දමන ලෙස ඉල්ලා සිටියත් හිතුවක්කාර උද්දච්ච විදියට විභාගය තිබ්බේ තම හිතවතාගේ ව්‍යාපාරයට උදව් කරන්න කියලා රට්ටු දන්නවා...!