(ඩයනා උදයංගනී)
පාර්ලිමේන්තුවේ කතා කිරීමට විපක්ෂයට වැඩිපුර කාලයක් ලබා දුන්නේයැයි කියමින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තු සභා ගැබෙන් පිටවී ගියහ. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් තුන් දෙනකුට කතා කිරීමට අවස්ථාව ලබා දීමට තමා පොරොන්දු වීයැයි ද ඒ සඳහා අවස්ථාව දිය යුතු යැයි ද කතානායක කරු ජයසූරිය මහතා කීවේය.
එය අසාධාරණ බවත්, එලෙස කළහොත් පාර්ලිමේන්තුවේ සෙසු වැඩකටයුතු කරගෙන යෑමට නොහැකි බවත් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීවේය.
කතානායකගේ ස්ථාවරය වෙනස් නොවූයෙන් ඊට විරෝධය පළ කරමින් ලක්ෂමන් කිරිඇල්ල සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා සභාවෙන් පිටව ගියහ. ඔවුන් ගිය පසු ආණ්ඩු පක්ෂයේ සෙසු මන්ත්‍රීවරු ද පිටවී ගියහ.
21 වැනි දා තෙක් සභාව කල් තැබීමට කතානායකවරයා තීරණය කළේය.
තියුණු ආයුධ වලින් පහරදී පුළුස්සා ඝාතනය කරන ලද පුද්ගල මළ සිරුරක් ගල්කිස්ස හුළුදාගොඩ ප්‍රදේශයේ පාළු ඉඩමක තිබියදී සොයා ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසි
යුක්රේනයේ ඇතැම් දුර්ලභ ඛනිජ සම්පත් සඳහා ඇමෙරිකාවට ප්‍රවේශය ලබාදෙන ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුමට ඇමෙරිකාව සහ යුක්රේනය පසුගියදා අත්සන් තැබුවේය. යුක්ර
පුරන් කුඹුරු අස්වැද්දීමේදී අක්‍රමිකතාවක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.
කතරගම ,පෙරගිරිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් නිවෙසේදී අද(01) ඝාතනය කර ඇතැයි කතරගම පොලීසිය කියයි.
ඩීසල් මිළ පහළ දැමුවද බස් ගාස්තු පහළ දැමීමක් සිදු නොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේය.
ගිනි අවියක් පෙන්වා පුද්ගලයෙකුට මරණීය තර්ජනය කර රුපියල් ලක්ෂ 85 ක් මුදලක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු අපරාධ පරීක්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
විපක්ෂයට වැඩිපුර කාලය දුන්නැයි ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරු පිටව යති
lusena Friday, 10 March 2017 07:30 AM
ජරා පාර්ලිමේන්තුව
viki Friday, 10 March 2017 09:28 AM
ශ්‍රී ලංකාව සංවර්ධනය කරන්නනම් මේ වගේ අය පාර්ලිමේන්තුවෙන් ඉවත් කළ යුතුයි
siri Friday, 10 March 2017 09:29 AM
එයාල හිටිය කියල , කරන්නේ අනුන්ගේ රෙදි හෝදන එකනේ.
sumya Friday, 10 March 2017 09:49 AM
ඊයේ දුන්න ගේමෙන් පස්සේ එන ඇනුම් බැනුම් වලින් බේරෙන්න දුන්න වෙන ගේම් එකක් දෝ කියලත් හිතෙනවා, මෙහෙම පුලුවන්ද පාර්ලිමේන්තුවක ජනතා ප්‍රශ්න රටේ ප්‍රශ්න කතා කරන්න ? අනේ මන්ද මෙහෙම දේවල්, ඉස්සර පක්ෂ විපක්ෂ උපහාසාත්මකව වාද විවාද කලා රටේ ප්‍රශ්න ගැන, දැන්නම් එක සම්පූර්ණයෙන් වෙනස්, පාර්ලිමේන්තු සම්ප්‍රධාය අතින් පයින් රණ්ඩු කරගැනීම වැඩයි පෙන්නේ.
aravinda Friday, 10 March 2017 11:32 AM
අයෙත් ඉස්කෝලේ යැවිය යුතුයි.
ravin Friday, 10 March 2017 12:11 PM
"කොළඹ සරසවියේ ශාස්ත්‍ර පීඨයේ අධ්‍යයන කටයුතු නවතා දමයි" ලංකාදීප ප්‍රවුර්තියක් --- විශ්වවිද්‍යාලය වසාදමයි. "විපක්ෂයට වැඩිපුර කාලය දුන්නැයි ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරු පිටව යති" ලංකාදීප ප්‍රවුර්තියක් - පාර්ලිමේන්තුව වසාදමයි . දෙතැනම විනය පිරිහී ගොසින්ය
hewawitharana Friday, 10 March 2017 12:26 PM
අනේ මෙහෙම ඉර්ශියාවක් එදා ඉඳලම අපේ සිංහලය බළල්ලු වගේ එකාට එකා කා ගන්නවා