කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ නෙළුම්දෙණියේ දී වෑන් රථයක් හා ටිපර් රථයක් අනතුරට ලක්වී එකම පවුලේ කාන්තාවන් දෙදෙනකු ඇතුළු හතර දෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. ඔවුහු කළුතර පදිංචි කරුවෝය. අනතුරින් වෑන් රථය පාරෙන් ඉවතට විසිවී පල්ලමට පෙරළුණු බවත් වැලි පැටවූ ටිපර් රථයත් වෑන් රිය මතට ම පෙරළුණු බවත් ගැමියෝ කියති. වෑන් රියේ ගමන්ගත් හත්දෙනා බරපතල තුවාල සහිතව කෑගල්ල රෝහලට ගෙන යනු ලැබීය. රෝහල් ආරංචි පවසන්නේ ඉන් හතර දෙනකු රෝහලට ගෙන එන විටත් මියගොස් සිටි බවයි.
2025 දෙසැම්බර් මස 18
552
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෑන් රිය මතට ටිපර් රථය පෙරැළේ
කුමුදු Monday, 28 December 2015 05:36 AM
ටිපර් රථ රියදුරන්ට වයස සීමාවක් පැනවිය යුතු කාලය එළඹ ඇත. සියලුම රියදුරන් දැඩි නීති වලට යටත් කළයුතුය. සියලුම ටිපර් රථ ධාවනයට සුදුසුද කියා පරික්ෂා කළයුතුය (නි)
නිමල් ලාලිත Sunday, 27 December 2015 03:18 AM
වරදකරුවන් වන රියදුරාට හෝ රියදුරන්ට අනිවාර්යයෙන්ම උපරිම දඬුවම් දියයුතුය. (නි)
සුරම්‍ය Monday, 28 December 2015 02:10 PM
මම ඒ මියගිය පවුල හොඳින්ම අඳුනනවා. අහන්නත් දුකයි ඒ වගේම ඒ පවුලේ ළඟම නෑදෑයන් ඉතාමත් දුකින් ඉන්නේ වුණු දෙයට. මියගිය තරුණ මවගේ දෙමාපියන් සහ සොයුරන්ට දැනෙන ගින්දර කියන්න වචන නැහැ, (බ)
දර්ශන Sunday, 27 December 2015 07:00 AM
ලංකාවේ අලුත්ම මාරයා තමයි ටිපර් රථ. මේ මිනිස්සු පාරේ යන පොඩි වාහන ගැන කිසිම සැලකිල්ලක් නෑ. මොකද හැප්පුනත් යකඩ කඳන් වැනි ටිපර් රථයටවත් එහි යන අයටවත් අනතුරු සිදුවෙනවා අඩුනිසා. (ර)
විකි Sunday, 27 December 2015 07:12 AM
ලංකාවේ මම දැකපු දෙයක් තමයි මේ ටිපර් රථ නිතරම මාර්ග නීති උල්ලංගනය කරමින් තමයි ධාවනය කරන්නේ . මෙතරම් බරක් දරාගෙන අධික වේගයෙන් ධාවනය කිරීම අපේ රටේ මාර්ග වලට ඔරොත්තු දෙන්නේ නෑ. බර වාහන වලට වේග සීමාවක් තිබිය යුතුයි. ඒ වගේම මෙවැනි රියදුරන්ට දැඩි දඬුවම් දිය යුතුයි. (ර)
කමල් Sunday, 27 December 2015 09:10 AM
ටිපර් රථ විතරක් නොවෙයි, බස්, කන්ටේනර්, පොඩි වාහන ගෙන කිසිම තැකීමක් නැහැ. (ර)
ජිවන්ත Monday, 28 December 2015 01:43 AM
අනේ දෙවියනේ! (නි)
නිමන්ත Monday, 28 December 2015 02:08 AM
මම මේ සිද්ධිය වුණ තැනින් ගියා. එතන ලොකු ප්‍රපාතයක් තියෙන්නේ. මියගිය අයට නිවන් සුව! (නි)
අසංක Sunday, 27 December 2015 10:46 AM
මොවුන්ගේ සියලු දේපොළ රාජසන්තක කරන්ට නීතියක් දැමිය යුතුයි (බ)