(ටෝනි කරුණානායක)
යතුරු පැදි වෑන් රථයක් අනතුරක් හේතුවෙන් වෑන් රථයේ පැටලුණු කාන්තාවක ඇදෙන යද්දී වෑන් රථය පසු පස පන්නාගොන් ඇය බේරාගෙන ඇතැයි දිවුලපිටිය පොලිසිය කියයි.
යතුරුපැදියේ පිටුපස අසුනේ ගමන් කළ කාන්තාවක එසේ කිලෝමීටරයක් තරම් දුරකට ඇදගෙන ගොස් ඇත.
දිවුලපිටිය ,මීගමුව ප්‍රධාන මාර්ගයේ මරදගහමුල 12 කණුව ප්‍රදේශයේ දී එම අනතුර සිදුව තිබේ.
බරපතල තුවාල ලැබූ කඩවල , මිල්ලගහවත්තේ පදිංචි 41 හැවිරිදි කාන්තාව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.
යතුරු පැදිය දිවුලපිටිය ප්‍රදේශයේ සිට මීගමුව දෙසට ධාවනය කරද්දී අතුරු මාර්ගයකින් ආ මෝටර් රථයකට ඉඩ දීම සඳහා යතුරුපැදියේ වේගය අඩු කර ඇත.
එම අවස්ථාවේ යතුරු පැදියට පිටුපසින් පැමිණි වෑන් රථය යතුරු පැදියේ සහ මෝටර් රථයේ ගැටී තිබේ.
වෑන් රථය යතුරු පැදියේ ගැටෙනවාත් සමග යතුරු පැදියේ පිටුපස ගමන් කළ කාන්තාව වෑන් රථය යටට විසි වී ගොස් එහි පැටලී ඇත.
අනතුරත් සමග වෑන් නොනවත්වා ධාවනය කර ඇති අතර අවට සිටි පිරිස යතුරු පැදි සහ වාහනවලින් වෑන් රථය පිටුපස හඹා ගොස් ඇති බව පොලිසිය කියයි.
පසුව ලොරි රථයක් හරස්කර වෑන් රථය නවතා බරපතළ තුවාල ලබා සිටි කාන්තාව බේරා ගැනීමට මහජනතාව කටයුතු කර ඇති බව පොලිසිය සදහන් කලේය.
බීමත්ව සිට ඇති වෑන් රථයේ රියදුරු පලා යාමට ගත් උත්සාහයේදී කුපිත වූ ජනතාව විසින් අනතුර සිදු කළ වෑන් රථ රියදුරුට පහර දීම හේතුවෙන් එම රියදුරුව රෝහල් ගත කර ඇති බව පොලිසිය කියයි.
මීරිගම , ගුරුගොඩැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 38 හැවිරිදි සැකකාර රියදුරුව මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
වෑන් රථයේ පැටළුණු කත කිලෝ මීටරයක් ඇද ගෙන යයි
Bunny Preena Tuesday, 14 March 2023 09:52 AM
ගහන්ට නෙමෙයි තිබුනෙ රියදුරාවත් අර කාන්තාවට උනා වගෙය් ඔහුගෙම වන් රතයෙ පටලවල කිලො ්මීටටරයක් විතර ඩුරකට අඩගෙන යන්ට තිබුනෙ වෙදනාව කොහොමද කියල ඔහුට දැනෙන්ටත් එක්ක.