(සමන් කාරියවසම්, දයා හේමන්ත සහ සුමිත් පොතුපිටිය)
වාද්දුව රත්නායක පාර ආසන්නයේ දුම්රිය හරස් මාර්ගය හරහා ධාවනය කළ වෑන් රථයක් දුම්රියක ගැටිමෙන් වෑන් රථයේ සිටි කාන්තාවක් තුවාල ලබා පානදුර මුලික රෝහල වෙත අද(30) ඇතුලු කල බව වාද්දුව පොලිසිය කියයි.
අනතුර පත්වු තරුණ යුවළක් නිවාඩුවක් ගතකිරිම සදහා ඒ ආසන්න යේ නිවාඩු නිකේතනය ක් වෙත යමින් සිට්යදි මේ අනතුරට මුහුණ පා ඇති බව පොලීසිය කියයි.
ගාල්ල සිට මරදාන බලා ධාවනය වූ මන්දගාමී දුම්රියක වෑන් රථය ගැටී ඇති අතර වැන් රතයේ සිරව සිටි කාන්තාව බේරා ගැනිමට ප්‍රදේශවාසීහු ක්‍රියාකළ බව වාද්දුව පොලිසියේ ප්‍රකාශකයකු කීය.
අනතුරට පත් වූ දෙදෙනා කොටිකාවත්තේ ප්‍රදේශයේ පදිංචි අයවලුන් බව පොලිසිය කියයි.
වාද්දුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චාමෙන්‍ද්‍ර මහතාගේ උපදෙස් පරිදි රතවාහණ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගයාන් කහටපිටිය සැරයන් උපුල් මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් වැඩිදුර පරීක්ෂණ සිදු කරති
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
වෑන් රථයක් වාද්දූවෙදී දුම්රියේ ගැටෙයි