(ශාන්ත පී. බණඩාර සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල රන්වල ප්‍රදේශයේ දී වෑන් රථයක් සහ යතුරු පැදි තුනක් මුහුණට මුහුණ ගැටීමෙන් තිදෙනකු මියගොස් දෙදෙනකු තුවාල ලබා කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.
මියගොස් ඇත්තේ මොහොමඩ් මිල්හාර්,මොහොමඩ් අල්ෆාස් සහ මොහොමඩ් සෆාරාස් නමැති තරුණයන් තිදෙනෙකි. ඔවුන් තුල්හිරියෙ පදිංචිකරුවෝ වෙති.
කොළඹ දිසාවේ සිට නුවර දෙසට ගමන් ගත් වෑන් රථය දකුණට බරව ධාවනය වීමේ දී කෑගල්ල දෙස සිට නුවර දෙසට පැමිණි යතුරුපැදි තුනේ මුහුණට මුහුණ ගැටී ඇතැයි පොලිසිය කියයි.
එහිදී බරපතල තුවාල ලද යතුරුපැදිවල ගමන්ගත් පුද්ගලයන් පස් දෙනාම කෑගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් ඇතුලත් කිරීමෙන් අනතුරුව එයින් තිදෙනකු මියගොස් තිබූ බව මාධ්‍ය ප්‍රකාශක වරයා කීය.
වෑන් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත කෑගල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
වෑන් යතුරු පැදි ගැටී තුනක් මරුට
kamalweerasekara Saturday, 10 September 2022 01:45 PM
වේගය මරුවා කැඳවයි