IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


විනිසුරු උම්බලකඩ හොරා අල්ලා දෙයි

‍ෙගමන් කරන ලොරියකින් කොළඹ ලිෆ්ටන් වටරවුමේදී උම්බලකඩ පෙට්ටියක් සොරකම් කළ බව කියන ත්‍රිරෝද රථ රියදුරකු අල්ලා දීමට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාට හැකි විය. වාහන තදබදයක් නිසා විනිසුරුතුමා ගමන් කළ රිය මදකට නතර වෙද්දී ඉදිරිපස වූ ත්‍රිරෝද රථයට ලොරියකින් පෙට්ටියක් පටවනු විනිසුරුතුමා දැක ඇත. ඔහු තම පොලිස් නිලධාරීන්ට ඒ බව දැන්වීය. එහෙත් සැකකරු දිවුවේය. ආරක්ෂක නිළධරයා ඔහු ලුහුබැද ගොස් අල්ලා ගත්තේය. උම්බලකඩද ත්‍රිරෝද රථයේ තිබිණි. ත්‍රිරෝද රථ රියැදුරා සහ හොර බඩු කුරුඳුවත්ත පොලිසිය බාර දුන්නේය. උම්බලකඩ වල වටිනාකම රුපියල් 13580කි.කිරුලපොනේ ත්‍රිරෝද රථ රියැදුරු අශෝක රුක්ෂාන් අබේවර්ධන ලබන 18 දැක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා නියෝග කෙළේය. ත්‍රිරෝද රථ රියැදුරා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා උසාවියට පැවැසූයේ ත්‍රිරෝද රථ රියැදුරා අහිංසක බවයි. වෙනත් අයකු උම්බලකඩ පෙට්ටිය සොරකම් කළ බව ද ඔහු කීවේය.



අදහස් (0)

විනිසුරු උම්බලකඩ හොරා අල්ලා දෙයි

උපාලි Saturday, 16 February 2013 08:38 AM

නීතිඥයෙකුගේ කාර්යභාරය ඕනෑම බොරුවක්, වංචාවක් කර වැරදිකරුවා වුණත් තම සේවාදායකයා බේරෙන එක. ඔන්න අපේ විශිෂ්ට නීතිඥවරු.පව් අප්පා. (නි)

:       0       0

දෝහා Saturday, 16 February 2013 10:25 PM

විනිසුරුතුමා ඇහැටම දැක්කා නම් කොහොමද වෙන කෙනෙක් කළා කියලා කියන්නේ? (නි)

:       0       0

වීරතුංග Saturday, 16 February 2013 10:24 PM

අපිටත් ‍මෙහෙම හොරු අල්ලන්න පුලුවන් නම්? (නි)

:       0       0

රොෂාන් Friday, 15 February 2013 07:19 PM

පව් අප්පා! හරි අහිංසකයෙක් වගේ.(නදී)

:       0       0

ලියනගේ Sunday, 17 February 2013 04:44 AM

විනිසුරුවරයෙක් වෙන්න නීති ක්ෂේත්‍රෙය් අත්දැකීම්, පලපුරුද්ද, සහ ගොඩක් කැපකිරීම් කරන්න වෙනවා. ඒ වගේ තෙනෙකුට අපි නිසි ගෞරවය දිය යුතුයි?(නදී)

:       0       0

අනුර Friday, 15 February 2013 08:24 PM

නිතිඥවරයා රියදුරා අහිංසකයි කිව්වේ උම්බලකඩ ටිකක් දෙනවාවත් කිව්වද?(නදී)

:       0       0

ගාමිණී Friday, 15 February 2013 08:33 PM

දැන් ඉතින් කාලා බලපන්කෝ උම්බලකඩ.(නදී)

:       0       0

ගාමිණී Friday, 15 February 2013 09:01 PM

නඩුකාර හාමුදුරුවන්ගේ වැඩේ නම් විශිෂ්ටයි. (නි)

:       0       0

කුරුවිට Friday, 15 February 2013 09:11 PM

විනිසුරුතුමා පරිස්සමින්... (නි)

:       0       0

චන්ද්‍ර කුමාර Friday, 15 February 2013 09:20 PM

ඔන්න අපේ නීතිඥවරු... (නි)

:       0       0

ෂෙරිෆ් Friday, 15 February 2013 09:23 PM

හොරා අහිංසකයා වෙන්නෙ උසාවියෙදි පමණයි. (නි)

:       0       0

ද සිල්වා Saturday, 16 February 2013 02:03 PM

විනිසුරුතුමා මේවා පෙන්නලා දෙනකම් පොලිසිය මොකද කළේ..!(නු)

:       0       0

සංජීව Friday, 15 February 2013 09:29 PM

ලංකාවේ නිතිඥයින් ඔවුන්ගේම විනිසුරු ඇසින් දුටු සාක්ෂියත් බොරු කරන්න උත්සාහ කරන හැටි? (නි)

:       0       0

විජිත Saturday, 16 February 2013 02:56 PM

මෙයාලට පුළුවං පොල් හොරු උම්බලකඩ හොරු අල්ලන්න තමයි..!(නු)

:       0       0

නන්දන Saturday, 16 February 2013 03:45 PM

විනිසුරුතුමා පොලිසියේ රාජකාරියත් අකුරටම කරලානේ. (නි)

:       0       0

කුරුවිට Sunday, 17 February 2013 08:57 AM

උම්බලකඩ හොරා ගදෙන් දැනේ... (නි)

:       0       0

සම්පත් Saturday, 16 February 2013 04:11 PM

මේ විනිසුරුතුමන්ට දූෂිත දේශපාලකයින්වත් හදුනාගත හැකිවේවා යැයි පතනවා! (නි)

:       0       0

රාජු Saturday, 16 February 2013 02:13 AM

මට මතක් වෙන්නෙ ජේම්ස් බොන්ඩ්. (නි)

:       0       0

ඩයස් Saturday, 16 February 2013 03:29 AM

විනිසුරුතුමාට ස්තුතිය. රජකාරියෙන් පිටතත් සේවය කළාට. (නි)

:       0       0

ප්‍රියංක Saturday, 16 February 2013 05:32 AM

සමහර වෙලාවට මට හරිම සැකයක් පහළ වෙනවා නීතිඥයෙකුගේ කාර්යභාරය කුමක්ද කියා. සාධාරණ තීන්දුවක් ලබාගැනීමට උදවු කරනවාද එහෙම නැත්නම් ඕනෑම බොරුවක්, වංචාවක් කර තම දායකයාට වාසිවන ලෙසට ක්‍රියාකරනවාද කියන එක. (නි)

:       0       0

සිල්වා Saturday, 16 February 2013 06:23 AM

කාගෙන් බේරුණත් මෙතුමාගෙන් නම් බේරෙනවා බොරු. (නි)

:       0       0

ශ්‍රීමාලි Saturday, 16 February 2013 07:09 AM

ඇත්ත නැත්ත කුමක් වුණත් කලු කපුටා සුදු කරන්න පුලුවන් කෙනා නීතිය ඉදිරියේ දිනන බව අපේ නීතිඥයින් දන්නවා. (නි)

:       0       0

කිවි Saturday, 16 February 2013 07:31 PM

ඔය විදියටම උසාවි ඇතුළෙ ඉන්න හොරුත් අල්ලන්න පුලුවන් නම්? (නි)

:       0       0

සෙනරත් Saturday, 16 February 2013 07:30 AM

විනිසුරුතුමා පාරෙදීම උසාවියක් පිහිටුවලා වගෙයි. (නි)

:       0       0

සිල්වා Saturday, 16 February 2013 07:33 AM

වැරදිකරුවා නිවැරදිකරුවා වෙන්නෙත්, නිවැරදිකරුවා වැරදිකරුවා වෙන්නෙත් උසාවියට ඉදිරිපත්වන සාක්ෂි සහ තර්ක කිරීම් මත නිසා අපි කලබල වියයුතු නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 421 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 310 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 483 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site