IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


විනිසුරුවරුන්ගෙන් බදු අය කිරීමේ වළකන අතුරු නියෝගය දිගු කරයි

(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)

මහාධිකරණ විනිසුරුවරුන්, දිස්ත්‍රික් විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන්ගේ වැටුපෙන් උපයන විට බදු අය කිරීමට දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුව ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවමින් නිකුත් කරන ලද අතුරු නියෝගය ලබන මස පළමු වැනිදා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද (24) නියෝග කළේය.

මෙම පෙත්සම සභාපති විනිසුරු ධම්මික ගනේපොළ සහ ඒ.එස්.ආර් මරික්කාර් මහත්වරුන්ගේ සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලින.

මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය, දිස්ත්‍රික්ක විනිසුරුවරුන්ගේ සහ මහේස්ත්‍රාත්වරුන්ගේ සංගමය විසින් ගොනුකර තිබූ මෙම පෙත්සමෙහි වග උත්තරකරුවන් වශයෙන් අධිකරණ අමාත්‍යංශයේ ප්‍රධාන ගණකාධිකාරී සහ අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරයා නම් කරනු ලැබ සිටිති.

පෙත්සමේ මෙසේද සඳහන් වේ.

පෙත්සම්කාර විනිසුරුවරුන්ගේ වටුපෙන් උපයන විට බද්ද අඩු කිරීමට දේශීය අදායම් දෙපාර්තමේන්තුව තීරණයක් කර ඇත.විනිසුරුවරුන්ගෙන් බදු අයකිරීම ව්‍යවස්ථාවට සහ නීතියට පටහැනි වේ.එබැවින් වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද අදාල තීරණය බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද එම තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කාර විනිසුරුවරුන් සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.

පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙනී සිටියේය.



අදහස් (9)

විනිසුරුවරුන්ගෙන් බදු අය කිරීමේ වළකන අතුරු නියෝගය දිගු කරයි

මහසෙන් Friday, 24 February 2023 05:43 PM

ව්‍යවස්ථාවට සහ නීතියට පටහැනි බව සඳහන් කර තියෙන්නේ මෙයාලා වෙනත් ලෝකෙකින් ආව අමුතු ජීවී කොට්ඨාශයක්ද?

:       0       103

Lakmal Friday, 24 February 2023 05:46 PM

එයාලාට විතරද සහන? එයාලාට විතරද ප්‍රශ්න තියෙන්නේ?

:       0       77

චන්දන Friday, 24 February 2023 06:48 PM

තමන්ගේ අතෙහි තියෙන හැන්දෙන් තමන්ට විතරයි බෙදා ගන්නේ... එහෙම නේද?

:       0       52

de silva Friday, 24 February 2023 09:01 PM

විනිසුරුවරු වැරදි පූර්වාකදර්ශයක් දීලා කොහොමද රටක් යදන්නේ. එංගලන්තෙ , ඇමෙරිකාවේ සහ අ්සල්වැසි ඉන්දියාවෙත් විනිසුරුවරුත් බදු ගෙවනවා. මෙහේ මොකද බැරි?

:       0       15

sanjeewa Friday, 24 February 2023 09:04 PM

විනිසුරුවරු, පොලිස් නිධාරීන්, දොස්තරලා කියන්නේ රජයේ සේවකයෝ. කෙටියෙන් කියනව නම් මොවුන් ජනතා සේවකයෝ අපේ සේවකයොත් බදු ගෙවන්නේ නැතිනම් මහ ජනතාව වන අපි බදු ගෙවන්න අවශ්‍යද?

:       0       14

Kamal Friday, 24 February 2023 09:16 PM

අපේ නඩු අපිම අහලා අපිට වාසිවෙන විදිහට තීන්දු දීගන්න බැරිද? හැම පුරවැසියෙක්ම නඩු කාරයෙක් කරමු...

:       0       25

Sagara Friday, 24 February 2023 09:31 PM

හිතාගන්න පුළුවන් නේද මෙයාලා තීන්දු දුන්නු විදිය... තරාදිය දෙකට නමා....

:       1       30

Nimal Saturday, 25 February 2023 09:29 PM

ඔය අදාල වගන්තිය වෙනස් කරා නම් හරි නේ. ඇයි එයාලට විතරක් බදු ගෙවන්න බැරි? මාර වැඩක් නේ ඒක? එයාලා හොඳටම තර්ක ශාස්ත්‍රය දන්නව නේද? ඒක තර්ක ශාස්ත්‍රය අනුව කොහොමද සාධාරණය කරන්නේ.

:       0       1

Siira Sunday, 26 February 2023 06:19 AM

තමන්ගේ වාසියට නිත හදන රටක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site