IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


විනිසුරුගේ පෙත්සම විභාගයට

තමා අත්අඩංගුවට ගැනීමෙන් වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ද ආබෘ මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම හෙට (08) ත්‍රිපුද්ගල ශ්‍රේඨාධිකරණ විනිසුරු මඩුල්ලක්  හමුවේ සලකා බැලීමට නියමිතය .

මෙම පෙත්සම චන්ද්‍රා ඒකනායක, අනිල් ගුණරත්න සහ උපාලි අබේරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවේ.

තමාට එරෙහි පැමිණිල්ල විභාග කරන ආකාරය නීතියට පටහැනි බවත්, එමගින් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බවත් කියමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘ මහතා නීතීඥ නිමල් මුතුකුමාරණ මහතා මගින් ගොනු කළ සිය මූලික අයිතිවාසිකම්  මූලික අයිතිවාසිකම් පෙත්සමින් ඉල්ලා සිටී.



අදහස් (0)

විනිසුරුගේ පෙත්සම විභාගයට

නන්දලාල්-ප්‍රංශය Tuesday, 07 July 2015 09:04 PM

මොකද මේ බයවෙලා වගේ? වැරද්දක් නොකළා නම් බයවෙන්න ඕනත් නැහැ. නිදැල්ලේ ඉන්න ඉඩදෙන්න කියා උසාවි යන්නත් ඕනෑ නැහැනේ. (නි)

:       0       0

සුමිත් Wednesday, 08 July 2015 08:07 AM

ශාන්ත ඔය හරි, අපේ රටේ මිනිස්සු බලන් ඉන්නේ කාට හරි වරදිනකම්, හිනාවෙන්න. මහ පුදුම මිනිස්සු, මිනිහෙක් හොඳින් ඉන්නවනම් ඇහේ කටු ඇනෙන්න වගේ, කොයි වෙලේ වරදිවිද කියා කියා බල බල ඉන්නේ. කී දෙනාද අවන්කවම දුක බෙදා ගන්නේ , හරිම අතලොස්සක් , ඇත්තටම සත්තු මොන තරම හොඳද. (ර)

:       0       0

රුවන් Tuesday, 07 July 2015 12:33 PM

මේක ගොඩින් බේර ගන්න පුළුවන් ප්‍රස්නයක්. අනික මේ විනිසුරු තුමාගේ ගෙදර තත්වේ අද මම දැක්කා. පව් කියලත් හිතෙනවා. හොදීන් හැම දෙයක් ම විසදේවා.! (ර)

:       0       0

නිවන්තක Tuesday, 07 July 2015 02:05 PM

සමහරු දැන් තීන්දුවත් දීලා ඉවරයි වගේ (නි)

:       0       0

තිස්ස Tuesday, 07 July 2015 02:06 PM

අපි බලමුකෝ මොකක්ද තීරණය කියලා (නි)

:       0       0

තිලක් Tuesday, 07 July 2015 02:06 PM

අපි නොදන්නා පැත්තකුත් මෙහි තිබෙන්න පුලුවන් (නි)

:       0       0

ශාන්ත සේනාධීර Tuesday, 07 July 2015 02:05 PM

අපේ රටේ බොහෝ දෙනෙකුගේ සිරිතක් මිනිසෙකු හට වැරදුනවිට පිට පිට පහර දී වැටෙන්නම ගහන එක.මා පසුගිය දිනවල මෙහි පළකර තිබු අදහස් කියවා මහත් සංවේගයකට පත්වුණා.මේ විනිසුරුතුමා මා නීති සිසුවෙකු කාලේ සිටම දන්නා කියන කෙනෙක්.ජිවිතයේ මොනතරම් උසස් කෙනෙකුට වුණත් විවිධ දේවල් වලට මුහුණපාන්න වෙනවා.අපි කවුරුත් මනුෂ්‍යයින්. අපි දේශපාලන ඇසකින් බලා හෝ විහිළු තාලෙන් මේ වුණ දේවල් ගැන නොබලා පුළුල් විදියට බලන්න ඕනෑ. මොනවා වුණත් හැම ප්‍රශ්නයක්ම සාර්ථකව විසදේවායි ප්‍රාර්ථනා කරනවා (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Tuesday, 07 July 2015 03:52 PM

යහපාලන ආණ්ඩුවක් පත්වුවද පරාජිත රාජපක්ෂ රෙජීමය විසින් බිහිකරන ලද විනිසුරු මාෆියාව සහ නීතිපති දෙපාර්තමේන්තු මාෆියාව තවමත් ක්‍රියාත්මක වන බවත් නීතියේ ආධිපත්‍යය මහජනතාව වෙනුවෙන් සාධාරණව ක්‍රියාත්මක වනවා වෙනුවට බලවතුන් සඳහා සහනදායී ලෙස පක්ෂග්‍රාහීව ක්‍රියාත්මක වන බවත් සරත් ආබෘෘ විනි-සොරා සම්බන්ධයෙන් අද අධිකරණයත් නීතිපති දෙපාර්තමේන්තුවත් ක්‍රියා කළ ආකාරයෙන් පෙනී යයි.(ස)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Wednesday, 08 July 2015 09:37 PM

තිස්ස, ඇයි මොකද තීරණය එනතුරු බලාඉන්න කියන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 133 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site