
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශාසන විරෝධී සහ විනය විරෝධී කටයුතුවල යෙදෙන භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී තීරණය විය.
ශාසන විරෝධී සහ විනය විරෝධී කටයුතුවල යෙදෙන භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් ක්‍රියාත්මකවීමට අමාත්‍යාංශයේ මැදිහත්වීම මත පොලිසිය මාර්ගයෙන් අදාළ භික්ෂූ නිකායන්හි මහ නායක හිමිවරුන් දැනුවත් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබද අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා එහිදී පැවසීය.
එසේම එම චෝදනා සම්බන්ධයෙන් සාමාන්‍ය නීතියට අමතරව විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහාද ක්‍රමවේදයක් යෝජනා කරන බව පැවසූ අමාත්‍යවරයා ඉදිරියේදී මේ සම්බන්ධව කටයුතු කිරීමට නායක හිමිවරුන්ගේ මගපෙන්වීමෙන් වෙනම ව්‍යුහයක් ස්ථාපනය කිරීමට බලතල ලැබෙන නව පනතක් හදුන්වා දීමට අපේක්ෂා කරන බවද සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදීය.
එසේම අඩු වයසින් කුල දරුවන් සසුන් ගත කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා අනු කමිටුවක් පත් කිරීමටද මෙහිදී තීරණය විය.
දුසිල්වත් කටයුතුවල සහ ඇතැම් ව්‍යාපාර ආදී කටයුතුවල නියැලෙන භික්ෂුන් නිසා ශාසනයට සිදුවන හානිය පිළිබඳවත් ඒවා නැවැත්වීමට අමාත්‍යාංශය කඩිනමින් මැදහත්වීමේ අවශ්‍යතාව පිළිබඳවත් කාරක සභාවේ විශේෂ අවධානයට ලක්විය.
මුලතිව් කුරුන්දි විහාරය ආශ්‍රිත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් නොවන ඉඩම් නිදහස් කර ගැනීම පිළිබදවද මෙහිදී සාකච්ඡා කෙරිණ.
ජනතාව කෘෂිකර්මාන්තය ඇතුළු විවිධ කටයුතු සදහා භුක්ති විඳි ඉඩම් (කැනීම් සහ මැනුම් අවසන් කර ඇති) හැර ඉතිරි කොටස් අදාළ ආයතන සම්බන්ධීකරණයෙන් ජනතාවට දෙන ලෙස අමාත්‍යවරයා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
දෙදහස් දහසය වසරේදී පැවති කලායතන විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ සදහා අවශ්‍ය රුපියල් .ලක්ෂ 32 ක ප්‍රතිපාදන නොමැතිකම හේතුවෙන් විභාගය මේවනතෙක් නොපැවැත්වීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා විය. ප්‍රතිපාදන නොමැතිකම නිසා විභාගය වසර 6ක් කල්යාම පිළිබදව සිය අප්‍රසාදය පළ කළ අමාත්‍යවරයා මේ සදහා වහාම මැදිහත්ව විභාගය කඩිනමින් පැවැත්වීමට පියවර ගන්නා ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.
බෞද්ධ පූජනීය ස්ථානවලට සූර්ය විදුලිබල පද්ධති ලබා දීමේ වැඩපිළිවෙල පිළිබදවද මෙහි දී සඳහන් කළ අමාත්‍යවරයා වත්කම් ඇති බෞද්ධ පූජනීය ස්ථානවලින් මේ සඳහා ආධාර උපකාර ලබා ගැනීමට මහානායක හිමිවරුන්ගෙන් ඉල්ලීමක් කිරීමට අපේක්ෂා කරන බවද පැවසීය.
භික්ෂුන් අධ්‍යාපනය ලබන විශ්ව විද්‍යාලවල විනය පිරිහීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමුවිය. සාමාන්‍යයෙන් බෞද්ධ විශ්ව විදළ්‍යාලවලට ඇතුළත් වන භික්ෂූන්ගෙන්සියයට 45ක් අවසන් වසරේදී උපැවිදි වීමේ තත්වයක් ඇති බව මෙහිදී තොරතුරු අනාවරණය විය. ඒ අනුව මෙම තත්වය පාලනය කිරීම සදහා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව කමිටුව අවධාරණය කළේය
මේ සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සමග ඉදිරියේදී සාකච්ඡා කර පියවර ගැනීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුජිත් සංජය පෙරේරා, ගුණතිලක රාජපක්ෂ ඇතුළු මැති ඇමතිවරු පිරිසක්ද අමාත්‍යාංශයට අයත් ආයතනවල නිලධාරීහු පිරිසක්ද සහභාගි වූහ.
2025 දෙසැම්බර් මස 18
232
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
174
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විනය විරෝධී වැඩ කරන භික්ෂූන්ට වැඩ වරදී
Asela Friday, 28 October 2022 05:50 PM
දැන් බෞද්ධයින්ව රවටලා සංඝයා වහන්සේලාගේ කරමතින් බලයට පැමිණෙන බැරි බව දැනගත්තාම නීතිදාන්න හදනවා. දැන් ඒකට පරක්කු වැඩියි...
Kule Friday, 28 October 2022 07:08 PM
විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය හදාරන භික්ෂූන් වහන්සේලා... රැස්වීම් උද්ඝෝෂණ, පෙළපාලි, නවකවද වලට සහභාගී වුවහොත් ශිෂ්‍ය භාවය අහෝසි කිරීම සහ සහ අපැවැදි කළ යුතුය.
මහකන්දේ විජිතසිරි හිමි Friday, 28 October 2022 08:27 PM
කොසොල් රජතුමා (සත්ත ජටිල සුත්‍රය, සංයුක්ත නිකාය) හා දාරුකම්ම උපාසක (දාරුකම්ම සුත්‍රය) ඔය වගේම හාමුදුරුවන්ගේ දුස්සීල, සිල්වත් බව හා රහත් බව නොරහත් බව ගැන කියන්න ගියා බුදු රජාණන් වහන්සේට. බුදු රජාණන් වහන්සේ දේශනා කලා ගිහි කාමබෝගී (අපිරිසිදු දුගඳ පිලිකුල් මල මුත්‍ර පිරිසිදු ලෙස දකින) කාන්තාවන් හා නිදන, අඹු දරුවන්ගෙන් පීඩිත, මිල මුදල් පරිහරණය කරන ගිහි ඔබලාට එය විෂය නොවන බව. දෙව්දත් හාමුදුරුවෝ පවා අයිති මහා සංඝරත්නයට. බුදු රජාණන් වහන්සේ දෙව්දත් හාමුදුරුවෝ සසුනෙන් පැන්නුවේ නෑ.
සුරතලා Friday, 28 October 2022 11:41 PM
අවසර සමාවෙන්න වහන්ස, ඒ කාලේ බුදුසමයේ හාමුදුරුවරුන්ට V8 වත්, බීමත්වත්, ව්‍යාපාරවත් ළමයින්ව පාසල් ඇරලවන්න ගිහිමි වස්ත්‍ර අදැගෙන ගියේවත් නෑ.
ganegoda Saturday, 29 October 2022 09:16 AM
ඔව්... නුඹලා මොන දහදුරාකම් කෙරුවත් ඒකටම ගැලපෙන ජාතක කතාවකුත් තියෙනවා...!
siri Friday, 28 October 2022 08:41 PM
" අධිකරණ සංඝ නායක " තනතුරු තියෙන්නේ පොල් ගාන්නද ?
Bamunuarachchi Saturday, 29 October 2022 07:03 AM
සිවුර ගලවලා පස්සට පා පහරක් දීලා සාසනයෙන් එලවා දැම්මත් කමක් නැහැ.
මහකන්දේ විජිතසිරි හිමි Saturday, 29 October 2022 08:17 AM
හාමුදුරුවෝ හොඳ වාහනයක ගියොත් වැරැදියි. හාමුදුරුවෝ ආගමික කටයුතු කරගන්න ආරක්ෂිතව පහසුවෙන් යාම වැරැදියි. ගිහි අය තම කාමය, රාගය සන්තර්පනය සඳහා වාහන භාවිතය හොඳයි. එය මහා සේවයක්. හොඳ වැඩක්. හාමුදුරුවෝ බුදුදහම කියලා දෙන්න ධර්මය ප්‍රචාරය කරන්න මෙලොව පරලොව නිවන දක්වා කරන සේවය වැඩක් නෑ. බජිරි වැනි වල් පැළ ඇති වෙලේ ගොයම් ගස යනු වල් පැළයක්. අද සමාජය එතැන තියෙන්නේ....!
BamunuarachchiSunday, 30 October 2022 04:25 PM
ඈ හාමුදුරුවනේ, ගිහිගෙය අත්හැර යනවා කියන්නේ මොකක්ද? එහෙනම් තවටික දවසකින් කසාදයක් බැඳගන්නත් ඉල්ලයි. බුදුන්වහන්සේගේ කාලයේත් හොඳ වාහන තිබුණා. බුදුන්වහන්සේට දනකට වඩින්න සිටුවරු රජවරු අශ්ව කරත්ත එව්වාද? පයින්නේද වැඩියේ. ඉස්සර ලංකාවේත් හාමුදුරුවරු දනට වැඩියේ පාගමනින්. මමත් කරඬුවට උඩුවියන් උස්සාගෙන ගිහිල්ලා තිබෙනවා. ගිහියා කරන දේවල් ගැන ඔය හාමුදුරුවෝ කතා කරන්න එපා. ගිහියන් කියන්නේ සියලු කාමසැප විඳින අය. පැවිද්දා කියන්නේ කාමසැප අත්හැර මෝක්ෂය සොයන් ගිය මෝක්ෂය සොයන ගිහියාට මෝක්ෂයට යන පාර කියාදෙන කෙනෙකු මිස පිරිකරට V8 ඉල්ලන ගොයියන් නොවෙයි. හාමුදුරුවෙනේ ලෑන්ඩ් කෘසර්, V8, බෙන්ස් එන්න කලින් හාමුදුරුවරු ධර්ම ප්‍රචාරය කළේ නැද්ද?
Asanga Samantha Saturday, 29 October 2022 10:08 AM
ඇත්තටම හොඳ තීරණයක්. ඇතැම් අය අපේ බුද්ධ ධර්ශනය විනාශ කරනවා...