IMG-LOGO

වන්නියට බොන වතුරත් නෑ

මාස හතකට ආසන්න කාලයක් වන්නියේ පවතින අධික ඉඩෝරයත් සමඟ වැව් අමුණු ඇල දොළ සිඳී පානීය ජලය සොයා ගැනීම ප්‍රශ්නයක් වී ඇත.

ඇතැමෙක් වතුර සොයා කිලෝ මීටර හතර පහ යති.

එවැනි දුරක් ඇවිදීමට නොහැකි වැඩිහිටියෝ වතුර සොයා දරුවන් යවති.

මූන්තෝට්ටම්, සින්නකුලම්, රාසිකුලම්, තරනිකුලම්, කල්ලිකුලම් ගම්මානවල ජනයාට වතුර සොයා ගැනීම බරපතල ගැටළුවක් බවට පත් වී ඇත.

03(27) 04(19)

 



අදහස් (0)

වන්නියට බොන වතුරත් නෑ

සුසන්ත Friday, 25 July 2014 03:46 AM

ඉක්මනට වහින්න කියලා අපි සේරම ප්‍රාර්ථනා කරමු. (අ)

:       0       0

පද්මිණි Thursday, 24 July 2014 11:59 AM

පිපාසයට දිය පොදක් ගෙනෙන්න ගව් ගණන් දුරගෙවන මේ ළපටියන්ගේ දෙපතුල් වල දිය පට්ටා ඇවිල්ලා ඇති. හේමන්ත, ඔබේ පැතුම මමත් පතනවා. පළාත් සභා මොනවද කරන්නේ? (නි)

:       0       0

ෂෙලාන්සියුස් Thursday, 24 July 2014 05:54 AM

මහ බැංකු වාර්තා අනුව 2013 ලංකාවේ වාර්ෂික එ්ක පුද්ගල අදායම ඇමරිකන් ඩොලර් 3,280 (රුපියල් 426,400). එහෙම තිබ්ලත් මේ මිනිස්සු මෙහෙම දුක් විඳින එක හරි පුදුමයි නේ (නදී)

:       0       0

ලුම්බිණි Thursday, 24 July 2014 05:56 AM

කොළඹ නම් ගිය ගිය තැන් වල වතුර මල් වලින් අලංකාර වෙලා. (නදී)

:       0       0

හේමන්ත Thursday, 24 July 2014 05:58 AM

අව්වේ තියන රැස් මාලා අඩුවේවා දැවෙන දෙපාවල දිය ගඩු නොම ඒවා කැලේ සතුන්ගෙන් අනතුරු නොම වේවා ඇසේ කදුළු දෙන්නම් - වැසි වසී වා ! (නදී)

:       0       0

පහන්දී Thursday, 24 July 2014 12:11 PM

වතුර නැතුව දුක්විඳින මේ දරු දෙන්නා දැක්කම පුදුම වේදනාවක් දැනුනේ. නමුදු අපි කියා කුමක් කරමුද...?වැස්ස වලාහක දෙවියනි, විගසින් වඩිනු මැනේ! (නි)

:       0       0

ධම්ම Thursday, 24 July 2014 06:05 AM

මොවුන්ට පානීය ජලය සැපයිය යුතුයි. එ්ත් කපා බිම හෙලා ගිනි තියා ඇති ජලසම්පාදක දෙවිවරු ටික දැක්කාම දුකයි. (නදී)

:       0       0

කොඩිකාර Thursday, 24 July 2014 06:10 AM

ලස්සන ෆොටෝ එක (නදී)

:       0       0

ලංකා Thursday, 24 July 2014 06:13 AM

අපේ රටේ කොච්චර සල්ලි තොගයක් නාස්ති කරනවද බොරු ප්‍රචාර වැඩ වලට. තම තමන්ගේ විනෝද වැඩ වලට. මේ සල්ලි මහජන සල්ලි. වතුර ජීවත්වෙන්න නැතිවම බැරි දෙයක්. ඇයි කොටසක් වතුර නැතිව දුක් විදින්නේ තව කොටසක් රජ සැප විදින්නේ ? (නදී)

:       0       0

කෙවින් Thursday, 24 July 2014 06:15 AM

දේශපාලකයෝ අපි පත් කරන්නේ මේ වගේ ප්‍රශ්න වලට උත්තර හොයන්ඩ, නැතිව කාර් රේස් යන්ඩ නෙමේ. (නදී)

:       0       0

සුමිත් Thursday, 24 July 2014 12:37 PM

සමහර ව්‍යාපෘති වලට වැයකරන සල්ලි වලින් ලංකාවටම වතුර දෙන්න තිබුනා නේද? (නි)

:       0       0

රජින්ද Thursday, 24 July 2014 06:22 AM

කරුණාකර වගාවන්ට කියල වනාන්තර එලි පෙහෙළි කරන්නෙපා. ඒවා ජාතික අපරාධ. දේශපාලුවෝ එහෙන් වනාන්තර තමන්ගේ බූදලේ වගේ හිතුමතේ ලියල දෙනවා. මෙහෙන් ගම්මු හේන් ගොවිතැනටයි කියල වනාන්තර එලි කරනවා. එහෙමනම් දැන් ඒවායේ විපාකත් ගෙවන්න වෙනවා.(නදී)

:       0       0

හේවාවිතාරණ Thursday, 24 July 2014 07:00 AM

අධි සුඛෝපභෝගී වාහනයක් මෙරටට ගෙන්වන මුදල් වලින් වතුර බවුසර් පහක් ගන්න පුළුවන්. පින්වත් පාලකයනි, මොන ක්‍රමයකින් හරි ඒ අහිංසකයින්ට වතුර පොදක් ලබා දෙන්න ක්‍රමයක් සළස්වන්න. දෙවියොත් ආශිර්වාද කරයි (නි)

:       0       0

ඉන්දික Thursday, 24 July 2014 07:04 AM

දෙවැනි ඡායාරූපයේ ලොකු කතාවක් තියෙනවා. ගස් කපලා වැස්ස නැති වුණහම වතුර ගෙනෙන්න දුක් විඳිනවා. (නි)

:       0       0

ඉන්දික Thursday, 24 July 2014 07:05 AM

දෙවැනි පින්තූරයේ පසුතලයෙන් වතුර ගෙනෙන්න හේතුවට උත්තරයත් තිබෙනවා. (නි)

:       0       0

හේවාවිතාරණ Thursday, 24 July 2014 07:05 AM

මේ පින්තූරයේ ඉන්න දරුවන් දෙදෙනා දැක්කම පුදුම සංවේගයක් අපේ සිත් වල ඇතිවෙනවා. නමුත් දණින් සිටගෙන ඉන්න අපි මොනවා කියලා කරන්නද? (නි)

:       0       0

මිලානො ජයන්ත Thursday, 24 July 2014 07:06 AM

මේකට තමයි කියන්නෙ කොළඹට කිරි ගමට කැකිරි කියලා.පව් අහිංසක දරුවො පාසලකට යනබවක්වත් පෙනෙන්නෙ නැහැ වගෙයි. (නි)

:       0       0

හේරත් Thursday, 24 July 2014 07:08 AM

ඒ අය මොනතරම් නම් අසරණද? (නි)

:       0       0

ලක්මාල් Thursday, 24 July 2014 07:19 AM

රජින්ද, ඔබ නිවැරදියි. එහෙත් මේ නාස්ති කරන සල්ලි වලින් මේ ජනතාවට වතුර ටිකක් යවන්න බැරිකමක් අපේ රටේ තියනවා කියා නොසිතමි. මේවා මාධ්‍යයෙන් හෙළිවනතුරු දේශපාලුවන් නිදා සිටී. (නි)

:       0       0

සරත් Thursday, 24 July 2014 07:31 AM

මේ මිනිස්සුට ඉන්න හිටින්න හරියට ගෙයක් දොරක් නැතුව මොන තරම් දුක් විදිනවද? කෝ දේශපාලුවෝ මේ මිනිස්සුගේ දුක පෙනෙන්නේ නැද්ද? අහිංසක මිනිසුන්ගේ ඡන්දය අරන් මේ අය සුරසැප විදිනවා.(නදී)

:       0       0

චමී Thursday, 24 July 2014 07:35 AM

මේ රට රට පාලනය කරන සමහර පාලකයින් කරන වැඩ දැක්කම ස්‍‍භාවධර්මයත් කුපිත වෙනවා. ඉතින් කොහෙද වැස්ස (නදී)

:       0       0

හේමන්ත Thursday, 24 July 2014 07:37 AM

ඔයතරම් දෙමල ජනතාවට ආදරේ කරන උතුරු පළාත් සභාව කෝ දැන්. කෝ කට අරිනවා ඒ ගැන. රට පුරා නයිට් රේස් තියන ඇමතිවරුන්ගේ පවුල් පිටින් ලෝක සවාරි ගෙනියන ආණ්ඩුව තමන්ට ජෝගි නටන්න බදු ගෙවන අසරණ ජනතාව වෙනුවෙන් පිපාසයට බොන්න දිය පොදක් දෙන්න හිතන්නේ නෑ (නදී)

:       0       0

සමන් වසන්ත Thursday, 24 July 2014 07:58 AM

අපේ රටේ ජල කළමනාකරණය නම් හරිම දුර්වලයි. කුඩා රටක් වෙලත් එක ප්‍රදේශයක් ගං වතුරින් පීඩා විදින කොට තව ප්‍රදේශයක් බොන්න වතුර පොදක් නැතුව දුක් විඳිනවා. තවත් ප්‍රදේශවල වගා කරගන්න වතුර නැතුව ගොවියෝ වස බොනවා. රටේ ජල මුලාශ්‍ර ආරක්ෂා කරගැනීමක්, ඒවා නිරන්තර නිරීක්ෂණය කිරීමක් හෝ අතිරිකත්ත ජලය කළමනාකරණය පිළිබඳව අදාල බලධාරීන්ට එතරම් උනන්දුවක් නැති බවයි පෙනෙන්නේ. මුහුදු වතුර පිරිසිදු කර ප්‍රයෝජනයට ගන්න රටවල් දිහාවත් බලල අපේ වගකිවයුත්තන් අහසින් නොමිලේ වැටෙන වතුර ටිකවත් නිසි පරිදි කළමණාකර ගන්නවා නම් හොඳයි. ෂෙලාන්සියුස් මහත්මයා, ඒක පුද්ගල අදායමෙන් කියවෙන්නෙ නැනේ රටේ හැමෝටම එම ගාණ ලැබෙනවා කියලා. ඒක පුද්ගල අදායම කියවන්න ඕන ගිනි දර්ශකයත් සමග. අපේ රටේ අදායම බෙදීයාමේ විෂමතාවය ඉහල අගයක් වන අතර රටේ සමස්ත අාදායමෙන් වැඩි ප්‍රමාණයක් සුළු පිරිසක් අතට යද්දී බහුතරයකට වෙන්නේ ඔහොම දුක් විදින්න තමයි (නදී)

:       0       0

ප්‍රභාත් Thursday, 24 July 2014 08:00 AM

පාලකයෝ සියලු දෙනාම දකින්නේ යන එන මග ප්‍රසිද්ධ නගර ගම් වල තියෙන දේවල් විතරයි. පොඩ්ඩක් ඇතුලට ගිහිල්ල බැලුවොත් ජනයාගේ අඩු පාඩු පොදු පහදුකම් ගොඩක් තියෙනවා. (නදී)

:       0       0

සේන Thursday, 24 July 2014 08:10 AM

පාසල් යායුතු වයසේ දරුවන් විදින දුක දැක්කම හරිම අසරණ හැගීමක් හිතට ඇති වෙනවා. එත් මොනව කරන්නද. චන්ද කාලෙට එක උදලු තලයක් ගෙනත් දුන්නම අපේ සමහරුන්ට ඇති.(අ)

:       0       0

පුබුදු Thursday, 24 July 2014 08:11 AM

අනේ මේ ඔක්කොම අසරණ මිනිස්සු. මේ අයට අපි ඔක්කොමල එකතුවෙලා පිහිට වෙන්න බලමු.(අ)

:       0       0

ලලිත් - එස්.එල් Thursday, 24 July 2014 08:20 AM

අපේ රටේ ඇති තරම් වතුර තියනවා එකම වරද ඒවා හරි හැටි බෙදා හැරීමේ කලමනා කාරිත්වය නැති වීමයි. අායෙත් රටනම් හදන්න බැරි ගානට විනාශ වෙලා තියෙන්නේ.(නදී)

:       0       0

රේමා Thursday, 24 July 2014 08:49 AM

රටේ වාර්තා බැලුවම දුප්පතුන් නැහැ වගේ. එ්ත් මේ අයට ඉන්න තැනක් නැහැ බොන්න වතුර නැහැ මොනවද දේශපලකයෝ කරන්නේ (නදී)

:       0       0

නලීන් Thursday, 24 July 2014 08:50 AM

ලංකාදීප පත්තරේට පුලුවන්ද මේ අසරණ අයට වතුර දීම සදහා වැඩපිළිවෙලක් සකසන්න. අපි හැමෝම වතුර බෝතලය ගානේ එකතු කරලා මේ අයට දෙමු (නදී)

:       0       0

රත්න Thursday, 24 July 2014 09:03 AM

නෝ ප්‍රොබ්ල්ම් අපි උගන්ඩාවෙත් ජලසම්පාදන ව්‍යාපෘති වලට ඩොලර් මිලියන් ගනන් අධාර කරපු නායකයෝ ඉන්න රටක්. (නදී)

:       0       0

අපොන්සු Thursday, 24 July 2014 09:03 AM

ඉතින් මොකද කරන්න කියන්නේ. දැන් අමතර ගුවන් තුටුපොලවල්, අධිවේගී මාර්ග හදල දීල රට දියුණු කරලා දුන්න නේද? තව මොනවද? (නදී)

:       0       0

කමනී Thursday, 24 July 2014 09:08 AM

මේ රටේ දේශපාලුවන්ට මේ මිනිසුන්ගේ දුක්බර ජීවිතයට බොන්න වතුර ටිකවත් දෙන්න බැරිනම් මහජන නියෝජිතයෝ මොකටද මේ රටට? (නදී)

:       0       0

දෙවිනුවර ජයසිරි ලියනගේ Thursday, 24 July 2014 09:21 AM

රට පෙරට, ගම නැගුම, දිවි නැගුම ,සැමට ජලය ,ආසියාවේ ආස්චර්ය, ඒක පුද්ගල ආදායම ඉහලට, වෙිගවත් සංවර්ධනය. (නදී)

:       0       0

අමාලි Thursday, 24 July 2014 09:34 AM

දේශපාලකයෝ පුළුවන් නම් නියන් ආධාර වලින් හොරා කන්න බලාගෙන ඉන්නවා ඇති දැන්. කට මැදගන ඇත්තේ දැන්. (නදී)

:       0       0

රොෂාන් Thursday, 24 July 2014 08:29 PM

පිනක් කරනවා නම් මෙන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කැනඩාවේ හැදූ ඉස්මාරකයට විජිත විරෝධය පළ කරයි
2025 මැයි මස 14 194 0

ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවයට හානි වන ආකාරයේ ස්මාරකයක් කැනඩාවේ ඉදිකිරීමට අනුමැතිය දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දැඩි විරෝධය පළ කරන බව විදේශ අමාත්‍


මයික්‍රෝසොෆ්ට් සමාගම සේවකයන් 6000ක් ඉවත් කරයි
2025 මැයි මස 14 240 0

කිසිදු බාධාවකින් තොරව කෘතීම බුද්ධියේ ආයෝජනය කිරීම සඳහා මාර්ගය සකසා ගැනීමේ අරමුණින් සේවකයන් 6000 ක් ඉවත්කිරීමට මයික්‍රෝසොෆ්ට් සමාගමේ තීරණය කර ඇතැයි පැව


ආණ්ඩුවට රාජ්‍යතාන්ත්‍රික දේශපාලන පෞරුෂය නෑ
2025 මැයි මස 14 237 0

කැනඩාවේ ඉදිකර ඇති එල්.ටී.ටී.ඊ. සමරු ස්මාරකයට විරෝධය දැක්වීමට වර්තමාන ආණ්ඩුවට රාජ්‍යතාන්ත්‍රික දේශපාලන පෞරුෂයක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හ


කෙහෙළියගේ නඩුවට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්
2025 මැයි මස 14 213 0

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට රජයේ රෝහල්වලට බෙදා හැරීම සඳහා ලබාදුන් ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ’ඉමියුනෝ


සනීපෙට ගමන් යන්න ’’ක්ලීන් ශ්‍රී ලංකා’’ වෙන් උදව්වක්
2025 මැයි මස 14 1003 2

මහජන සනීපාරක්ෂාව සහ ගමනාගමන පහසුව වැඩිදියුණු කිරීම වෙනුවෙන්, දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වලට ප්‍රධාන සනීපාරක්ෂක පහසුකම් සැපයීම සඳහා ජාතික මට්ටමේ ව


දුම්රිය ගමන්වාර 20ක් අවලංගු කරයි
2025 මැයි මස 14 686 1

දුම්රිය රියදුරන් සහ නියාමකයන් සේවයට වාර්තා නොකිරීම නිසා දුම්රිය ගමන් වාර 20 කට අධික සංඛ්‍යාවක් අද (14) දහවල් වන විට අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1386 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1595 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 413 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site