IMG-LOGO

වන්දි ගෙවන්නට පෙර විදුලි රැහැන් අදී

වන්දි ගෙවන්නට පෙර වැලිගම පෞද්ගලික ඉඩම් කිහිපයක් උඩින් අදිබල විදුලි රැහැන් අදින්නට ආ විදුලි සේවකයන් පිරිසක් පහරකෑමට ලක්වී රෝහල් ගත කළ බව පොලීසිය කියයි. ඒ අතර විදුලි අධිකාරීවරු දෙදෙනෙක් ද වෙති. පහර දුන් බව කියන කිහිපදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. බලධරයන් කියනුයේ පෞද්ගලික ඉඩම්වලට වන්දි ගෙවන බවයි. ඒ කාරිය ඇරඹී ඇති බවද ඔවුහු කියති.



අදහස් (0)

වන්දි ගෙවන්නට පෙර විදුලි රැහැන් අදී

එරංග Wednesday, 14 November 2012 11:21 AM

වන්දි පාස් වෙලා නම් ගෙවලා ඉවරවෙලාම, රැහැන් අදින්න ආවා නම් හරිනේ. (නි)

:       0       0

දමිත් Friday, 09 November 2012 02:55 PM

ගහපු අයගේ කරන්ට් කපන්න (ස)

:       0       0

සුජීව Friday, 09 November 2012 03:15 PM

ගහපු අයට විදුලිය අල්ලන්න ඕනි (ස)

:       0       0

අමිල Friday, 09 November 2012 03:05 PM

හා හා හොඳ වැඩේ (ස)

:       0       0

W.A.Ranganatha Friday, 09 November 2012 03:07 PM

මීට සම්පූර්න වගකිවයුත්තේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයි. කිසිදු සැලැස්මකින් තොරව ක්‍රියා කරයි. මාතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයද මීට නොදෙවෙනිය. 2000 වර්ශයේ අධිවේගී මාර්ගය සදහා අත්පත් කරගත් ඉඩම් සදහා තවමත් වන්දිලබාදී නොමැත. අතිගරු ජනපතිතුමන්ට කොපමන ලිපි ඉදිරිපත් කලද තවමත් කිසිදු ප්‍රතිචාරයක් නොමැත. මාගේ ඉඩම අත්පත් කරගැනීමට පැමිනියහොත් පහර දෙනුහැර වෙනත් විකල්පයක් මාහටද නැත.(ර)

:       0       0

ආත්මා Friday, 09 November 2012 03:25 PM

රට අවනීතියට ගියාම මිනිස්සු නීතිය අතට ගන්නවා (ස)

:       0       0

ප්‍රසන්න Friday, 09 November 2012 03:50 PM

අනේ මන්දා

:       0       0

නසාර් Saturday, 10 November 2012 09:42 PM

නීතිය හැමදෙනාටම එක වගේ නැති නිසා මෙවැනි දේවල් ගණන් ගන්න එපා. (නි)

:       0       0

මාධව Friday, 09 November 2012 03:41 PM

ඒක නම් හොදයි

:       0       0

ඉන්ද්‍රජිත් Friday, 09 November 2012 04:03 PM

Ranganatha මහතා කියන කතාව සමග අකමැත්තෙන් වුනත් එකඟ වීමට සිදු වෙනවා අද අපට අහන්නට ලැබෙන ප්‍රචණ්ඩ හැසිරීම් බොහොමයක් පිටුපස තියෙන්නේ රජයේ නිලධාරීන්ගේ අකාර්යක්ෂම බව නිසා ඇතිවී තිබෙන මහජන අතෘප්තියයි. මොවුන්ට මහජනයාට සිදුකල යුතු ගෙවීම් කිරීමට මුදල් ප්‍රතිපාදන නැති වුනාට අවුරුද්ද අවසානයේ 'ඉතිරි වී ඇති' මුදල් වලින් විදෙස් සවාරි යන්න නම් පුළුවන්. එහෙම යනකොට පක්ෂ විපක්ෂ සේරම යනවා. මට පෙනෙන්නේ කවදා හරි වැඩ අවුල් කරන නිලධාරීන්ට ගුටිකන්න වෙන බව අනිවාර්යයක් වූ දාට මේ රටේ මීට වඩා වගකීමකින් වැඩ කරන්න පෙළඹෙයි. මොකද දේශපාලකයින් අවුරුදු හයකට වරක් වත් මහජන උදහස හමුවට ආවත් මොවුන් විශ්‍රාම ගිය දාකවත් විනිශ්චයකට ලක් වෙන්නේ නැති ජාතියක්නේ...(ර)

:       0       0

ෆාරු Friday, 09 November 2012 04:06 PM

පිස්සුද දමිත් (ස)

:       0       0

චතූ Friday, 09 November 2012 04:09 PM

ගම් වැසියන්ට වන්දි දීලා ඒ ප‍්‍රදේශයෙන් ඒ අයව ඉවත් කරලානේ කම්බි අදින්න ඕනෙ, පුදුම හදිස්සියක්නෙ කම්බි අදින්න තියෙන්නෙ, හොඳ වැඬේ කම්බි කරයින්ට - දෙන්න තිබ්බෙ පාර කමබියෙ එල්ලලා - අත් අඩංගුවට ගත් ගම් වැසියන් වහාම නිදහස් කල යුතුයි (ස)

:       0       0

අනුර Friday, 09 November 2012 04:56 PM

මොකද්ද මොකද්ද

:       0       0

රවීන්ද්‍ර Friday, 09 November 2012 05:00 PM

යහපතක් ඇතිවෙන විදියට කළා නම මෙහෙම ප්‍රශ්න ඇතිවෙන්නෙ නැහැ. (නි)

:       0       0

ප්‍රගීත් Friday, 09 November 2012 05:08 PM

මගෙ මස්සිනාටත් සළකලාද දන්නෙ නැහැ. (නි)

:       0       0

සාලිය Friday, 09 November 2012 05:08 PM

ගොඩක් අයට ඔය ප්‍රශ්නය තියෙනවා. (නි)

:       0       0

සෞදි-සිංහ Friday, 09 November 2012 05:23 PM

මිනිස්සුන්ට වන්දිත් ගෙවලා, සාධාරණ කාලයකුත් දෙන්න ඕනෑ අයින් වෙන්න. (නි)

:       0       0

චන්ද්‍රසිරි Friday, 09 November 2012 05:26 PM

රාජ්‍ය සේවයේ දුර්වලතා... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 438 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site