IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වන්දි ඉල්ලා ගම් හයක් මහපාරට

මොරගහකන්ද මහවැලි ව්‍යාපාරය නිසා ඉඩම් අහිමිවූ බව කියන ගම් හයක වැසියෝ ඇලහැර මොරගහකන්ද ප්‍රධාන මාර්ගය අවහිර කරමින් අද උදේ උද්ඝෝෂණයක් ඇරඹූහ. ඊට එක්වූ දහසකට වැඩි පිරිසක් පවසනුයේ ඔවුන්ට වන්දි නොලැබුණු බවයි. ලී කොට දමා පාර හරස්කොට ඇත. පාර දෙපැත්තේම දිගු වාහන පෝලිම් දක්නට ලැබේ



අදහස් (0)

වන්දි ඉල්ලා ගම් හයක් මහපාරට

අසිත Thursday, 27 June 2013 02:29 PM

අපිනම් ඇත්තටම දැක්කේ මිනිස්සු සීයක් විතර ඉන්නවා. සිද්දිය නෙතින් දුටුවෙක් (අ)

:       0       0

රත්නායක Thursday, 27 June 2013 10:01 AM

අසරණ මිනිස්සු

:       0       0

ගාමිණී Thursday, 27 June 2013 10:01 AM

මේ මිනිස්සු ගැන මට හරිම කනගාටුයි (දී)

:       0       0

නීල්-රානා Thursday, 27 June 2013 10:04 AM

"එකක් කඩතොළු වසාගන්න ගොසින් මට වුනු කාරියා. දෙකක් කඩතොළු සදා දුන්නයි ඉඳුරුවේ ආචාරියා." ලංකාවේ ගොවිතැන නගා සිටුවීමේ මහා පරිමාණ ජලයෝජනා ක්‍රම, ගොවි ජනපද වැනි සංවර්ධන ව්‍යපෘති නිසා දේශපාලකයන්ගේ ඡන්ද ප්‍රමාණය වැඩිකරගත්ත වගේම රටේ ස්වභාවික වනාන්තර අඩුවුණා. වන සතුන්ට උන් හිටි තැන් අහිමි උනා. පළමු පරම්පරාව ඉවර වෙනකොට අලුත බෝවුණු පරපුරට වගාකරන්න ඉඩම් මදි. ඔවුන්ගේ දරුවන්ට අධ්‍යාපන ප්‍රශ්න, කසිප්පු කංසා හේන් හැම තැනම, රැකියා හිඟකම, වනයට හා සතුන්ට අඛණ්ඩව සිදුවන මිලකළ නොහැකි හානිය දිහා බලනකොට මහජන ඡන්දය නිසා මේ රටට සිදුවුනේ හොඳක්ද නරකක්ද කියා දෙවරක් සිතන්න සිදුවෙනවා.(නදී)

:       0       0

රන්ජනී ලන්ඩන් Thursday, 27 June 2013 01:27 PM

ලංකාවේ විනෝද අංශයක්ද මේ හැමදේටම පාරට බහින්නේ? (දී)

:       0       0

ජානක Thursday, 27 June 2013 10:28 AM

ඔහොම වන්දි දෙන්ඩ සල්ලි කොහෙද තියෙන්නේ? මේවා කුමන්ත්‍රණ.(නදී)

:       0       0

ඇසළ Thursday, 27 June 2013 11:06 AM

දැන් අලුත්ම වැඩක් පාරවල් අවහිර කරන එක. කොහේදී හරි මහජනයා කුලප්පු වෙලා එක තැනක අවහිර කරන අයට දුවනකන් ගහපු දවසට නවත්වයි පාරවල් අවහිර කිරීම. කෝටි ගණන් වියදම් කරලා පාරවල් ලස්සනට හදලා තියනවා, ඒවා කනවා පරණ ටයර් පුච්චලා. වන්දි නොලැබුනාට පාරේ යන ජනතාව පලි නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 283 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site