
ශ්රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලීය පුස්තකාල වෙබ් අඩවියේ “විනෝදයෙන් ඉංග්‍රීසි” වෙබ් පිටුව දැන් ක්‍රියාත්මක කර තිබේ.
ගීත සහ කතාවල හඬ පට භාවිතා කරමින් ඉතාම සරලව හා පෙර පාසල් දරුවන්ගේ මනසට කාවැද්දීමට හැකි වන අයුරින් මෙම විෂය මාලාව නිර්මාණය කර ඇති අතර එය සිංහල හා දෙමළ භාෂාවලට ද පරිවර්තනය කර තිබීම මෙහි ඇති සුවිශේෂිත්වයයි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා ඉගැන්වීමේ අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මධුභාෂිණී දිසානායක රත්නායක මහත්මිය විසින් මෙම ව්‍යාපෘතිය නිර්මාණය කරන ලදී.
මෙම විෂය මාලාව, උතුරු ප්‍රදේශයේ පෙර පාසල් 30 ක දැනටමත් ළමයින් සඳහා ක්‍රියාත්මක කර තිබේ. කොළඹ මහජන පුස්තකාලයට සම්බන්ධ පෙර පාසල් 12 ක තව නොබෝ දිනකින් එය ක්‍රියාත්මක කිරිමට නියමිතය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පුස්තකාලාධිපතිනි ආචාර්ය නයනා විජයසුන්දර මහත්මිය වෙත https://lib.sjp.ac.lk/englishforfun/ විද්‍යුත් ලිපිනය ඔස්සේ ඉල්ලීමක් කිරිමෙන් සම්පූර්ණ විෂය මාලාව නිවසටම ගෙන්වා ගැනීමට ද හැකිවේ.
“විනෝදයෙන් ඉංග්‍රීසි” වෙබ් පිටුව එළිදැක්වීමේ අවස්ථාවට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ, මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨාධිපති මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති මහාචාර්ය නන්ද ධර්මරත්න, කොළඹ මහජන පුස්තකාලයේ ප්‍රධාන පුස්තකාලාධිපතිනි වරුණි ගඟබඩආරච්චි යන මහත්ම මහත්මීහුද සහභාගී වූහ.

‘විනෝදයෙන් ඉංග්‍රීසි‘ වෙබ් පිටුව එළිදැක්වීමේ උත්සවයේදී එහි නිර්මාතෘවරිය වන ආචාර්ය මධුභාෂිනි දිසානායක රත්නායක මහත්මිය අදහස් දැක්වූ අයුරු
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
විනෝදයෙන් ඉංග්‍රීසි ඉගෙනගන්න
චමින්ද Thursday, 15 December 2022 03:36 PM
මැඩම් ඔබතුමියට බොහොම ස්තුතියි ඇත්තටම ලංකාවෙ අපේ දරුවන්ට ඉංග්‍රීසි දැනුම ඉතාමත් අඩුයි එනිසා ඔන් ලයින් හරහා උසස් පෙළ විභාගය අවසන් කල දරුවන්ට වයස් භේදය කින් තොරව ඉංග්‍රීසි දැනුමක් හෝ කතාකිරීමට හැකියාව ලබන්න ක්‍රමයක් හදන්න බැරිද
chandima Thursday, 15 December 2022 10:52 PM
ඒක හොඳයි. ඒ කාලේ බණ්ඩලා තනියම ඉංග්‍රීසි ඉගෙනගෙන අපිව වලේ දැම්මා.
සත්‍යපාල Friday, 16 December 2022 05:43 AM
චන්දිමා කියන්නෙ පච මහා බලවේගයේ නිර්මාතෘ. බන්ඩියා ගැන නම් ඒක සත්‍යයක් කියන්න පුළුවන්
මරිසිපාල Friday, 16 December 2022 05:46 AM
ඒක විතරක් නොවෙයි ඇත්තටම බුදු දහම ක්‍රමයෙන් විනාශ කිරීමටත් බන්ඩා මුදලියා කටයුතු කලා කියලා දැන් කාලයේ හාමුදුරුවෝ කරන වැඩවලිනුත් හොදින්ම පේනවා