
(සුජිත් හේවාජුලිගේ සහ රංජිත් රාජපක්ෂ)
වන්දනාකරුවන් රැගත් බස්රථයක් ගිනිගත්හේන නෝර්ටන්බ්‍රිජ් පොලිසියට නුදුරු ප්‍රදේශයකදී අද රාත්‍රී 9.15 ට පමණ අඩි 100 ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් දෙදෙනකු මියගොස් 26 දෙනකු තුවාල ලබා ඇතැයි එම පොලිසිය පවසයි.
තුවාලකරුවෝ ගිනිගත්හේන, වටවල සහ නාවලපිටිය රෝහල්වලට ඇතුළත් කරනු ලැබූහ.
තුවාලකරුවන්ගෙන් කිහිප දෙනෙකුගේ තත්වය බරපතළ බව වාර්තා වේ.
මෙසේ අනතුරට ලක්ව ඇත්තේ ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමට මහරගම සිට ගිය වන්දනා නඩයකි.
එම පිරිස ශ්‍රීපාදස්ථානය වන්දනා කර නැවත ගම් බිම් බලා පැමිණෙමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇති බව නෝර්ටන්බ්‍රිජ් පොලීසියේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය.
යුද හමුදාවේ සහ පොලිසියේ කණ්ඩායම් තුවාලකරුවන් ගොඩට ගෙන ආ අතර කළුවර තත්වය නිසා රෝගීන් ගොඩට ගෙන ඒමට ඔවුනට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වූ බව වාර්තා වේ.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර නෝර්වුඩ් පොලීසියේ නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.
ඡායාරූප රංජිත් රාජපක්ෂ

2025 දෙසැම්බර් මස 18
360
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
216
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වන්දනා නඩයක් රැගත් බසයක් ප්‍රපාතයකට පෙරළේ
Nath Sunday, 19 February 2023 11:08 PM
ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් දැන් යන්න තියෙනවා.
Jayalath Monday, 20 February 2023 02:28 AM
මොන මගුලකට යනවද
පිටිගල මිලානෝ Monday, 20 February 2023 05:38 AM
වන්දනා නමින් ට්‍රිප් යන උගුරට හොරා බෙහෙත් බොන අපේ රටෙි මිනිස්සු පුදුමාකාරයි……