IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


වනජීවි නිලධාරියාට පහරදුන් යුද හමුදා මේජර් ජෙනරාල්ට ඇප

(උපාලි ආනන්ද)

මින්නේරිය ජාතික වනෝද්‍යානයේ  රාජකාරියේ නිරතව සිටි වනජීවි නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර  මරණ තර්ජනය කරමින් එක් වනජීවි නිලධාරියකුට පහරදුන්බව කියන සිද්ධිය සම්බන්ධයෙන්  සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා යුද හමුදාවේ විසි එක්වැනි සේනාංකයේ සේනාධිපති මේජර් ජෙනරාල් මොහාන් රත්නායක යන අය රුපියල් ලක්ෂ 5 ක් වටිනා ශරිර ඇප දෙකක මත මුදා හරින ලෙස කැකිරාව දිසා විනිසුරු මහස්ත්‍රාත්  සමන් වැරණියගොඩ මහතා අද(01)  නියෝග කලේය.

 2022   වසරේ  පෙබරවාරි මස 22 දින  යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද මහෙස්ත්‍රාත්වරයා  මේජර් ජනරාල්වරයාට නියෝග කළේය.

ඉකුත් 23 වැනිදා රාත්‍රියේදි  මින්නේරිය ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළු වූ යුද හමුදාවට අයත් වාහන දෙකක්  වනජීවී නිලධාරින් විසින් පරීක්ෂා කිරීමට යාම මෙම ගැටුමට පාදක වී තිබිණි.

 

 



අදහස් (16)

වනජීවි නිලධාරියාට පහරදුන් යුද හමුදා මේජර් ජෙනරාල්ට ඇප

chandana Thursday, 01 July 2021 02:05 PM

මඩු වලිගෙන් තලලා, ජම්පර් එකක් අන්දලා, බලු කූඩුවට දාන්න තිබුනේ... අනුරාධපුර ඥාණා අක්කගේ අද්භූත බලෙන් එළියට එන්න පුලුවන්නේ. බලු වැඩ ඔක්කොම කරලා දැන් අලි පැටව් අල්ලන්න කොන්ත්‍රාත් එකක් අරගෙනලු. හොඳ නිරෝගී පැටියෙක් කෝටි 2 කට දෙන්න පුළුවනිලු...

:       410       1471

NimalThursday, 01 July 2021 03:52 PM

කිරි අප්පට බල්ලෝ බුරපි කිව්වලු එච්චර මිලක්?, මාත් මේ බැලුවා ඇයි වන ජීවී එකට අහුවෙන අලි පැටියෙක්වත් ආයේ උගෙ රැලට බාර දෙන්නේ නැත්තේ කියලා... අලි පැටවු අහුවුණා මිස කවදාවත්ම අහලා තියෙනවද රැලට බාර දුන්නු බව..?

:       1       40

janata Thursday, 01 July 2021 03:14 PM

2022 වසරේ පෙබරවාරි මස 22?

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 01 July 2021 03:40 PM

අහෝ .. නීතිය... හමුදා සොල්දාදුවන් 2000ක් තමන් විසින් මැරුවා යැයි ප්‍රසිද්ධ වේදිකාවේ කිව්ව කරුණා අම්මාන් දවසක් හෝ රිමාන්ඩ් භාරයේ තැබීමට නොහැකි වූ ඔබ, ශානි අබේසේකර දිගටම බන්ධනාගාරයේ තැබූ ඔබ, පාස්කු ප්‍රහාරයේ වගකීම දරන දේශපාලකයින් තවමත් නිදැල්ලේ තබන ඔබ, තමන් කැමති අයට හා බලවතුන්ට එක ආකාරයකටත්, අනෙක් අයට තවත් ආකාරයකටත් සලකන ඔබ ගැන කෙසේ විශ්වාසයක් තබමුද?

:       0       1

kasun Thursday, 01 July 2021 03:43 PM

යුදහමුදාවටම ලැජ්ජාවක්... වනජීවී එකේ නිලධාරීන්ට කතාකරන විදිහ අන්තිම කැතයි.

:       0       132

සෙනෙවිරත්න Thursday, 01 July 2021 05:59 PM

පරණ අලි සෙල්ලම් පටන්ගෙන වගේ එහෙනම්... වනජීවි මහතුනි, කෙසේ හෝ මෙම අලි ජාවාරම මැඩලන්න ජනතාව ඔබ සමගයි. මෙවන් අලි පැටවුන් බාහිර සමාජයේ සිටියි නම් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කරන්න. එතකොට සැඟවිය නොහැකිය..

:       0       109

bandara Thursday, 01 July 2021 06:19 PM

වනජීවී ඇමැතිතුමනි, පරිසර ඇමතිතුමනි ඔබලා බුදිද? එහෙම නැත්නම් බයද? 2015-2020 කාලේ කරපු අලි සංගණනයෙන් පස්සේ අලි පැටවුන් වෙළඳාම ජයටම කෙරුණා. එක පටියෙන් ඇලන් මතිනියාරාමයට හොරෙන් දාලා ගිහින් තිබුණා. දැන් ආයෙත් ඒක පටන්ගෙන වගේ...

:       0       52

විපුලරත්න Thursday, 01 July 2021 06:21 PM

හමුදා සාමාජිකයෙක් රටේ පොදු නීතිය යටතේ අපරාධමය වරදක් කරලා උසාවියක නඩු පැවරුණු විට සාමාන්‍යයෙන් හමුදාව කරන්නේ හමුදා නියෝග යටතේ එම නඩුව ඉවර වනතුරු ඔහුගේ සේවය අත්හිටුවයි... අපි බලමු මේ ඉහළ නිලධාරියාටත් ඒ නීතිය ක්‍රියාත්මක වේවිද කියලා ...

:       0       161

Siri Thursday, 01 July 2021 08:24 PM

නඩුත් හාමුදුරුවන්ගේ... බඩුත් හාමුදුරුවන්ගේ... !!!

:       1       107

Wije Thursday, 01 July 2021 09:16 PM

ශවේන්ද්‍ර විරුවාණනි, අපේ අලි පැටවුන් බේරා දෙනු මැනවි ඔබට ඤාණක්කා සරණයි... !!!

:       5       50

Prabha Thursday, 01 July 2021 09:45 PM

ඔය ඔක්කොම එක වල්ලෙ පොල්...

:       0       0

Deepal Nirosh Thursday, 01 July 2021 11:27 PM

තමුන් හැර අනිකුත් රජයේ නිලධාරීන් පිම්පියෝ, තව ටික කලක් මෙහෙම ගියොත් රටම ඉබාගාතේ. ගරු ජනපතිතුමනි, මේ වසංගත තත්ත්වය පාලන මට්ටමකට ආ පසු කරුණාකර රටේ හමුදාව ඔවුන්ගේ ගෞරවය රැකෙන සේ සිවිල් කටයුතුවල යෙදවීමෙන් ඉවත්කර කඳවුරු තුළට සීමා කරමු. හමුදාව කැඳවිය යුත්තේ හදිසි නීතිය යටතේ මිලිටරි අවශ්‍යතා සඳහායි. එහෙම නොකළොත් එදා රණවිරු, අද සුවවිරු පිදුම් ලබන අය හෙට මැරවිරු වේවි...

:       0       0

bandara Friday, 02 July 2021 12:38 AM

යුද හමුදාව තුල විනය පරීක්ෂණයක් නෑ කියන්නේ සමස්ත හමුදාව තුලම විනයක් නෑ කියන එක. එතකොට හමුදාපතිතුමා පිලිබඳ මහජනයාගේ විශ්වාසය නැති වෙනවා.

:       0       0

ලුම්බිණි Friday, 02 July 2021 05:33 AM

ඉතාම ලජ්ජා සහගතයි.

:       0       0

ranjith Friday, 02 July 2021 06:01 AM

මහජන මුදල්වලින් වැටුප් ගන්න නිලධාරියෙක් වන ජීවී නිලධාරීන්ට කතා කළ හැටි අහපුවාම මේ මානසික රෝගියෙක්ද කියලා හිතෙනවා. තනතුරෙන් උදම් වෙලා වනජීවී නිලධාරීන්ට කතා කළේ මොන වචනවලින්ද? රණවිරුවන්ටත් අපහාසයක්..

:       0       0

sam Friday, 02 July 2021 11:39 AM

රජයේ නිලධාරින් අතර වනජීවි නිලධාරින් තමන්ගේ වගකීම් හරියට ඉටු කරනවා

:       0       33

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 574 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2270 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site