IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


විධායක බලතල රට ආරක්‍ෂා කරනවා

 

(යොහාන් භාසුර)

පාර්ලිමේන්තුව තුළ යම්කිසි පක්‍ෂයකට බහුතර බලය ගතහැකි මැතිවරණ ක්‍රමයක් යටතේ විධායක බලතල ඉවත් කරන්නේ නම් එයට එකඟ බවත් එසේ නොකර විධායක බලතල ඉවත්කිරීම රටට හානිකර බෙදුම්වාදයට පාර කපන ක්‍රියාවක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාරිලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා අද (10) පැවසීය.

පූර්ණ බලතල සහිත ජනාධිපතිවරයෙක් ජනාතා ඡන්දයෙන් පත්වන තාක්කල් පළාත් සභා ක්‍රමයක් තුළ රට බෙදීමකට ලක්නොවන්නේ යැයි 13 වැනි සංශෝධනය ගෙන ආ අවස්ථාවේදී විශ්වාස කළ බවත් විධායක ජනාධිපවරයා සිටින තාක්කල් රටේ ඒකීයභාවට හානියක් නොවන්නේ යැයි තීරණය කළ බවත් කාරියවසම් මහතා කීය.  

යහපාලන ආන්ඩුව විධායක ජනාධිපතිවරයාගේ බලතල ඉවත්කිරීමෙන් රට විනාශයකට ඇඳවැටීමෙන් විනාශකාරී සිදුවීම් තුළින් රට අරාජික තත්වයට පත්වූ බව කී කාරියවසම් මහතා සඳහන් කළේ රටේ නායකයා කවුද යන්න ජනතාවට තේරුම් ගත නොහැකි තත්වයකට ද පත්වූ බවත්ය.  

රට විනාශ කිරීමට සහ අරාජික කිරීමට උත්සහ කරන පුද්ගලයන් විධායක ජනාධිපති ධුරය කැල්ලෙන් කැල්ල ගැලවීමේ උත්සහයක නිතරව සිටින බවත්  19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් සිදුවූයේ ද එයම බවත් නීතිඥා සාගර කාරියවසම් මහතා වැඩි දුරටත් කීය.

බෙත්තරමුල්ල, නෙළුම් මාවත පොදුජන පෙරමුණ පක්‍ෂ කාර්යාලයේදී අද (10) පැවැති මාධ්‍ය හමුවේදී සාගර කාරියවසම් මහතා එසේ පැවසීය. 



අදහස් (4)

විධායක බලතල රට ආරක්‍ෂා කරනවා

Sunil Monday, 10 October 2022 06:07 PM

මේ දුර්දාන්ත රජයේ සියලු බලතල තව නොබෝ දිනකින් මුළුමනින්ම අහෝසි වෙයි. එතකන් කටමැත දොඩවන්න.

:       0       15

Lalith M Monday, 10 October 2022 09:49 PM

විධායකය හොරු මංකොල්ල කාරයෝ ස්ත්‍රී දූෂකයෝ ආරක්ෂා කරනවා. ඒක ඇත්ත.

:       0       0

Demuni Uduwara Tuesday, 11 October 2022 04:13 AM

පම්පෝරි ගෙම්බෙක්!

:       0       1

sharm warn Tuesday, 11 October 2022 10:44 AM

පුදුම කයිවාරු දෙඩවිල්ලක් නෙ මෙක.. තමුන් පුන්නක්කු කෑවට අපිත් එහෙමයි කියලද හිතාගෙන ඉන්නෙ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site