IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


වද හිංසාව තුරන් කරන්න පාගමනින් යති

වද හිංසාවලට ලක්වූවවන්ට සහාය පළ කිරීමේ ජාත්‍යන්තර දිනය සනිටුහන් කරමින් මානව හිමිකම් කොමිෂන් සභාව ‘වද හිංසාව තුරන් කරමු‘ මැයෙන් සාමකාමී පාගමනක් අද (30) සංවිධානය කර තිබිණි.

මානව හිමිකම් කොමිසමේ සිට ටොරින්ටන් දක්වා පැමිණි පාගමනට ජනපති මෛත්‍රිපාල සිරිසේන, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය, නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක, මානව හිමිකම් කොමිසමේ සභාපතිනී දීපිකා උඩුගම ඇතුළු මහත්ම මහත්මීන් ද පාසල් සිසුන්, පොලිසිය, සිවිල් සංවිධාන ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.

DSC_7073 DSC_7290 DSC_7291 DSC_7360 DSC_7363 DSC_7388 DSC_7462 DSC_729022



අදහස් (0)

වද හිංසාව තුරන් කරන්න පාගමනින් යති

මනෝජ් Thursday, 30 June 2016 11:25 PM

පොලිසිය වද හිංසා කරන්නේ තොරතුරු ලබාගන්නයි. ඒකට ඔවුන්ගේ තාක්ෂණ දැනුම දියුණු කරන්න ඕනෑ. සමාජයේත්, පවුලේත් ඇතුළත වෙන හිංසාව නැතිකරන්න ආගමික ආයතනත් පාසල් විෂය මාලාවත් වෙනස් කරන්න ඕනෑ. (නි)

:       0       0

පූජිත Friday, 01 July 2016 12:41 AM

මෙහෙමත් සංදර්ශන! මේවටත් දුප්පතාගේ සල්ලි තමයි. මෙහෙම කාලයත් මුදලත් වැයකිරීම පමණයි මේ අයගේ න්‍යාය පත්‍රය. රටටවත් ජනයාටවත් කෙරෙන දෙයක් නැත. මහින්දට හැම උත්සවයකටම යනවා කියමින් තදින් බැන වැදුන මෙයාලට මුළු වෙලාවේම උත්සව !!! (නි)

:       0       0

ශ්‍රියානි Thursday, 30 June 2016 09:37 AM

පාගමනින් ජනතාවගේ බඩ පිරෙන්නේ නෑ. (ර)

:       0       0

රාජා Thursday, 30 June 2016 09:57 AM

මේවයින් ආණ්ඩුවේ මඩ සෝදා ගන්න බැහැ. (ම)

:       0       0

කමල් Thursday, 30 June 2016 09:58 AM

ඔන්න සල්ලි අපෙතේ අරින විදිය. (ර)

:       0       0

පණ්ඩුල Thursday, 30 June 2016 09:57 AM

මේ ඇඳුම් වලටයි පෝස්ටර් වලටයි කොච්චර වියදන් යන්න ඇතිද, නැති බැරි ළමයින්ට කලානම් මීට වඩා හොඳ නැද්ද.? (ර)

:       0       0

ලංකා Thursday, 30 June 2016 10:02 AM

වැද හිංසා තුරන් කරන්න පා ගමන් ගිහිල්ලා හරියන්නේ නැහැ. (ර)

:       0       0

හරිත Thursday, 30 June 2016 10:04 AM

දැන් කියයි ද වදහිංසා මහින්දගේ වැඩක් කියලා.? (ර)

:       0       0

ලක්මාල් Thursday, 30 June 2016 10:19 AM

අනේ පාගමන් ගිහිල්ලා හරියයිද.? (ර)

:       0       0

ලංකා Thursday, 30 June 2016 05:38 AM

මෙහෙමත් විගඩම්. මේකට කියක් වියදම් කලාද. (ර)

:       0       0

තිලිණි Thursday, 30 June 2016 05:44 AM

පාගමන් නම් අපිටත් යන්න පුළුවන්. (ර)

:       0       0

රත්න Thursday, 30 June 2016 05:45 AM

වාසනාවන් ! අපි මේ වෙලාවේ පසුගිය දිනවල ගුටි බැට වලට ලක් උන චීන ජාතිකයන්වත් සමරමු නේද... ජය වේවා ... ! (ර)

:       0       0

සුදේශ් Thursday, 30 June 2016 05:52 AM

මීට වඩා හොදයි ඩෙංගුවලින් අපිට වන වද හිංසාව තුරන් කිරීමට පාගමනක්වත් ගියා නම්. (ර)

:       0       0

තබුක් සිල්වා Thursday, 30 June 2016 05:57 AM

මම හිතාගෙන හිටියේ වද හිංසාවලට වැඩිපුරම ලක්වෙන්නේ සෞදි රැකියා නියතු ජනතාව කියලා. (ර)

:       0       0

උපාලි Friday, 01 July 2016 04:21 AM

වද හිංසා නැවත්වීමට අවශ්‍ය වන්නේ වද හිංසා නැවැත්විය හැකි යාන්ත්‍රණයක්. ඒ කියන්නේ වද හිංසා කරන්න කෙනෙකු පොළඹවන හේතු නැති කරන අතරේම වදහිංසා කරන්නන් අධෛර්ය කරන, වදහිංසා කළොත් අනිවාර්යයෙන් එහි ප්‍රතිවිපාකත් ලැබෙන්නට සලස්වන දැඩි දඬුවමද ඇතුළත් යාන්ත්‍රණයක්. ඒකෙ පා ගමන් වලට හිමි තැන ගැන නම් මම දන්නේ නැහැ. (නි)

:       0       0

රොෂාන් Thursday, 30 June 2016 01:31 PM

ඉහල සිට පහලට මිනිසුන්ගේ ආකල්ප වෙනස් කළ යුතුයි. (හේ)

:       0       0

ධම්ම Friday, 01 July 2016 03:38 PM

මම නම් කැමතියි මොන මොනවා හරි කරලා පැවැත්ම තහවුරු කරගන්න එකට (නි)

:       0       0

සෙන්ජී Friday, 01 July 2016 05:35 AM

හැම දේටම තිත, සංවර්ධනයටත් තිත (ම)

:       0       0

නිම්මි Thursday, 30 June 2016 03:05 PM

මේ මොන විකාරයක්ද? දැන් කව්ද වැඩ හිංසා කරන්නේ? පහු ගිය කාලේ නම් අපේ මිනිස්සුන්ට බෝම්බ තිය තියා වද හිංසා දුන්න. දැන් පොලිසිය මිනිස්සුන්ට වද හිංසා දෙනවා . එ්ක ඉතින් රටේ ජනාධිපතිට නවත්තන්න බැරිද? දැන් ගමන් ගිහින් කියන්නේ අපිට නවත්තන්න කියලද ? (බ)

:       0       0

අතුල Thursday, 30 June 2016 03:19 PM

ඇත්තටම හෝමාගම සිදුවීමෙන් අපේ රටේ මහජන නියෝජිතයෝ මොනතරම් විනය රූකඩද කියලා පේනවනේ (නි)

:       0       0

සත්‍යපාල Friday, 01 July 2016 05:41 PM

ඇයි මේකට පොලිසිය සම්බන්ධ වෙන්නේ. මානව හිමිකම් පැමිණිලි වලින් 80% ක් විතර එන්නේ පොලිසියට විරුද්ධව. (නි)

:       0       0

විමල් Thursday, 30 June 2016 07:48 AM

සංහිදියාව තියෙද්දී මොන වද හිංසාද ? (ර)

:       0       0

අයිරා Thursday, 30 June 2016 07:53 AM

හැමදාම දිනය සමර සමර හිටියම ඇති. කිසිම දේකට ව්සදුමක්නම් පේන මානයකවත් නෑ. (ර)

:       0       0

සමන්ත Thursday, 30 June 2016 04:24 PM

නිම්මි, වදදෙන්නේ කවුද කියල ගිහින් අර වීඩියෝ එක බලන්න. පසුගිය රජයේ ගෝලයෝ මිනිසුන්ට තවම අල්ලගෙන ගහනවා. ඒවා නවත්වන්නයි පා ගමන් යන්න ඕනෑ (නි)

:       0       0

අනිල් Thursday, 30 June 2016 06:30 PM

අපේ රටේ තිබුණ වදහිංසා කළ ත්‍රස්තවාදය ඉවරකළා කලින් ආණ්ඩුවෙන්. මේ කරන්නේ අපේ රටේ තාමත් වදහිංසා කරනවා කියමින් ජිනිවා යන බටහිර රට වලටත්, ඩයස්පෝරා සංවිධාන වලටත් තව තවත් උඩගෙඩි දෙන්න අපිම ඒවා පිළිගැනීමක් නොවෙයිද? අපේ රටේ කොහෙද ඔහොම වදහිංසා තියෙන්නේ? ගෘහස්ත හිංසනය නම් වෙනම දෙයක්. එ්ක නොවෙයිනේ මේ කියන්නේ. (නි)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Thursday, 30 June 2016 07:00 PM

නිම්මි, ඔයා කියන්නේ බස්, දුම්රිය, බැංකු, ශ්‍රී මහා බෝධිය, දළදා මාළිගාව, අරන්තලාව, ජනාකීර්ණ තැන් වල තියපු ඒවාද? මේක 88- 89 කාලවල ඒවාටත් වලංගු නැද්ද? (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Thursday, 30 June 2016 08:41 AM

පොලිසිය තමා ඉසේල්ලාම මේක පිළිපදින්න ඕනා. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 538 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 117 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 322 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site