IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


වීදි දරුවන්ටත් ජීවන වියදම් දීමනාවක්

(අංජුල මහික වීරරත්න)

ආයතනික රැකවරණය හෝ භාරකාරත්වය යටතේ වන ළමුන් සහ වීදි ළමුන් සඳහා ජීවන වියදම් දීමනාවක් ලබා දීමේ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

මාපියන් අහිමි වීම, භාරකාරීත්වය අහිමි වීම, මව සහ පියා යන දෙදෙනාම හෝ ඉන් එක් අයෙකුගේ හෝ භාරකාරිත්වය යටතේ සිටියද, ජීවත් වන නිවස තුළ නිසි රැකවරණය සහ ආරක්ෂාව නොමැති දරුවන්ට මෙන්ම අනාථ හා අත්හරිනු ලැබූ දරුවන්ට රැඳවුම් නිවාස /ළමා සංවර්ධන මධ්‍යස්ථාන තුළ ආයතනික රැකවරණය ලබා දෙනු ලබයි. 

2024 වර්ෂය අවසාන වන විට රජය, ස්වේච්ඡා සංවිධාන හා රාජ්‍ය නොවන සංවිධාන මඟින් රට පුරා පවත්වා ගෙන යනු ලබන ළමා සංවර්ධන මධ්‍යස්ථාන 356 ක ළමුන් 9,191 ක් පමණ නේවාසිකව රැකවරණය ලබමින් සිටින බව වාර්තා වී ඇත. 

ආයතනික රැකවරණය හා භාරකාරීත්වයේ සිටින ළමුන් සහ විදි ළමුන් සඳහා මාසිකව රුපියල් 5,000/- ක දීමනාවක් ලබා දීම සඳහා රුපියල් මිලියන 1,000ක ප්‍රතිපාදන 2025 වර්ෂය සඳහා වන අයවැය මඟින් වෙන් කරනු ලැබ ඇත. ඒ අනුව, යෝජිත ජීවන වියදම් දීමනාව පහත සඳහන් පරිදි ගෙවීමටත්, එම වැඩ සටහන තිරසරව හා ඵලදායීව පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය මග පෙන්වීම සහ පසු විපරම් කටයුතු සඳහා කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම්ගේ සභාපතීත්වයෙන් සහ අනෙකුත් අදාළ ආයතන වල නිලධාරීන්ගෙන් සමන්විත ජාතික මෙහෙයුම් කමිටුවක් පත් කිරීමටත් කාන්තා සහ ළමා කටයුතු ඇමතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* රුපියල් 5,000 ක ජීවන වියදම් දීමනාවෙන් රුපියල් 3,000 ක් භාරකාරීත්වය යටතේ සැලසිය යුතු අධ්‍යාපන, සෞඛ්‍ය සහ අනෙකුත් සුබ සාධන වියදම් වෙනුවෙන් ළමයා රැඳී සිටින සංවර්ධන මධ්‍යස්ථානයට හෝ භාරකාරිත්වය දරන්නාට ජාතික ඉතිරි කිරීමේ බැංකුව හරහා ලබා දීම.

* ඉතිරි රුපියල් 2,000 ක මුදල දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ දරුවාගේ නමින් වූ ඉතිරි කිරීමේ ගිණුමක මාසිකව තැන්පත් කිරීම.



අදහස් (2)

වීදි දරුවන්ටත් ජීවන වියදම් දීමනාවක්

රුවන් Tuesday, 17 June 2025 05:09 PM

කිරුළපන, නාරහේන්පිට කුඩා ළමයින්ට මත්ද්‍රව්‍ය පොවලා සමහරු හිඟාකනවා. ඇත්තටම ඒ ළමයි කුලියට ගන්න අය, මේවාට රජය වැඩපිළිවෙළක් හදන්න ඕනේ...

:       0       14

Dinesh Tuesday, 17 June 2025 06:23 PM

දරුවන්ව කුඩා කල සිටම කැමැති කෙනෙක් සිටි නම් ඔවුන්ට දරුකමට හදාගැනීමට පහසුකම් සලසා දෙන්න. නීතිරීති යාවත්කාලීන විය යුතුයි මහජනතාවට පහසු ආකාරයට. ලංකාවේ යල් පැන ගිය නීතිරිති නිසා මිනිසුන් අපරාධ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත වේ...

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 345 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site