IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


විදුහල්පති මව සමග උරණවී දරුවන් තිදෙනා පාසලෙන් පන්නලා

(බී.ජී.චතුරංග)

මවක, විදුහල්පතිවරයා සමඟ ඇති කර ගත් ආරවුලකින් අනතුරුව  දරු තිදෙනා පාසලෙන් එළියට දැමීමේ සිද්ධියක් අනුරාධපුර ප්‍රදේශයේ පාසලකින් වාර්තා වෙයි.

තම දරුවන් තිදෙනා උදෑසන ආහාර ගනිමින් සිටියදී විදුහල්පතිවරයා තමා ඉදිරිපිටදීම පාසලෙන් එළියට දැමූ බවත්, නාම ලේඛනය ගෙන නම් කපා දමන ලෙසට එක් ගුරුවරියකට දැනුම්දුන් බව ද මව්පියෝ පිරිසක් කියති.

විදුහල්පතිවරයා කාන්තාවක් සමග කාර්යාලයේ සිටින විට කාර්යාලයේ දෙස බලමින් ගමන් කළ දරුවන් කිහිප දෙනකුට ද දෙනකුට ද මෙම විදුහල්පතිවරයා බැන වැදීමෙන් අනතුරුව විදුහල්පති කාර්‍යාලයට යෑමට ද ඇතැම් දරුවන් බිය පළ කරන බවද එම දෙමව්පියෝ පැවසූහ.

මෙම සිද්ධියට මව්පියන් පිරිසක් විරෝධය කළ කර අතර  පොලිසිය පැමිණ සිද්ධිය සමථයකට පත් කිරීමට පියවර ගත්තේය. 

මේ සම්බන්ධයෙන් අප සිදුකළ විමසීමකදී අදාළ පාසලේ විදුහල්පතිවරයා මෙසේ පැවසීය.

ළමයින්ට සෙල්ලම් කිරීමට කලයක් රැගෙන යාමට කාර්යාලයට පැමිණි අවස්ථාවේදී, මෙම මව පාසල් භූමියේදී මට පරුෂ වචනයෙන් බැණ වැදුනා. සම්බන්ධයෙන්ම පොලිසියේ පැමිණිල්ලක් සිදු කළා.ඒ අය හොඳ අය නෙවෙයි, ඔය විරෝධතා දක්වන්නේ  එකම පවුලක මුණුපුරන්, දෙමව්පියන් සහ ආච්චිලා සීයලා පිරිසක්,මට කිසිම ඕන කමක් නෑ මේ පාසලේ බලහත්කාරයෙන් රැඳී සිටින්න, මාරුවක් ආවොත් හෙට වුණත් මම යන්න සූදානම්. මේ අය බැලුවා මාව අල්ලස් චෝදනාවකට ලක් කරන්න, බැරිම තැන දැන් හදනවා අනියම් සම්බන්ධකම් තියෙනවා කියලා මගේ චරිතය ඝාතනය කරන්න.



අදහස් (17)

විදුහල්පති මව සමග උරණවී දරුවන් තිදෙනා පාසලෙන් පන්නලා

ජයනාත් Tuesday, 11 October 2022 04:51 PM

ඔලුව උදුම්මවාගත්තු විදුහල්පතිවරු රැසක් අද පාසල් වල ඉන්නව . මම පරිපාලන 1 පන්තියේ , විදුහල්පති 1 පන්තියේ කියමින් තමන්ට වඩා ඉහලින් කපුටකුවත් නොයා යුතුය කියන අය නිසා අද පාසල් පද්ධතිය වැනසෙමින් යනව.

:       1       61

ඉද්දමල්ගොඩගේ ආරියදාස Wednesday, 12 October 2022 07:43 AM

ජයනාත් සහතික ඇත්ත කියන්නෙ .මේකට කාළකණ්නි දේශපාලුවො වගකිවයුතුය. මොකද මේ විදුහල්පති උන්දැලා බොහොමයක් දේශපාලන කටයුතුවල යෙදෙන ගැත්තො මේවා ඇතිවුණේ පළාත් සභා නිසා කියලා කියන්න පුළුවන්

:       0       17

ලෙස්ලි හර්බට් විජේසිංහ Tuesday, 11 October 2022 05:21 PM

කොස්සෙන් ගහනව පාසලෙන් නෙරපනව මරු විදුහල්පති වරු නිකන් පාසලෙන් මාරු කරල බැහ කණ කට හොදට අත ගාලා යවන්න ඕනේ

:       0       12

Pradeep Kumara Tuesday, 11 October 2022 05:21 PM

ඒත් විදුහල්පති තුමෝ ඔය වගේ දෙමව්පියන් සමග තියන ප්‍රශ්ණයකට දරුවන්ගෙන් පලි ගන්න තරම් මනසින් පහලට වැටුනේ ඇයි?

:       0       28

Sas Tuesday, 11 October 2022 05:27 PM

සමහර විදුහල්පති වරු හැසිරෙන්නේ පිස්සෝ වගෙයි. මෙවැනි තත්ත්වයක් ඇති වීමට කලාප අධ්‍යාපන කාර්යාල වල නිලධාරීන් ගේ අකාර්යක්ෂම තාවය ද හේතුව කි.

:       0       16

ගමේ එකාලා Tuesday, 11 October 2022 06:24 PM

විදුහල්පති හිතාගෙන ඉන්නේ පාසැල එයාගේ අම්මා අප්පගේ දේපළ කියලා..ඔය මනුස්සයාගේ කනෙන් ඇදලා එළියට දාන්ඩ කවුරුවත් හිටියේ නැද්ද . ජෝෂප් ස්ටාලින් මේ ගැනත් හොයලා බලයි.

:       2       54

රාජපුර Tuesday, 11 October 2022 06:55 PM

ඒ අය හොද අය නොවෙයි කියන්න විදුහල්පතිට ශක්තියක් කොයින්ද මෙයා මාරුවක් ඉල්ලා නොලැබුණ නිසා මෙහෙම කරනවා වෙන්න පුළුවන් සොයා බලන්න.

:       2       53

soma Tuesday, 11 October 2022 07:39 PM

සමහර පතිලා අමාත්‍යංශයෙ ලේකම්ටත් ඉහලින් ඉන්නෙ. ස්ටාලින් මහත්තයා මොනව කියයි ද කියල අපි බලාගෙන ඉන්නෙ..

:       2       9

sampath Tuesday, 11 October 2022 11:23 PM

සේවය අත්හිටුවා පරීක්ෂණ පවත්වා සේවයෙන් පහ කරන්න .දරුවන් පාසලෙන් එලවන්න විදුහල්පතිට තියා කිසිම තරාතිරමක පුද්ගලයෙකුට බෑ .අධ්‍යාපනය ලැබීම දරුවකුගේ මූලික අයිතියක්

:       0       15

Bunny Preena Wednesday, 12 October 2022 10:41 AM

සමහරක් විදුහල්පතිවරුන්ගෙ නරක හැසිරීම් සහ කොටිපති වියාපාරයන් නිසා වැඩගත් විදියට ජීවත්වෙන, කටයුතු කරන විදුහල්පති වරුන්ටත් සමාජයට හරියට මුහුන දෙන්ට බැරි තත්වයක් උදා වෙලා තියෙන්නෙ.. බොහොම කනගාටුදායක තත්වයක්.

:       0       6

Senarath Wednesday, 12 October 2022 10:52 AM

මටනම් හිතෙන්නෙ මෙ දෙගොල්ලොම වැරදි කියල. විදුල්පතිවරයට වැඩක් නැහැ දරුවගෙ දෙමවුපියන්ගෙ වැරදි ගැන කියමින් දරුවන්ට වෙනම විදියකට සලකන්න. දරැවො කියන්නෙ ඔක්කොම දරුවො. එකට හොද දෙමවුපියන්ගෙ දරුවොද නරක දෙමවුපියන්ගෙ දරුවද කියල වෙනසක් කරන්න හොද නැහැ. එ වගෙම දෙමවුපියොත් විදුහල්පතිවරයට ගරුකරල කතාකරන්න ‌ඔ්නෙ.

:       0       10

ganegoda Wednesday, 12 October 2022 11:51 AM

අපිනම් කියන්නේ මේක ගමේ ගොඩේ විදිහට ලොක්කා එලියට එනකම් ඉඳලා හොඳ සබ්බුවක් දෙමු කියලා

:       2       5

sharm warn Wednesday, 12 October 2022 12:03 PM

අරගල බිමට දරුවන් ගෙනයාම ගැන පරීක්ෂන පවත්වන ළමා ආරක්ෂක අධිකාරියේ කට්ටිය මේ ගැන මොකද කියන්නේ?

:       0       9

podiaarachchi Wednesday, 12 October 2022 07:40 PM

අපි දැන් ලොක්කාව අහුවෙනකම් තමයි ඉන්නේ... දෙන්නේ ටයි කෝට් දාලා දුවන්න.

:       0       4

M.H.Deeganatha Wednesday, 12 October 2022 09:53 PM

විදුහල්පතියි , පොලීසියයි දෙකම රජයෙනේ !

:       0       1

සුගලා Thursday, 13 October 2022 09:58 AM

විදුහල්පතිලා කියන්නේ අද ගොඩක් දේශපාලන හෙන්චයියලා. ඉගෙන ගත්තත් මොලේ කලඳක් නැ. බුද්ධිය කියලදෙයක් දන්නෙත් නැ. තීන්දු තීරනගන්නේ කොහොමද මේ අය.

:       0       3

LGPJ Friday, 14 October 2022 06:12 AM

He is one of Principals without principles at least dear teachers.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1765 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1449 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 520 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site